සජබෙන් ඉවත් වී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයෙන් ඉවත් වී ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කොට ඇතැයි වාර්තා වෙයි.

ඔහු සමග තවත් පිරිසක් සජබයෙන් ඉවත් වන බව කියති.

පසුගිය අරගලයට ක්‍රියාකාරී ලෙස සහභාගී වූ සරත් ෆොන්සේකා මහතා එමගින් ඇති කරගත් සබඳතා භාවිතා කරමින් ජනාධිපති මැතිවරණ සටන මෙහෙයවීමට සුදානම් වන බව දැනගන්නට ඇත.

සරත් ෆොන්සේකා මහතා තම අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම ලබන මාසයේ සිදුවනු ඇත.

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සරත් ෆොන්සේකා මහතාට දිගින් දිගට සිදු වූ කෙනෙහිලිකම් නිසා සරත් ෆොන්සේකා මහතා මෙම තීරණයට එළඹී ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *