|

ලන්සා පොහොට්ටුවෙන් කීයක් ගලවයිද? – රටේ රාළ

ශ්රිලනිප සභාපති විදිහට මෛත්රී – විජේදාස පාර්ශවයෙන් පත්කරගත්ත ඇමති විඡේදාස රාජපක්ෂට සහ වැඩබලන ලේකම් උඩවත්තට තවත් අධිකරණ වාරණයක් පනවලා.ඒ හින්දා ආයෙත් ශ්රිලනිපය ඇතුලේ චන්ද්රිකා – දුම්න්ද පාර්ශවය යම් තරමකට බලවත් වෙලා තියනවා. කොහොම උනත් ශ්රිලනිප සැබෑ අයිතිකරුවන් කවුද කියන එක අධිකරණයෙන් බේරලා දෙනකං ප්රශ්නය ඉවර වෙන්නේ නෑ.
එතකන් සියලු පාර්ශවයන්ට වෙන වෙනම තමයි තමන්ගේ දේශපාලන කටයුතු කරන්න වෙන්නේ. ශ්රීලනිපය දැන් තියෙන්නේ දැඩි විසිරුණ ස්වරූපයක.මෛත්රී – විඡේදාස පාර්ශවයේ කටයුතු බොහොමයක් දැනටත් සිද්ධ වෙන්නේ රහසිගතව.සමහර ඒවා මෛත්රී දන්නෙත් නෑ.දැන් සියල්ල විජේදාසගේ මෙහෙයුමට යටත්.විජේදාස ශ්රිලනිපය ඇතුලේ බලය තහවුරු කරගන්න උත්සාහ කරන ගමන් එතනින් පස්සේ ශ්රිලනිපය එක්ක ගැට ගැහෙන්න එළියේ බලවේගත් සූදානම් කරමින් ඉන්නවා.
දේශපාලන සාධකවලට අමතරව යාළු මිත්රකම් වගේම කුල සාධකයටත් එතනදී මුල්තැනක් හිමිවෙලා තියනවා.මේ පාර්ශව දෙක අතුරෙන් චන්ද්රිකා – දුමින්ද පාර්ශ්වයේ කටයුතු පහුගිය දවස්වල වේගයෙන් ඉදිරියට ගිය බවක් පේනවා. එයාලාගේ පළවෙනි උත්සාහ වෙලා තියෙන්නේ මෛත්රී විසින් කඩාකප්පල් කරපු ශ්රිලනිප – ලන්සා සන්ධානයේ කටයුතු ඉක්මනින් ආරම්භ කරන්න.
ඊට අදාලව මූලික සාකච්ජා ගණනාවක් පසුගිය ආසන්න කාලය ඇතුලේ සිද්ධවුනා.ඒ සාකච්ජා පළල්විමත් එක්ක ලන්සලා – ශ්රිලනිපය අතර තිබුණ සාකච්ජා පාර්ලිමේන්තුවේ තවත් පළල් කවයක් අතරට ගිහින්.පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් අතර නව සන්ධානය අද ජනප්රිය මාතෘකාවක් වෙලා.සජබය,උත්තර ලංකා සභාගය සහ තවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර විතරක් නෙවෙයි පොහොට්ටුවේ මන්ත්රීවරුන් අතරත් ජනප්රිය මාතෘකාවක් බවට ලන්සා – ශ්රිලනිප නව සන්ධානය පත්වෙලා.
ඒක තේරෙන්නෙ පහුගිය දවස්වල ප්රසිද්ධියේ සහ අප්රිසිද්ධියේ සිද්ධවුන සාකච්ඡාවලින්.ලන්සලා සහ ශ්රිලනිප චන්ද්රිකා – දුමින්ද පාර්ශ්ව සැලසුම් කරන්නේ ලබන මාසයේ දැවැන්ත රැස්වීම් දෙකකින් එයාලගේ සන්ධානය එළියට දාන්න.මේ ජන රැලිවලින් පළවෙනි එක ජූනි 08 වෙනිදා හම්බන්තොටත්,දෙවෙනි එක ජුනි 28 වෙනිදා මොණරාගලත් පවත්වන්න කටයුතු කරලා තියනවා.
පලවෙනි ජන රැලිය හම්බන්තොට තේරීමේ විශේෂ අරමුණක් තියෙන්න ඕනි කියලයි රටේ රාළ හිතන්නේ.පහුගිය අවස්ථා දෙකකදී ජනාධිපති රනිල් කැදවපු මැතිවරණය කමිටුවට ලන්සා පාර්ශ්වය ගිහින් තිබුණේ නෑ.ඒ කමිටුවට රනිල් බැසිල්ට ආරාධනා කිරීමත් එක්ක තමයි ලන්සලා ඒ කම්ටුව වර්ජනය කරන්න පටන් ගත්තේ.ඇත්තටම ගත්තොත් මේ වෙලාවේ සෘජුව රාජපක්ෂ විරෝධය නියෝජනය කරන්නේ ලන්සාගේ කණ්ඩායමයි.
මාලිමාවවත්,සජබයවත් ඒ තරම් රාජපක්ෂ විරෝධයක් නියෝජනය කරන්නේ නෑ.හැබැයි මෙතන වෙනසකට තියෙන්නේ ලන්සලා රනිල් විරෝධී ස්ථාවරයක නොසිටීම සහ එයලා දැඩි මාලිමා සහ සජිත් විරෝධයකුත් නියෝජනය කිරීමයි.ඒ වගේම මෙතන තවත් දෙයක් තියනවා.ලන්සලා රාජපක්ෂ විරෝධය නියෝජනය කළාට එයාලා පොහොට්ටු විරෝධීන් නෙවෙයි.
රාජපක්ෂලාගේ පවුල් පාලනයට පොහොට්ටුව යටකර ගැනීමට ලන්සලා විරුද්ධ බවයි පේන්නේ. ලන්සලා සජිත් විරෝධී උනාට ඒ තරම් ලොකු සජබ විරෝධයක් පෙන්නන්නේ නෑ.සජිතුත් කරලා තියෙන්නේ රාජපක්ෂලා වගේම ප්රේමදාස පවුලේ අණසකට සජබය යට කරගැනීම බව සජබය හරියට විශ්ලේෂණය කරගත්තොත් පේනවා. සජබ කීපදෙනෙක් ලන්සලා එක්කත් ඉන්නවා. ඒක හින්දා ලන්සා කණ්ඩායම සහ ශ්රිලනිපය එකතුවෙලා පිහිටවන මේ නව සන්ධානය බොහෝම දෙනෙකුට නවාතැන් පොලක් වෙන්න තියන ඉඩ වැඩියි.
නව සන්ධානයේ ආරම්භ රැලිය හම්බන්තොට තියන එකෙන් එයාලා එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් බිම දාන්න හදන බව පේනවා. හම්බන්තොට කියන්නේ රාජපක්ෂවරුන්ගේ බලකොටුව.තමන්ගේ බලකොටුවට ඇවිල්ලා ලන්සලා සෙල්ලම් දැමීම අභියෝගයක් විදිහට රාජපක්ෂලා බාර ගන්න පුළුවන්.මේ රැලියටත් රාජපක්ෂගෙන් විවිධ මට්ටමේ බාධා එන්න පුළුවන්.
එන සෙනඟ නවත්ත අනිවාර්යයෙන් ට්රයි කරයි.ඒ ගැන කල්තියාම සූදානමකින් ලන්සලා හිටිය බව පේනවා.හම්බන්තොට දිස්ත්රික්කයයේ තංගල්ල ආසනයේ රැලිය තියන්න සැලසුම් කලත් තවත් පිට්ටනි කීපයක් බුක් කරලා කියලා ආරංචියි. ලන්සලාට එතනදී රාජපක්ෂලාගේ අභියෝගයට මුහුණ දෙන්න අමරවීර වගේ කෙනෙක් ඉන්න එක ලොකු හයියක්.අමරවීර දැනටමත් රැස්වීමේ සංවිධාන කටයුතු සහ පිරිස් සහභාගීත්වය බාර අරන්.
20000 කට වැඩි පිරිසක් සහභාගී කරවන්න තමයි අමරවීර ට්රයි කරන්නේ.ඇත්තටම රාජපක්ෂලා හම්බන්තොට දේශපාලන දැවැන්තයෝ විදිහට පෙනී හිටියට හම්බන්තොට දේශපාලනයේ දැන් දැවැන්තයෝ බවට පත්වෙලා ඉන්නේ සජබය සහ මාලිමාවයි.ඒක නිසා ලන්සා – ශ්රිලනිප සන්ධානයේ මේ රැලිය එයාලටත් අභියෝගයක්.
සෙනගවලින් ජයග්රහණය මනින්න බැරි උනත් අපේ රටේ දේශපාලනයේ දැවැන්ත උත්තේජනයක් ඇති කරන්න රැලිවලට සහභාගී වන සෙනගේ පිටත පෙනුම බලපානවා.ඒක නිසා මේ රැලිය සාර්ථක කරගන්න අමරවීරගේ පැත්තෙන් ලොකු උත්සාහයක් දරයි.මොකද මේ රැලියෙන් හැදෙන පෞරුෂය අමරවීරගේ දේශපාලනටත් පෙරලා බලපානවා.හරියට වැඩේ ගැහුවොත් රාජපක්ෂලා අභිබවා යෑමේ අමරවීරගේ සිහිනයත් සැබෑවෙන පළවෙනි පියවර මෙතනින් තියාගන්න පුළුවන්.
ඒ වගේම වැටිලා ඉන්න ශ්රිලනිප පාක්ෂිකයාට මේ රැලියේ සාර්ථකත්වය නව උත්තේජනයක් වෙයි. මේ රැලියත් එක්ක නව සන්ධානය ප්රකාශයට පත් වෙන නිසා මේ රැලිය ගැන විශාල අවධානයක් ජාතික වශයෙන් යොමු වෙනවා.ඒ කියන්නේ රැලියේ වේදිකාව ගැන ඇතිවෙන අවධානය අති විශාලයි.පක්ෂ විපක්ෂ විශාල මන්ත්රීවරු සංඛ්යාවක් මේ වේදිකාවට ගොඩවෙන බවට ආරංචි පැතිරිලා.
ඒ ආරංචියත් එක්ක වැඩිපුර කළබල වෙලා ඉන්නේ රාජපක්ෂලා බව පැහැදිලියි.එක පැත්තකින් රනිල් ප්රසන්න හරහා සෑහෙන පොහොට්ටු මන්ත්රීවරු පිරිසක් ගලවගෙන. කැබිනට් එක සහ රාජ්ය ඇමතිවරු එතන ගොඩක් ඉන්නවා.ලන්සලා මෙතනදී පසු පෙල මන්ත්රීවරු ටාගට් කරන්න තියන ඉඩ වැඩියි.මේ සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එකතු කිරීමේ වගකීම බාරව තියෙන්නේ නිමල් ලන්සාට.
ලන්සා ඒ මෙහෙයුම කළේ කාලෙක ඉදන්.ඒ හින්දා ලන්සලා ළඟත් ස්ථාවර මන්ත්රී සංචිතයක් ඇති කියලා හිතන්න පුලුවන්.ලන්සලාට ඒක එලියට දාන්න අවස්ථාවක් ආවේ නැත්තේ මෛත්රී ශ්රිලනිප ඇතුලේ නටපු දේශපාලන නාඩගම හින්දයි.මේ සන්ධානය හැදීමෙන් වෙන්නේ පොහොට්ටුවේ විතරක් නෙවෙයි විපක්ෂයේ තියන පොඩි පොඩි පක්ෂ හේදිලා යන එකයි.විමල්ගේ ජාතික නිදහස් පෙරමුණත් ලොකු හොදාපාලුවකට ලක්වන්න පුළුවන්.
හැබැයි මෙතනදී වැදගත් වෙන තවත් කාරණයක් තියනවා.ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්රීලා ගලවා ගන්නවා වගේම ජනතාවත් තමන්ගේ ගොඩට එකතු කරගන්න මේ සන්ධානයටත් ආකර්ෂණීය වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.ලස්සන කතා සහ ආකර්ෂණීය වේදිකා තියන ගොඩක් අයට වැඩපිලිවෙලක් නැති බව දැන් පැහැදිලියි.ඒක නිසා මේ කෙටි කාලය ඇතුලත රටට වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමේ වගකීමත් ලන්සා – ශ්රිලනිප නව සන්ධානයට තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *