|

වැල්පාලමේ කතාව – නීතිඥ සමින්ද කෝණාර 

pinterest sharing button
email sharing button
sharethis sharing button

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනකොට අනුර කුමාර මහත්තයා කිව්වෙ රනිල්ට ජනවරමක් නෑ ඒ නිසා ජනවරමක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නෙ නැහැ කියලා.

ඒත් රනිල් ඒ සියල්ල බොරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට රටට අවශ්‍ය ණය ලබාගත්තා වගෙම ණය ප්‍රතිව්‍යුහගත කරනය පටන්ගත්තා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැතිකලා, පැය 24ම විදුලිය දුන්නා, මිනිස්සුන්ට කන්න බොන්න සහ මූලික අවශ්‍යතා සපුරගන්න අවශ්‍ය පරිසරය ඇතිකලා, ආර්ථික ස්ථාවරත්වය ඇති කලා, උද්ධමනය අවම කලා,

ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ ගමන හරියට හුනුවටේ කතාවෙ ගෲෂා විසින් මයිකල් කුමාරයා අරගෙන වැල් පාලමෙන් එගොඩ කල ගමන වගේ අවධානම් ගමනක් කියලා එදා කිව්වම අනුර කුමාර මහත්තයලා කිව්වෙ රනිල් ඔය වැල් පාලමෙන් එගොඩ කරන්න හදන්නෙ ලංකාව නෙවෙයි නාමල් බේබියි රාජපක්ෂවරුයි කියලා නතර උනේ නැහැ රනිල් රාජපක්ෂ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයව ලේබල් කලා. වයසක මනුස්සෙක්ට රටේ පාලනය තියා ගෙදර යතුරවත් දෙනවද කියලා අපහාස කලා. රනිල්ගෙ කලිසම ගැන කියලා උපහාසයෙන් හිනා උනා.

එදා රනිල්ට එහෙම අපහාස උපහාස කරපු අනුර කුමාර මහත්තයම දැන් පිලිගන්නවා ණය ප්‍රතිව්‍යුහගත කරනය වෙනුවෙන් රට ඇතුලෙ විය යුතු කාර්යය ජනපති රනිල් විසින් ප්‍රමානවත්ව සිදුකරලා කියලා. ඒ විතරක් නෙවෙයි රනිල් එදා කියපු වැල්පාලමේ කතාවම අරගෙන අනුර කුමාර මහත්තයා කියන්නෙත් අපි දැන් වැල් පාලමේ මැද ඉන්නෙ ආපහු වැටෙන්නත් බෑ මේකෙම තමයි අපිට ටික දුරක් ඉස්සරහට යන්න වෙන්නෙ. මේ ප්‍රතිව්‍යුහගත කරනය නැතුව ඉස්සරහට යන්න බෑ කියලා.

ප්‍රශ්නෙ තියෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉන්න ජනාධිපති අපේක්ෂකයෙක් උනු අනුර කුමාර මහත්තයම තමන්ගේ ප්‍රතිවාදියෙක් උනු වත්මන් ජනපති රනිල් විසින් රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත්කිරීම වෙනුවෙන් දැනට ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙළ සුදුසුයි මම ආවත් ඒකෙම ඉස්සරහට යන්නෙ කියලා කියනවා නම් රනිල්ගෙ වැඩපිළිවෙළ සාර්ථකයි කියන්න ඊටවඩා ඔබට අපිට සහතිකයක් අවශ්‍යද කියලයි අපි හිතන්න ඕනි. ඊලඟ කාරනාව අනුර කුමාර මහත්තයා එහෙම කියද්දි ඒ වැඩ පිලිවෙල ඊටවඩා හොඳට ක්‍රියාත්මක කරන්න රනිල්ට වඩා කවදාවත් ආන්ඩුවක් නොකරපු අනුර කුමාර මහත්තයට පුළුවන් කියලා කව්රු හෝ ඔහුගෙ ප්‍රතිවාදියෙක් සහතික වෙනවද කියලත් ඊලඟට අපි බලන්න ඕනි. මොකද අනුර කුමාර මහත්තයලගෙ අර වයසක කෙනෙක්ට ගෙදර යතුරවත් දෙනවද යැයි කියූ තර්කය අනුවම එහි ඊලඟ දිගුව විදිහට අපිට අහන්න තියෙන්නේ වාහනයක් පැදපු නැති පදින්න දන්නෙ නැති කෙනෙකුට වාහනේක යතුර දෙන්න පුලුවන්ද කියල සහතිකයක් කවුරු හෝ දෙනවද කියලා විතරයි.

ඒ හින්දා අනුර කුමාර මහත්තයත් එහෙම කිව්වනම් ඒ වැඩපිළිවෙළ හොඳටම ක්‍රියාත්මක කරපු රනිල්ට අර අනුර කුමාර මහත්තයා නැතැයි කියූ ජනවරමත් අරන් දීලා ඉදිරි අවුරුදු පහ තුල රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරීමේ වගකීම පවරන්න දෙපාරක් හිතන්න අවශ්‍යද කියලා මේ රටේ ඡන්ද දායකයො බුද්ධිමත්ව හිතලා බලන්න ඕනි. මොකද මේ අද ජනාධිපති වීමේ සිහින දකින දේශපාලන පක්ශ නායකයින් කවුරුත් ඔබේ, මගේ, රටේ වගකීමක් බාරගන්න හිටියෙ නැති මොහොතක, කව්රුත් කර ඇරි මොහොතක, කොන්දේසි දැමූ මොහොතක, කව්රුත් කයිවාරු ගැසූ මොහොතක තනි මන්ත්‍රී අසුනක් පමනක් ඇතුව ඔබේ මගේ රටේ වගකීම බාරගෙන වසර දෙකක් ඇතුලත එහි ප්‍රගතියක් සාර්ථකත්වයක් ලබා දුන් රනිල්ටම ඒ කාර්යය අවසන් කිරීමේ වගකීම නැවත පැවරීමේ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් රටේ බහුතර ඡන්ද දායකයින්හට උභතෝකෝටිකයක් ඇති නොවන බව මගේ විශ්වාසයයි.

ඊලඟ කාරනාව අනුර කුමාර මහත්තයා කිව්වා වගේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනය සාර්ථකව අවසන් කරපු රනිල් එතනින් නොනැවතී විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරනය ගැනත් ණය හිමියන් සමග සාකච්ඡා කලා. රනිල්ගෙ බලාපොරොත්තුව තමයි ජූනි මාසෙ අවසන් වෙනකොට විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරනයත් අවසන් කිරීම පමණක් නෙවෙයි ඒතුල ගෙවිය යුතු ණය බරින් ඩොලර් බිලියන 17 පමන ප්‍රමානයක් අඩු කරගැනීම.
ඒ නිසා අනුර කුමාර මහත්තයා බලයට ඇවිත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරනය ගැන සිහින දැක්කත් හිටියට රනිල් තමන් බාරගත්ත වගකීමෙ කොටසක් හෝ තව කෙනෙකුට නොපවරා සම්පූර්ණයෙන් රටට අවශ්‍ය සහන ලබා ගනිමින් ඒ වැඩ කොටස ඊලඟ ජනාධිපතිවරණයට කලින් අවසන් කිරීමට සැලසුම් හදලා ඉවරයි.

එහෙම කරපු රනිල් ඊලඟ ජනාධිපතිවරණ ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ තමන් බාරගත්ත වගකීම අපේක්ශිත කාලයටත් කලින් ඉටුකල සාර්ථක නායකයෙක් විදිහට. ඉතිං එහෙම සැලැස්මක් ඇති, වැඩපිළිවෙළක් ඇති, වැඩක් කරන්න දන්න, නායකයෙක් සහ කවදාවත් වැඩක් නොකරපු, අපිට දෙන්න අපි කරන්නම් ඊට වඩා හොඳට යැයි කටමැත දෙඩූ සහ ප්‍රශ්නෙන් මගහැර ගිය, අත්දැකීම් නැති කයිවාරුකරුවන්ට රට බාරදී අර අනුර කුමාර මහත්තයා කිව්වා වගේ අපි ආයෙත් වැල් පාලමෙන් බිමට වැටෙනවාද නැද්ද කියලා රටේ බුද්ධිමත් ජනතාව නිවැරැදිව තීරණය කල යුතුය.

නීතිඥ සමින්ද කෝණාර 

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *