|

අනුර – සජිත් විවාදය වැඩවසම් කුලප්පුවකි – රටේ රාළ

සජිත් – අනුර විවාදය ගැන සංවාදය දැන් මාස ගානක් තිස්සේ තියෙන එකක්.දෙගොල්ලෝම දෙපැත්තට බෝලය පාස් කරකර සෑහෙන කාලයක් ආවා.දැන් ආයෙත් පන්දුව මාලිමාව පැත්තට එල්ල වෙලා.මැයි දිනයට ඉස්සෙල්ලා මාලිමාව පැත්තෙන් විවාදයට දින හතරක් දීලා ඒවායින් කැමති දිනයක් දන්වන්න කියලා සජබෙට දන්වලා තිබුණා.මැයි 07.09,13,14 තමයි ඒ දවස් හතර.හැබැයි ඒ දවස්වල සජිත්ට බෑ, සජිත් busy කියලා දන්වලා තිබුණා.
ඊළඟට අනුර මැයි දින වේදිකාවේ ඉඳන් සජිත්ට නැවතත් අභියෝග කළා.අනුර කිව්වේ මේක ඉවරයක් කරලා දාන්න ඕනි හින්දා මැයි 20 ට ඉස්සෙල්ලා ඕනි දවසක් කියන්න කියලා.හැබැයි අනුර ආර්ථික කවුන්සිල දෙක අතර විවාදය ගැන වචනයක්වත් කිව්වේ නෑ.ඇත්තටම දෙපැත්තම මේ අභියෝගය බාරගත්තේ කොටසක් හංගගෙන.විවාදය අදියර දෙකකින් යුක්තයි. එකක් සජබෙ විසින් මාලිමාවේ ආර්ථික කවුන්සිලයට කරපු අභියෝගය.
අනික මාලිමාව විසින් අනුර සහ සජිත් අතර විවාදයකට කරපු අභියෝගය.හැබැයි මේතාක් අපි දැක්කේ මාලිමාව ආර්ථික කවුන්සිල දෙක අතර විවාදය මගහරින්න හදනවා.සජබය අනුර – සජිත් අතර විවාදය මගහරින්න හදනවා.දැන් සජබය පැත්තෙන් ආර්ථික කමිටු දෙකේ විවාදයට මැයි 20 සහ 25 ත්,අනුර – සජිත් විවාදයට මැයි 27 ත්,31 ත් දීලා තියනවා.දැන් ඉතින් මේක තවදුරටත් අදින එකේ තේරුමක් නෑ.
දැන් තියෙන්නේ විවාද දෙකම තියන්න.මෙච්චර කල් ඔය විවාදය දෙපැත්තට අදගන්න එකෙන් අනුර සහ සජිත් තමන්ගේ තියන වැඩවසම්කම ඕනිවටත් වැඩිය රටට පෙන්නුවා.අනුර සහ සජිත් ඔරිජිනල් වැඩවසම් පම්පෝරිකාරයෝ දෙන්නෙක් කියලා දැන් ලෝකෙම දන්නවා.මේ දෙන්නම ජනාධිපතිවරණයට තරඟ කරන ප්රධාන අපේක්ෂකයෝ දෙන්නෙක්.දෙන්නම තරඟ කරන්නේ රටේ ප්රධාන පුරවැසියා වෙන්න.
හැබැයි ඒ දෙන්නම විවාදවලට බයයි.සජිත් එක්ක විවාදයක් මීට කලින් කවුරුත් ඉල්ලලා නෑ.සජිත් විවාදයකට සහභාගී වෙනවා අපි දැකලත් නෑ. අනුර ගොඩක් වෙලාවට එන්නේ පාලු ගෙයි වලං බිදින සංවාදවලට.අනුරට මෑතකාලීනව අභියෝග කරපු කිසිම විවාදයක් අනුර බාර අරගෙන නෑ. මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් අනුරට විවාදයට අභියෝග කළා.අනුර ඒ අභියෝග බාර ගන්නේ නැතිව පැනලා ගියා.
දිලිත් කියන්නෙත් ජනාධිපති අපේක්ෂකයෙක්. මාලිමාවට සජබ ආර්ථික කවුන්සිලයෙන් විවාදයකට අභියෝගය ආවට පස්සේ තමයි අනුරලා හෙමින් සැරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ අතර විවාදයක් තියමු කියන තැනට මාරු වුනේ.එහෙම නං අනුර – දිලිත් අතරත් විවාදයක් තියන්න ඕනි.අනුර දිලිත් ඉල්ලපු විවාදය මගෑරියේ ප්රාදේශීය සභාවකටවත් ගිය නැති කෙනෙක් එක්ක මට මොන විවාදද කියලා.
ඇත්තටම ඒවා පට්ට ගොබ්බ වගේම වැඩවසම් තර්ක.අනුර කියන්නේ අනුරගේ ආණ්ඩුවක් යටතේ IMF එකත් එක්ක වාද විවාද කරලා අලුත් ගිවිසුමකට යනවා කියලා.එදාටත් අනුර කියයිද දන්නේ නෑ IMF එකේ ඉන්න එකෙක්වත් ප්රාදේශීය සභාවකටවත් ගිහින් නැති නිසා මට බෑ කියලා. අනුරලා ගහපු පම්පෝරි දැන් අනුරලුට ආපිට පත්තු වෙනවා.අනුර තමයි දිගටම කිව්වේ අනුරගේ කැබිනට් මණ්ඩලය ගැන.
කැබිනට් මණ්ඩලයේ ඇමති කෙනෙක් හිටියට ඒ ක්රියාවලිය සිද්ධ වෙන්නේ සාමුහික ක්රියාවලියක් ඇතුලේ කියලා අනුරම තමයි ඔය කමිටු නම් කළේ.අධ්යාපන ප්රතිපත්ති,ආර්ථික ප්රතිපත්ති, විදේශ ප්රතිපත්ති හදන කම්ටු නම් කළේ අනුරම තමයි.ජනාධිපති කෙනෙකුට උපදෙස් දෙන්න එහෙම කමිටු තියන එකේ කිසිම වැරද්දක් නෑ. මොකද එතන ඉන්නේ විෂය ප්රවීණයෝ.ඒක නිසා ඒ කමිටු අතර විවාදයක් කෙරෙන එකේ කිසිම වැරැද්දක් නෑ.
ඒ කමිටුවත් හංගනවා නං ඉතින් ඒ කමිටුවලින් ඇති වැඩකුත් නෑ.ඊළඟට මාලිමාව පැත්තෙන් දිගටම කිව්වේ සජිත්ගේ ආර්ථික කමිටුවේ කට්ටිය විවාදයෙන් පස්සේ එජාපයේ හිටී කියලා. ඒකත් මහ ගොබ්බ වැඩවසම් තර්කයක්.ගැලරියේ කෑගහන ජෙප්පෝ ෆෝම් කරන්න කියන කතාවක්.ඕනි කෙනෙක් දන්නවා සජිත් සහ රනිල් අතර ආර්ථික ප්රතිපත්තිවල කිසිම වෙනසක් නෑ කියලා.ඒක නිසා විවාදයෙන් පස්සේ හර්ෂ ඉන්නේ කොතැනද කියන එක වැදගත් නෑ.
හර්ෂ යූඑන්පී වේදිකාවේ හිටියත්, සජබ වේදිකාවේ හිටියත් හර්ෂ ලිබරල්වාදියෙක්. මෙතනදී අනුර තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනි සජිත්ගේ සහ රනිල්ගේ ප්රතිපත්තිය නොවන අලුත් ආර්ථික ප්රතිපත්තියක් තමන්ට තියනවා කියලා.ඔය ආර්ථික කවුන්සිල දෙක අතර හරි, එහෙමත් නැත්නං අනුර – සජිත් අතර හරි විවාදය කවදා කොහේ තිබ්බත් ඕකේ අවසන් ප්රතිඵලය රටේ රාළ කියන්නම්.
ඔය විවාදයෙන් එකක් ඔප්පු වෙනවා.ඒ සජිත්ට සහ අනුරට තියෙන්නෙත් රනිල්ගේ ආර්ථික ප්රතිපත්තියේම කොපියක් කියලා.සජිත්ට නං ඒක තියන එකේ අවුලකුත් නෑ.සජිත්ගේ සහ සජබ ආර්ථික කවුන්සිලේ ඔක්කොගේම දේශපාලන ගුරුවරයා රනිල්.හැබැයි මෙතනදී අනුරටත්, මාලිමාවේ ආර්ථික කවුන්සිලයටත් එකක් පිලිගන්න වෙනවා.එයාලත් මෙතනින් එහාට අනූගමනය කරන්නෙත් රනිල්ගේ ආර්ථික ප්රතිපත්තිය කියලා.
එයාලට එතනදී කියන්න වෙන්නේ රනිල් ඒක හරියට කරන්නේ නෑ කියලා විතරයි.ඒක හරියට කරන්න දේශපාලන අධිකාරිය බලය අපට දෙන්න කියලා විතරයි.ඒක නොකියා අනුර හොරගල් අහුලන්න ගියොත් අනුර වේවා අනුරගේ ආර්ථික කවුන්සිලය වේවා විවාදයෙන් පරදිනවාම තමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *