මහින්ද ඉවත්වෙනවා කීවේ ඇත්තටමලු ! – නම්බුව බේරාගන්න පවුලෙන් මෙහෙයුමක්

මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිතුමාට රහසේ දුන් පොරොන්දුවට අනුව මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාට නම්බු පිටින් විශ්‍රාම යාමට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බව වාර්තාවෙයි . ඒ මහතා මෙම ඉල්ලීම කොට ඇත්තේ රාජපක්ෂ පවුලේ උදවිය අතර සාකච්චාවක ප්‍රතිඵල ලෙස බවද වාර්තා වී ඇත .

සිංගප්පුරුවේ ලී ක්වාන් යු ට හා මැලේසියාවේ මහතීර් මොහොමඩ් ට ලබාදුන් ආකාරයේ ජේෂ්ට ඇමැති තනතුරක් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස ට ඉල්ලීමක් කර ඇතත් එයට ජනාධිපතිතුමාගේ යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් කියති .

මහ මැතිවරණයෙන් පසුව මෛත්‍රීපාල මහතාට රිසි සේ ශ්‍රී ල නි ප යේ සහ සන්ධානයේ වැඩ කටයුතු කරගන්නට ඉඩදී තමා විශ්‍රාම යන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති බව පසුගියදා පළමුවරට හෙළිදරව් කරන ලද්දේ අපගේ මෙම වෙබ් අඩවිය මගිනි . එම පොරොන්දුව පසෙක තිබියදී සන්ධානයේ පරාජයේ වගකීම ජනාධිපතිවරයා වෙත පටවා දිගටම මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ රඳවා ගැනීමේ උත්සාහයක් ගැනද දැනගන්නට ලැබිණි .

එජාපයෙන් තරඟ කරන පිරිස නෙරපීමට පක්ෂ සමුළුවක් ඉල්ලාසිටීමේ යටි අරමුණ වුයේද ජනාධිපතිවරයා අපහසු තාවයට පත්කිරීමය. ජනාධිපතිතුමා මෙම යෝජනාවට විරුද්ධ වනු ඇතැයි මහින්දවාදීහු අපේක්ෂා කළ ද ජනාධිපතිවරයා පක්ෂ නායක බලතල යොදාගෙන එම පිරිසගේ සාමාජිකත්වය අත්හිටුවීම නිසා මහින්දවාදීන්ගේ සැලසුම අසාර්ථක වීය .

මෛත්‍රී හිතවාදීන්ට එරෙහිව මැතිවරණ ව්‍යාපාරයේදී ගෙනගිය ක්‍රියාමාර්ගද මහින්දවාදීන්ට පාරා වළල්ලක් වී ඇති බවද කියති .

මහින්ද රාජපක්ෂ මහතාට නම්බුපිටින් විශ්‍රාම යාමට ඉඩක් ලබාගැනීමට පවුලේ උදවියගේ මෙහෙයුමක් දියත්වී ඇත්තේ මෙම තත්ත්වය තේරුම් ගැනීමෙන් පසුවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *