|

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

2024 වසර සඳහා ඩොලර් බිලියනයක විදේශ ආයෝජන ලබා ගැනීම ඉලක්ක කොට තිබුණත් වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක් ඉක්ම වූ ඍජු විදේශ ආයෝජන සඳහා ගිවිසුම්ගත විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

මෙයට චීනයේ සිනොපෙක් සමගම විසින් හම්බන්තොට ඉදි කිරීමට නියමිත ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් වන තෙල් පිරිපහදුවේ පළමු අදියර ද ඇතුලත් වෙයි. එම පළමු අදියරේ ආයෝජනය ඩොලර බිලියන 2.8 කි.

ඉන්දියාවේ අදානි සමාගම පුනරින්හි ඉදිකරන සුළං විදුලි බලාගාරය සඳහා ද පසුගිය දා අනුමැතිය හිමි වී ය. එහි ආයෝජනය ඩොලර් මිලියන 800 කි.

බ්‍රතන්‍යය, කැනඩාව , ප්‍රංශය, ඉතාලිය සහ ජර්මනියෙන් ද ආයෝජන  ලබා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *