සජබ නායකයින් සමග අපි ගහපු ගිවිසුම කිරිඇල්ලලා දන්නේ නැහැ – මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

 

සමඟි ජන සන්ධානය ලෙස පක්ෂ නායක සහ මහ ලේකම් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයන් කරුණු නොදැන කියන කතා ගණන් ගත යුතු නැති බවත්, තමන් නියත ලෙස ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ මහනුවර, කිරිබත්කුඹුරේ පැවති මාධ්‍ය හමුවකදීය.

පොහොට්ටුවේ සිට පැමිණි අයට සජබයෙන් නාම යෝජනා නොදෙන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“අදාළ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන නායකයන්ට ලැබී නොතිබෙන්නට ඉඩ තිබෙනවා. ඇතැම් විට වයෝවෘද්ධතාව නිසා ඔවුන්ට අමතක වීම් සිදුවන්නට ද ඉඩ තිබෙනවා. පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු මහ පාරේ කතා කරන්නට තරම් පරිණත යැයි කියන දේශපාලනඥයන් පහත් තත්ත්වයට වැටෙද්දී ඔවුන්ගේ පරිණත බව පිළිබඳව ප්‍රශ්න මතු වෙනවා. වීදුරු ගෙවල්වල සිට ගල් ප්‍රහාර එල්ල කරන උදවිය තමන්ට ද පෙරළා ගල් ප්‍රහාර එල්ල විය හැකි බව අවබෝධ කරගැනීම වැදගත්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *