බැඳුම්කර ප්‍රශ්නය ගැන අධිකරණ තීන්දුවක් අවශ්‍යයි – නීතිපති පාර්ලිමේන්තුවට කියයි

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ නීතිපති විසින් යොමු කරන ලද ලිපිය කථානායකවරයා විසින්  පාර්ලිමේන්තුවේ සභාගත කළේ ය.

බැඳුම්කර ගනුදෙනුවලදී ඊට කෙලින්ම සම්බන්ධ පාර්ශවයක් කිසියම් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා ඉන් දන්වා තිබේ.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් අත්‍යවශ්‍යය බවද  පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බව ද  නීතිපතිවරයා විසින් නිකුත් කළ එම ලිපියේ දැක්වේ.

දැනටමත් වත්මන් මහ බැංකු අධිපතිවරයා එම පැමිණිල්ල කර ඇති බැවින් කඩිනම් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවත් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන  වාර්තාවක් තමන් වෙත යොමුකරන ලෙස දන්වා ඇති බවත් නීතිපතිවරයා පවසයි.

මෙම සිද්ධියට අදාළව කෝප් කමිටුව විසින් තමා වෙත යොමුකරන ලද වාර්තාවේ මුදල් අවභාවිතයක් හෝ ගනුදෙනු සිදුකිරීමේදී නීතියට පටහැණිව එය සිදුවිය හැකි බව දක්වා ඇති බවත්, 1937 ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කිසියම් පුද්ගලයෙකු අදාළ රෙගුලාසි, විධිවිධාන හා මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට අසමත් වන්නේනම් දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නීතිපතිවරයා එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *