|

රනිල්ට ප්‍රිති වෙසක් – රටේ රාළ

ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තවම නිල වශයෙන් කියලා නෑ.ඒක නිසාම ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද නැත්තං මහ මැතිවරණයද කියන ප්රශ්නය අතර දෝලනය වෙන තැනට ලාංකීය සමාජය පත්වෙලා. රටේ රාළ නං දිගටම කියන්නේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය කියලයි.රටේ රාළ කියන්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් රනිල් ඉස්සෙල්ලා තියන්නේ ජනාධිපතිවරණය කියලයි.
රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්තං රනිල් පාර්ලිමේන්තුව විසුරවලා මහා මැතිවරණයකට යන්න පුලුවන්.දැන් මෙතන එන පලවෙනි ප්රශ්නය තමයි රනිල් ජනාධිපතිවරණයට එනවද,නැද්ද කියන එක. රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා කැට තියලා කියන කීප දෙනෙක් ඉන්නවා.විජේදාස, ඩිලාන්,උදයංග වීරතුංග වගේ අයත් එහෙම කියනවා.හැබැයි එයාලා කියපු කතාවලින් ගොඩක් තියෙන්නේ වැරදුන දේවල්..
ඒක නිසා විජේදාස හරි,ඩිලාන් හරි,උදයංග හරි, බැසිල් හරි කිව්ව පලියට ඒක පිලිගන්න බෑ.රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්න තියන සාධක මොනවාද බැලුවොත් රනිල්ට ජන පදනමක් නෑ කියන එක තර්කයක් විදිහට ගේන්න පුළුවන්.ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට තිබුණේ 2.15 % ක ඡන්ද ප්රතිශතයක්. එතන ඉන්න රනිල් කොහොමද 50% කට වැඩිය ඡන්ද ගන්නේ කියලා තර්ක කරන්න පුළුවන්.
එහෙම නම් ඔය තර්කයේම අනිත් පැත්ත ගත්තොත්,2019 ජනාධිපතිවරණයේදී 3.16 % ක් ගත්ත අනුර දිසානායක කොහොමද 50% කට වඩා වැඩි ඡන්ද ප්රමාණයක් ගන්නේ කියලා තර්ක කරන්නත් පුළුවන්.දැන් කරන සමීක්ෂණවලින් එන ප්රතිපල දිහා බැලුවොත් ආසන්න සමීක්ෂණවල ප්රතිපලවල වෙනසක් ඔයාලට පේනවා ඇති. ඔයාලා සමාජ ස්ථරත් එක්ක සමීප ගනුදෙනුවක් කරනවා නම් ඒ වෙනස ඔයාලටත් දැනෙන්න ඕනි.
රටේ රාළගේ තක්සේරුවට අනුව තවමත් අපේ රටේ කිසිම අපේක්ෂකයෙක් 30% සීමාව ඉක්මවලා නෑ.දැනට ජනාධිපතිවරණ සටනට ඩිරෙක් බැහැලා ඉන්නේ සජිත්,අනුර,සහ දිලිත් විතරයි.ඒකත් වෙලා තියෙන්නේ එයාලා ජනාධිපතිවරණයට අපේක්ෂකයන් විදිහට එනවා කියලා එයාලා කියන හින්දා මිසක් නිල තක්සේරුවකට අනුව නෙවෙයි.
ජනාධිපති රනිල් සම්බන්ධව තියෙන්නේ දිනනවද, නැද්ද කියන ප්රශ්නය නෙවෙයි,රනිල් ජනාධිපතිවරණයට එනවද,නැද්ද කියන ප්රශ්නයයි.හැබැයි අපේ රටේ සිද්ධ වෙන සමීක්ෂණවලට සජිත්, අනුර,රනිල් විතරක් නෙවෙයි නාමලුත් ගන්නවා.රනිල් තරඟයට ආවත් නාමල් නං මේ පාර ජනාධිපතිවරණට කීයටවත් එන්නේ නෑ.ඒකයි රටේ රාළ කියන්නේ ඒ සමීක්ෂණවල දත්ත වගේම පදනමත් වැරදියි කියලා.
දැන් තියන තත්වය ගැන කතා කළොත් අනුර සහ සජිත් උඩින් ඉන්නවා.උපරිම උනොත් දෙන්නම 25% සීමාවේ ඇති.හැබැයි හොඳට බැලුවොත් ඔයාලට පේනවා ඇති අනුර සහ සජිත් අතර තරගයේ දෝලනය වීමක්.පහුගිය සති කීපය ඇතුලේ අනුරට වඩා වර්ධනයයක් සජිත් පෙන්නුවා.රටේ රාළ එකෙන් කියන්නේ අනුරට වඩා සජිත් උඩින් ඉන්නවා කියලා නෙවෙයි.රටේ රාළ කියන්නේ අනුරගේ ජනප්රියත්වය වර්ධනයවීමේ වේගය අඩුවුනා කියලයි.
අනුරට වැඩිය වර්ධන වේගයක් සජිත් පහුගිය කෙටි කාලේ අත්පත් කරගෙන තියනවා.ඊළඟට ඔය සමීක්ෂණවලට ඇතුලත් නොවුනත් දිලිත් සාධකයේත් වර්ධනයයක් තියනවා.මෙතනදී දිලිත් ලබපු ලොකුම ජයග්රහණය තමයි දීපව්යාප්ත පක්ෂයක් බවට එයාගේ මව්බිම ජනතා පක්ෂය පත්වීම සහ ඉතා කෙටි කාලයක් තුල ඒ ක්රියාවලිය සිද්ධවීමයි.මෙතනදී රනිල් සමීක්ෂණයට ලක් වෙන්නේ එක පැත්තකින් රනිල් එයිද නෑද්ද කියන ඩවුට් එකත් තියාගෙන.
රනිල් ජනාධිපතිවරණයට එනවා කියලා කියන තත්වයක් යටතේ ඔය සමීක්ෂණය කලොත් රනිල්ට දැනට තියන ඔය ප්රතිශතය වැඩි වෙනවා. දැන් ඒ ඩවුට් එක තියෙද්දී උනත් අනුර සහ සජිත් එක්ක සන්සන්දනය කරද්දී මේ කෙටි කාලය ඇතුලේ රනිල්ගේ ජනප්රියත්වය වර්ධනය වීමේ ප්රතිශතය අනුරට සහ සජිත්ට වඩා වැඩිවෙලා.ඒ කියන්නේ අනුර එක තැන හිටලා තියෙද්දී,සජිත් 2% ක විතර වර්ධනයක් පෙන්නලා තියෙද්දී රනිල් 5% ක විතර වර්ධනයක් පෙන්නලා තියනවා.
මේ තුන්දෙනා ගත්තොත් අනුර දැන් උපරිමයකට ඇවිත්.සජිත්ටත් තව ගොඩක් දුර නෑ.හැබැයි රනිල්ට තව ගොඩක් දුර තියනවා.යම් විදිහකින් රනිල් බලවේග තමන් වටේට පෙලගහ ගත්තොත් තත්වය තවත් වෙනස් වෙයි.රනිල් ගෙනියන ආර්ථික වැඩසටහන පොලොවේ පැල කරන්න පුළුවන් එකක්.රනිල්ගේ සහන වැඩපිලිවෙල වන අස්වැසුම ජනතාව අතර නැගලා යනවා,ඊටත් වැඩිය උරුමය ඉඩම් ඔප්පු දීමේ වැඩපිලිවෙලින් දැවැන්ත වෙනසකට මුල පුරන්න පුළුවන්.
රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල හැර වෙන විකල්පයක් නෑ කියලා දැන් සජබයට සහ මාලිමාවට පිලිගන්න වෙලා.රනිල් ගෙනියන පුද්ගලීකරණ වැඩපිලිවෙලට දැන් විරුද්ධ වෙන්නේ වෘත්තීය සමිතිකාරයෝ සහ මහින්ද වගේ අවස්ථාවාදී දේශපාලකයන් විතරයි.ඒ පෞද්ගලිකරණ ක්රියාවලිය ඇතුලේ එයාලට ආයතන මංකොල්ලය කන්න සහ ඒවා විකුණමින් දේශපාලනය කරන්න බැරිවෙන හින්දයි.රනිල්ට තියන ලොකුම ප්රශ්නය රනිල් කරන වැඩ ටික හරියට මාකට් කරන්න රනිල්ට බැරි එකයි.
මේ රට බංකොලොත් කරපු තැන ඉදන් මේ දක්වා රනිල් කරපු මැදිහත්වීම මේ රටේ හෘද සාක්ෂිය තියන ජනතාව ප්රතික්ෂේප කරන්නේ නෑ.ඒක නිසා රනිල් දැන් ඉන්නේ ජන මනස ඇතුලේ අමුතු තැනක.රනිල්ට ගොඩක් අය yes කියන්නෙත් නෑ No කියන්නෙත් නෑ.හැබැයි මේ තත්වය ඡන්ද බවට පත් කරගන්න රනිල්ට පැහැදිලි වැඩපිලිවෙලකුත් නෑ.රනිල්ගේ ජනප්රියත්ව වැඩිවීමේ වේගය වැඩිවීමේ තවත් කඩ ඉමක් ළඟමදී එනවා.
ඒ තමයි වෙසක් උත්සවය.මේ සැරේ අපේ රටේ බෞද්ධ ජනතාව ලොකුවටම වෙසක් උත්සවය සමරනවා.දැනටත් රටම වෙසක් සමරන්න සුදානම් වෙනවා.හැම බෞද්ධ ගෙදරකම වෙසක් කූඩුවක් හැදෙමින් තියනවා.දන්සල්,තොරන් හැම තැනම,හැම පන්සලකම ලොකු ආගමික වැඩසටහනක් යනවා.වැඩේ කියන්නේ අවුරුදු ගානකට පස්සේ මේ අවස්ථාව උදා කරලා දුන්නේ රනිල් කියලා මාකට් කරන්න රනිල් වටේ ඉන්න මීඩියා ඔස්තාර්ලට බැරි එකයි.
රනිල් ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට අලුත් ලකුණකින්,අලුත් පක්ෂයකින් ආවොත් රනිල් වේගයෙන් අනුර සහ සජිත් මට්ටමට ඉස්සෙනවා.රනිල්ව දිනවන්න එජාපයට බෑ.රනිල් දිනවන්න පොහොට්ටුවටත් බෑ.රනිල් දිනවන්න පුළුවන් පොදු වැඩපිලිවෙලක් ඇතුලේ විතරයි.හැබැයි ඒ ජයග්රහණය කඩා කප්පල් කරන්න රාජපක්ෂලාට පුළුවන්.
රාජපක්ෂලා පැත්තකින් තියලා,එහෙමත් නැත්තං රාජපක්ෂලා බංකුවේ හරි පැදුරේ හරි තියලා ආවොත් රනිල්ට ජයග්රහණය ගැන විශ්වාසයක් තියන්න පුළුවන්.මොකද රාජපක්ෂලා එක්ක නං රනිල්ට බලවේග එකතු කරගන්න බෑ. රාජපක්ෂලා එක්ක නං රනිල් ඒක කරන්න හදන්නේ රනිල්ට වෙන්නෙත් දේශපාලන වශයෙන් රාජපක්ෂලා එක්කම මිහිදන් වෙන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be a doodle of 1 person and slow loris

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *