මාධ්‍ය හමු වලදී බොරු කියන බව ජනාධිපති කොමිසම හමුවේ බන්ධුල ගුණවර්ධන පිළිගනී: කොමිසමෙන් දැඩි දොස්

තමා මාධ්‍ය හමු වලදී බොරු කියන බව රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යයි කෙප්ප දෙසා ගිනස් වාර්තා තබා ඇති මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හමුවේ පිළිගත්තේය. ඒ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේදී ය.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට තමන් විසින් වාර්තාවක් යැවී යයි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී තමා පැවසු කරුණු අසත්‍ය බව බන්ධුල ගුණවර්ධන අද බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පිළිගැනීමෙන් අනතුරුව කොමිසමේ කොමසාරිස් වරුන් ලෙස කටයුතු කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා සහ විශ්‍රාමික නි.විගණකාධිපතිවරයා ඔහුට දැඩි ලෙස අවවාද කළහ ‍

බන්ධුල ගුණවර්ධනගේ ක‍්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක් කළ කොමසාරිස්වරු මාධ්‍ය හමුවලදී අසත්‍ය කරුණු පවසා ජනතාව නොමග යැවීමෙන් වළකින්නයි අවවාදයක්ද කෙළේය. 

මෙහි ඇති අපූරුව නම් බන්ධුලට වරද පිළිගැනීමට සිදුවූයේ ඔහුගේ නීතිඥයා ලෙස නාමල් රාජපක්ෂ නමැති හොර පෙරකදෝරුවා කටයුතු කරද්දී වීමය. 

බන්ධුල තමන් පච කෙළින බව පිළිගැනීමෙන් පසු කොමසාරිස්වරු ඔහුගෙන් ඒ සම්බන්ධ ප‍්‍රකාශයක්ද සටහන් කර ගත්හ.

බැඳුම්කර ගණුදෙණුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන්නැයි බන්ධුල ගුණවර්ධන විසින් කොමිසමෙන් කර තිබු ඉල්ලීමක් අනුව කොමිසම ඔහුට අද එම අවස්ථාව ලබා දී තිබිණ.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විසින් බන්ධුලගේ සාක්කි මෙහෙයවනු ලැබිණ.

කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ මහත්වරු කටයුතු කරති

lankaenews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *