|

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා

ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත.

මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා කියයි.

ආර්ථික ස්ථාවරත්වය ගොඩනංවා ගැනීම සඳහා තුන් වැනි වාරිකය ලබා දීම පිළිබඳ මෙහි දී සලකා බැලෙන අතර ඊට සියලුම රටවල අඛණ්ඩ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *