|

වඩා භයානක අනුරද,ලාල්ද? – රටේ රාළ

” අපි ඔබට නීති හදාගැනීමේ බලයත්,නීතිය ක්රියාත්මක කිරීමේ බලයත්,නීතිය පසිඳලීමේ බලයත් දෙනවා.ඒ කියන්නේ අධිකරණ බලයක් අපි ඔබට දෙනවා” මේ තමයි පහුගිය මැයි දිනයේදී ලාල් කරපු කතාවේ වැදගත්ම කොටස. මේ කතාව හරහා ලාල් සහ මාලිමාව රටේ දැවැන්ත මාතෘකාවක් බවට පත්වුනා.දැන් ලාල්ට තිබුණ ඒ අවස්ථාව ඩයනා උදුරගෙන.ලාල් කිව්වේ එහෙම කතාවක් නෙවෙයි කියන්න ගිහින් හරිනි පාර්ලිමේන්තුවේදී ආයෙත් ලාල් කියපු කතාව රටටම ඇහෙන්න සැලැස්සුවා.
සදුදා දෙරණ වාද පිටියේදී අනුර ලාල් කියපු වචන වැරදී කියලා පිලිගත්තා.අන්තිමට අනුරයි, විජිතයි හරිනිව පාර්ලිමේන්තුවේ තනිකරලා මාරුවුනා.දැන් රටේ රාළ දිගටම කියපු කතාව ඔප්පු වෙලා ඉවරයි.රටේ රාළ දිගටම කිව්වේ මාලිමාව ඇතුලේ මතවාදී ඒකාග්රතාවයක් නෑ කියලයි.ලාල් එකක් කියනවා.හදුනෙත්ති තව එකක් කියනවා.අනුර ඇවිල්ලා ඒ දෙකටම සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් කියනවා.
තවමත් හරිනි විතරක් ලාල් බේරගන්න ෆයිට් කරනවා.අනුර ලාල් වැරදියි කියන ගමන් මට වැරදිලාද දන්නේ නෑ කියලත් කියනවා.ඒකත් කමක් නෑ කියමුකෝ,දැන් ඊටත් වැඩිය විලි ලැජ්ජා නැති තැනකට ජවිපෙ පත්වෙලා.ජවිපෙ නායකයන් මේ දැන් කියපු එක අනිත් පැත්ත හැරිලා මම එහෙම කිව්වේ නෑ කියන නිවට තැනට වැටිලා.අඩුම ගානේ තමන්ට තමන් විශ්වාස නැති ගානට වැටෙනවා කියන්නේ දේශපාලනයේදී හරි අභාවාචක අද්දැකීමක්.
ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනි කිව්ව හරිනි අනිත් පැත්තට එහෙම කිව්වේ නෑ කියනවා. රට බංකොලොත් උන වෙලාවේ රටට ඩොලර් එවන්න එපා කිව්ව ටිල්වින් සහ හදුනෙත්ති අනිත් පැත්ත හැරිලා එහෙම කිව්වේ නෑ කියලා කිව්වා. පාර්ලිමේන්තුව අල්ලලා මේක ඉවර කරමු කියලා කියපු ලාල් කාන්ත පස්සේ කිව්වේ මම එහෙම කිව්වේ නෑ කියලා.පහුගිය මැයි දිනයේදී අධිකරණ බලය ජනතාවට දෙනවා කියපු ලාල් දැන් වෙන කතා කියව කියව යනවා.
ඇත්තටම දැන් ජවිපෙ කරමින් ඉන්නේ සාපරාධී විදිහට ජනතා විශ්වාස කඩකිරීමක්.සාපරාධි විශ්වාසය කඩ කිරීම නීතිය ඉදිරියේ අපරාධමය වරදක්.ජවිපෙ දවස ගානේ ඒ අවිශ්වාසයේ සටහන තබමින් ඉන්නවා.රටේ රාළ අහන්නේ මෙච්චරයි.කෝ ජවිපෙ විශ්වසනීයත්වය.අඩුම ගානේ දැන් ජවිපෙ කියන්නේ සාමාජිකයාවත් විශ්වාස නොකරන පක්ෂයක්.එයාලට කවුරු කියන එකද හරියි කියලා හිතාගන්න බෑ. ඇත්තටම අනුර කියන එකට වඩා රනිල් කියන එක විශ්වාසය කරන්න පුළුවන්.
මොකද අනුර පස්සේ කියන්නේ රනිල් කලින් කියපු ඒවා.හැබැයි ඒකවත් හරියට කියාගන්න එයාලට දැනුම නෑ.ඒක නිසා එක එක්කෙනා කියන්නේ වෙන වෙන කතා.ඒ නොදැනුවත් කියවීම හිතාමතා කරන හින්දා ඒක ජනතාව ඉදිරියේ සාපරාධී විස්වාසය කඩකිරීම බවට පත්වෙලා.දැන් ජවිපෙ පඹගාලක පැටලිලා. පක්ෂය ඇතුලේ මතවාදී ඒකාග්රතාවක් නැති ශ්රිලනිපයක් ගාණටම වැටිලා.රටේ රාළලා හිටපු ජවිපෙ ප්රශ්නයක් විග්රහ කරගෙන එක මතයක් රටට කියනවා.
ඔක්කොම කතා කරන්නේ එක මතයක්. සංවිධානය දේශපාලන මත සම්බන්ධව ඒකමිතියකට එනවා.ඒක තමයි පක්ෂයේ මතය. දැන් ඒ සියල්ල පැත්තක් විසි කරලා කවුරුත් මං පොර වෙන්න කටට එනදේ කියනවා.ඒක නිසා දේශපාලන එකගතාවයක් නැති බිස්නස් එකඟතාවයන් විතරයක් ඇති කල්ලියක් අතට ජවිපෙ පත්වෙලා.මෙහෙම පිරිසක්ද මේ රට හදන්න යන්නේ.රට පිස්සන් කොටුවක් කරන්න නං මේ සෙට් එක හොඳයි.රටක මොනවා හෝ ක්රමවේද හදලා තිබුණේ ජනතාවගේ යහපත සදහායි.
ඒවාගේ දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවා.ඒවා පේන්න පටන් ගන්නවා.එතකොට ඒවා වෙනස් කරන්න ඕනි.ඒකට අපි කවුරුත් එකඟයි.හැබැයි ඒවා වෙනස් කරන්න සාධාරණ ක්රමවේදයක් පාව්ච්චි කරන්නේ නැතිව ඒවා නොසලකා හැරලා, ඒවා පැත්කට විසි කරලා හැසිරීම කියන්නේ අමුම අමු පිස්සුවක්.රටක සිස්ටම් එකක් හදන්නේ ආචාර ධර්ම,මානුෂිය කාරනා,නීතිමය ආවරණ, සංස්කෘතික කාරණා,සම්ප්රදායන් එක්ක.ඒකේ වැරදි අඩුපාඩු අදුර ගනිද්දී ඒක වෙනස් කරන්න අයිතිය අපට තියනවා.
හැබැයි රටක්,ජනතාවක් හැසිරවීමේ ක්රම පද්ධතියේ කෑලි කඩන්න ගියහම වෙන්නේ රටම පිස්සන් කොටුවක් වීම විතරයි.තියන දේට වඩා හොද දෙයක් ගේනවා වෙනුවට තියන දේටත් වඩා විනාශකාරී දෙයක් ගේන එක වැරදියි.ඒක බාරගන්න බෑ.ලාල් නීතිය ඉස්සරහා මේ කරන්න හදන දේම තමයි ජවිපෙට රට දුන්නොත් අනිත් හැම ක්ෂේත්රයකටම වෙන්නේ.පොඩි උදාහරණයක් ගත්තොත් ඔයාලා දන්නවා දැන් එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ බලය තියෙන්නේ මාලිමාවට.
මාලිමාව බලය ගත්ත ගමන් තමන්ට අභිමත විදිහට තමයි එතනත් වැඩ කලේ.සභාපතිගේ කැබ් එක එලවන්න දැම්මේ ලයිසන් නැති කෙනෙක්.අන්තිමට වාහනයක හැදපුනා.ලයිසන් නැති නිසා ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න බෑ.දැන් ලක්ෂ දහයක විතර මුදලක් සමුපකාර සමිතියේ සල්ලි දාලා වාහනය හදනවා.ඒක වෙලා තියෙන්නේ ජවිපෙ කරන අවිදිමත් ක්රමවේද හිනන්දයි.රට ජවිපෙට ගියොත් රටට වෙන්නෙත් ඔය ටිකම තමයි.
ජවිපෙට බලය ගියොත් ඔය හැම ආයතනයක්ම දුවන්නේ නියමිත ක්රමවේදයට නෙවෙයි ජවිපෙ අභිමතයට.ඒක නිසා ලාල් මේ කියන්නේ කැලෑ උසාවියේ නඩු අහන එක ගැනයි.88/89 අරගලයේ හිටපු කෙනෙක් විදිහට රටේ රාළ ඒ ඉතිහාසය දන්නවා.එදා ගමේ යුක්තිය පසිදලීමේ බලය ජවිපෙට අරන් කරපු සමහර දේවල් ජවිපෙ කට ඇරලා කවදාවත් එයාලා කලා කියලා බාරගන්න බෑ.ඒ තරම් ම්ලේච්ඡයි.යුද්ධයක් කියන්නේ සටනක් තමයි.හැබැයි ඒ යුද්ධයට සම්බන්ධ නැති විශාල පිරිසක් ජවිපෙ කැලෑ උසාවිවලින් මරලා දැම්මා.
ඒ මර්ධනයෙන් යම් මොහොතකට සමාජය යටත් කරගත්තා තමයි. තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කළා තමයි.හැබැයි ඒ ආශ්වාදය තිබුණේ බොහෝම ටික කාලයයි.ඒ වගේ කරලා තියන සිස්ටම් වෙනස් කරන්න බෑ.තියන සිස්ටම් වෙනස් කරන්න වෙන්නේ යුක්ති සහගත සහ රටට ගැළපෙන ක්රමයක් ඔස්සේයි.එහෙම නැතිව තමන්ට හම්බ වෙන බලය මත සිස්ටම් වෙනස් කරන්න තීරණය කරනවා කියන්නෙම පොල්පොට් පන්නයේ පාලනයක් කියන එකයි.
ලාල්ගේ ඔය ටෝන් එක අනුරගෙනුත් නිතර එනවා.අනුර කියන්නේ මට බලය තිබුණා නම් ඔය ඔක්කොම හිරේ කියලා.අනුර කොහොමද මිනිස්සු හිරේ දාන්නේ.අනුර කියන්නේ උසාවියක් නෙවෙයි. අධිකරණ පද්ධතිය මඟහැරලා යන්න තමයි මේ මුට්ටිය දාලා බලන්නේ.බලය ගත්තට පස්සේ මහා උද්දච්ච විදිහට රට පාලනය කළේ රාජපක්ෂලා. සියල් රාජපක්ෂ පවුලේ දේපල බවට පත්වුනා.
රාජපක්ෂ මිනිස්සුන්ගෙන් පලි ගත්තා.හැබැයි ඒවා කරන්න එයාලා පාව්චිචි කළේ මේ සිස්ටම් එකම තමයි.අදත් අපි ඒවා ප්රතික්ෂේප කරනවා. මේ රටේ ජනතාව රාජපක්ෂ පාලන පිලිකුල් කරනවා.නිකං හිතන්නකෝ සිස්ටම් එකට අනුව මර්ධනය ගෙනාපු එක එච්චර කුරිරුයි නම් සිස්ටම් එක පැත්තක් විසිකරලා කැලෑ නීතිය යටතේ එන මර්ධනය කොහොම හිටීද?ඒ ම්ලේච්ඡත්වය ගැන කතා කරන්න මෙයාලා කිසිකෙනෙක් ඉතුරු කරන්නෙත් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *