දිලිත්ගේ පක්ෂයේ සභාපති අමුණුගම ඉල්ලා අස්වෙයි

ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට ඉදිරිපත් වී ප්‍රචාරක කටයුතු වල යෙදී සිටින ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ඇමති සරත් අමුණුගම මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ.

අමුණුගම මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක දිලිත් ජයවීර මහතා වෙත යවා ඇති බව වාර්තා වෙයි.

මව්බිම ජනතා පක්ෂය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම් කිහිපයක් සමග නව සන්ධානයක් බිහි කර ගැනීමත් සමග මෙම ඉල්ලා අස්වීම සිදු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *