ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

 

අප්‍රේල්  දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:-

“මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන  .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල්  දහ වෙනිදා ඔබතුමා  අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ” ජනාධිපතිවරයා කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *