ජනපතිවරණයට බිලියන 10 ක් මැතිවරණ කොමිසමට ලබාදෙයි

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 මුදලක් මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් ඒ එම් එල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ යැයි එම වාර්තාවේ සඳහන් ය.

වෙනත් කිසිදු මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසමට මුදල් ලබා දී නැත.

මෙම වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මෙම මුදල් ලබා දී ඇත.

ඒ අනුව අවශ්‍ය කටයුතු කිරීම මැතිවරණ කොමිසම මේ වන විටත් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *