” විකල්පයක් තිබේ ද ?” – මහජන සම්මණ්ත්‍රණය 29 දා

 

ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් ලෙස සංවිධානය කළ ” විකල්පයක් තිබේ ද ?” සංවාදශිලී සම්මන්ත්‍රණය 2024 මැයි මස 29 වෙනි දින ප.ව. 3.00 ට කොළඹ 07, ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිත දේශකයන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍ය රාසමානික්කම් සහ ග්‍රන්ථ කතුවර ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ.අමරතුංග සහභාගි වේ.

රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධාන ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ ඇසුරෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී  සී.ජේ අමරතුංගයන් විසින් සකසන ලද ” විකල්පයක් නැත – ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක්” පොත් පිංච ජනගත කිරීම ද මෙහි දී සිදු කිරීමට නියමිත ය.

‘අලුත් කතාබහ’, ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ , ‘නිදහසේ වේදිකාව’ ඇතුළු සිවිල් සංවිධාන සහ පුද්ගල එකතුවක් වන’We Have a Dream’ සාමුහිකය විසින් සම්මන්ත්‍රණය සංවිධානය කොට ඇත.

ආර්ථික අභියෝගයන් ගැන දැනුවත්වීමට කැමති සැමට ආරාධනය කෙරේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *