|

ජවිපෙ – මාලිමා ගුටි කෙලියක් අත ළඟ – රටේ රාළ

ජවිපෙ මෙතනින් එහාට මැතිවරණවලට ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන්.මාලිමාවේ ප්රධාන ලේකම් ජවිපෙ නොවන කෙනෙක්. ඉතිහාසයේ ජවිපෙ හිතවතෙක්. ජවිපෙ මාලිමාවෙන් සියලුම මැතිවරණවලට ඉදිරිපත් වෙන බව දැන් සහතිකයි.ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන්.ඒ විතරක් නෙවෙයි මීට අවුරුද්දකට විතර උඩදී තියන්න හදලා කල්දාපු පලාත් පාලන මැතිවරණයටත් ජවිපෙ ඉදිරිපත් උනේ මාලිමාවෙන්.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සහ පලාත් සභා මැතිවරණයටත් ජවිපෙ එන්නේ මාලිමාවෙන්. පහුගිය පලාත් පාලන මැතිවරණයේදී මාලිමාවේ අපේක්ෂකයෝ විදිහට ජවිපෙ සාමාජිකයන්ට අමතරව පොහොට්ටුවෙන් ගැලවිලා ආපු විශාල පිරිසක් ඉදිරිපත් වුනා.පලාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්රමයට තියන නිසා සහ ඒ ඡන්දය නොතිබ්බ හින්දා ජවිපෙ – මාලිමා ගුටි කෙලි බලාගන්න අපට අවස්ථාවක් ලැබුනේ නෑ.
හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ තියන මහා මැතිවරණයේදී අපට ඒ කෙලියත් බලාගන්න පුළුවන්.ඒ කියන්නෙ ජවිපෙ ඇතුලේ බරපතල විදිහට පාලනය කරලා තිබුණ මනාප බලු පොරය මාලිමාවෙන් එළියට පනිනවා. ජවිපෙ විසින්ම නම් පටබැඳපු මනාප බලු පොරය මාලිමාව විසින් ඔප්පු කරලා පෙන්නනවා.දැනටමත් ඒක එළියට ඇවිත්.කළුතර දිස්ත්රික්කයේ ඒ ක්රියාවලිය ප්රසිද්ධියේ සිද්ධ වෙමින් තියනවා. අනිත් දිස්ත්රික්කවලත් අළු යට ගිණි පුපුරු පත්තු වෙමින් තියනවා. ඉතිහාසයේ සමහර අවස්ථාවලදී ජවිපෙ ඇතුලෙත් මනාප බලු පොරය පාලනය කරගන්න බැරිවුන අවස්ථා කීපයක් තියනවා.
හැබැයි ජවිපෙ සාමාජිකයා එතෙන්ට වැටෙන්න ඉහළ සංවිධානවල තීරණ බලපෑවා. එහෙම උදාහරණයක් රටේ රාළට කියන්න පුලුවන්.එක්තරා මහා මැතිවරණයට ජවිපෙ සීනුව ලකුණ යටතේ තරඟ කළා.මේ සිද්ධිය වෙන්නේ ගාල්ල දිස්ත්රික්කයේ. ගාල්ල දිස්ත්රික් ජවිපෙ ලයිස්තුවේ එවකට ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික චන්ද්රසේන විජේසිංහ හිටියා. ඒ වගේම අජිත් කියලා නීතිඥයෙක් හිටියා.දෙන්නම ජවිපේ පූර්ණකාලීනයෝ.
එදා ගාල්ලේ දිස්ත්රික් ලේකම් විදිහට හිටියේ සහෝදරියක්.එයා දැන් ජවිපෙ නෙවෙයි මේ රටෙත් නෑ. ජවිපෙ දේශපාලන මණ්‌ඩලයෙන් ගාල්ල දිස්ත්රික්කය බලපු සහෝදරයත් දැන් ජවිපෙ එක්ක නෑ. කොහොම හරි ගාද්ල දිස්ත්රික්කයේ තිබුණ තත්වයත් එක්ක ජවිපෙට ආසන එකකට වඩා ගන්න බෑ කියන තක්සේරුව ජවිපෙට තිබුණා. දැන් තියන ප්රශ්න තමයි කවුද යවන්නේ කියන එක.චන්ද්රසේන විජේසිංහ කණ්ඩායම් නායකයා නිසා එයා යවන්න ඕනි.හැබැයි ඒ ලයිත්තුවේ ඉන්න අජිත් කියන්නෙත් දක්ෂයෙක්.අජිත්ගේ නමේ මුල් අකුර ” A ” වලින් පටන් ගන්න නිසා අජිත්ට අපේක්ෂක ලයිස්තුවේ අංක එක හම්බ වෙලා තිබුණා.
අංක එක හම්බවෙන කෙනාට ඇත්තටම ලොකු චාන්ස් එකක් තියනවා.මොකද ගොඩක් අය කරන්නේ තමන්ගේම පක්ෂයේ ලකුණට ගහලා අංක එකට ගහන එකයි.ඒක හින්දා තමයි අංක එක ගන්න අපේක්ෂකයෝ මාර ට්රයි එකක් දෙන්නේ.කොහොම හරි මෙතන කවුද යවන්නේ කියන ප්රශ්නය බේරලා දෙන්න ඕනි පක්ෂයෙන්.ඒ වගකීම තිබුණේ ටිල්වින්ට.ඒ ගැන දේශපාලන මණ්ඩලයෙන් ගාල්ල බලන සහෝදරයා ටිල්වින්ගෙන් ප්රශ්න කලත් ටිල්වින් ඒ ප්රශ්නය මඟෑරලා තිබුණා.
ගාල්ලේ ප්රශ්නවලට මැදිහත් වෙන්න ටිල්වින් එච්චර කැමති වෙලා තිබුණේ නෑ.ඒ ගාල්ල දිස්ත්රික් ලේකම් සහෝදරිය එක්ක ටිල්වින්ගේ තිබුණ ඇරියස් එකක් හින්දා.දැන් මූලස්ථානයෙන් උත්තරයක් හම්බ නොවුන නිසා ගාල්ලේ දිස්ත්රික් ලේකම් සහෝදරී සහ දේශපාලන මණ්ඩලයෙන් ගාල්ල බලන සහෝදරයා තීරණය කරනවා චන්ද්රසේන විජේසිංහ නැතිව අජිත්ව මනාප ලයිස්තුවේ උඩට ගේන්න.
ඒ කියන්නේ පක්ෂ සංවිධාන හරහා විසදගන්න ඕනි ප්රශ්නය මනාපවලින් විසදන්න මෙයාලා තීරණය කරනවා.එයාලා ඒකට චන්ද්රසේනට හොරෙන් දිස්ත්රික් කමිටුවේ වැඩපිලිවෙලක් හදනවා. චන්ද්රසේනගේ අඩුපාඩුව පහල අයට කියනවා.මෙහෙම කරමින් පක්ෂ සංවිධාන ව්යුහය හරහා චන්ද්රසේනට මනාප නොදී අජිත්ට මනාප ගස්සනවා.හැබැයි මේක වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා චන්ද්රසේනට මාට්ටු වෙනවා.
එතන ඉදන් ගාල්ලේ ජවිපෙ ඡන්ද සටන දෙකට බෙදිලා මනාප බලු පොරයකට යනවා.අන්තිමට වැඩි මනාප අජිත්ට දම්මලා අජිත් එකට ගේනවා. ප්රතිපලය වෙන්නේ චන්ද්රසේන විජේසිංහ ජවිපෙට අහිමි වෙන එකයි.එදා එච්චර විනයක් ඇතුව හෑදුණ ජවිපෙටත් එහෙම උනා නං.මේ එක එක වර්ගයේ ඩයල් ඇවිත් ඉන්න මාලිමාවට මොනවා නොවී තියෙයිද?එදා ජවිපෙ දේශපාලන මණ්‌ඩලයේ ගොඩක් සහෝදරවරු ගිය දිස්ත්රික්කවල මනාප ප්රශ්නය බරපතල ප්රශ්නයක් උනේ නෑ. එයාලා වැඩේ හරියට කළා.ගාල්ලේ වැඩේ අවුල් කළේ ටිල්වින්.(පෞද්ගලික ප්රශ්න නිසා එක සීමාවකින් එහාට ඒවා කියන්න බෑ)
එදා ගාල්ලේ උන වැඩේ ඊළඟ මැතිවරණයේදී සමස්ථ රටේම සිද්ධ වෙනවා.මනාප වෙනුවෙන් මහ පාරේ ගහ මරාගන්න ජෙප්පෝ අපිට බලා ගන්න පුළුවන්.දැනටමත් ඒ සටනට ආයුධ මුවහත් කරමිනුයි කට්ටිය ඉන්නේ.එදා මේ රටේ ව්යවස්ථාදායකය ඇතුලේ අදටත් වඩා විකෘතියක් නිර්මාණය වෙන එක නවත්තන්න බෑ.ජවිපෙ දැන් ඒ පිරිහීමේ ලක්ෂණ රටට පෙන්වමින් ඉන්නවා.
ජවිපෙ රතු පාට විසිකරලා දම් පාට උන මාලිමාවක් අද තියනවා. විජේවීර කුණු බක්කියට දාලා නිහාල් අබේසිංහලා වැළඳගත්ත මාලිමාවක් අද තියනවා.
වාමවාදී මතය මරලා දාලා ලිබරල්වාදය වැලදගත්ත මාලිමාවක් අද තියනවා.මනාප බලු පොරයට වැටිලා ජෙප්පෝ මලිමාකාරයොත් එක්ක ගහ මරාගන්න හැටි බලාගන්න තව පෝය කීපයකින් ඔයාලටත් අවස්ථාව හම්බ වෙන එක ස්ථිරයි. ඇත්තටම ඒ ගැන දුකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *