|

අධ්‍යාපනය හා රැකියා අවස්ථා – ඉකොනොමැට්ටා

පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය අධ්යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය.
උසස් පෙළ අසමත් මට්ටම – 5.5%
උසස් පෙළ මට්ටම – 4.0%
උසස් පෙළ මට්ටමට වඩා වැඩි එහෙත් උපාධියක් නොමැති – 2.7%
දෙවසරක උපාධියක් – 2.7%
වසර හතරක උපාධියක් – 2.2%
පශ්චාත් උපාධි මට්ටම – 1.9%
වෘත්තීය උපාධියක් – 1.4%
ආචාර්ය උපාධියක් – 1.0%
අධ්යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධය ඉතාම පැහැදිලියි. අධ්යාපන මට්ටම ඉහළ යන තරමට විරැකියා අනුපාතය පහළ යනවා. මෙය එම වසරේ පමණක් සිදු වූ දෙයක් නෙමෙයි. ආර්ථිකය ප්රසාරණය වන හා සංකෝචනය වල වකවානු සියල්ලකදීම දැකිය හැකි පොදු තත්ත්වයක්.
මෙය කිසිසේත්ම අසාමාන්ය දෙයක් නෙමෙයි. අධ්යාපනය කියා කියන්නේ ආයෝජනයක්. යමෙක් අධ්යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට මිසක් අඩු කර ගැනීමට නෙමෙයි. ඒ නිසා, අධ්යාපන මට්ටම ඉහළ යද්දී විරැකියා අනුපාතය පහළ යාම අපේක්ෂා කළ හැකි සාමාන්ය තත්ත්වයක්.
මේ හා අදාල ලංකාවේ තත්ත්වය කුමක්ද?
පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්යය 4.7%ක් වූ ලංකාවේ විරැකියා අනුපාතය අධ්යාපන මට්ටම සමඟ වෙනස් වූ ආකාරය.
පස්වන ශ්රේණිය අසමත් – 0.7%
6-10 ශ්රේණි – 3.4%
අපොස (සාමාන්ය පෙළ) – 6.1%
අපොස (උසස් පෙළ) – 7.8%
අපේක්ෂා කළ හැකි සාමාන්ය තත්ත්වයට සාපේක්ෂව තනිකරම කණපිට තත්ත්වයක්! වැඩියෙන් ඉගෙන ගන්න තරමට සිදු වෙන්නේ රැකියාවක් හොයා ගන්න එක වඩ වඩා අසීරු වෙන එක. ලංකාවේ ශ්රම වෙළඳපොළෙහි මේ විදිහේ විකෘතියක් ඇති වී තිබෙන්නේ ඇයි?
ලංකාවේ සාර්ව ආර්ථිකයේ තිබෙන ගොඩක් අය නිතර කතා කරන අසමතුලිතතා දෙක වගේම අධ්යාපනය හා රැකියා වෙළඳපොළ අතර සම්බන්ධයේත් විශාල විකෘතියක් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් ශ්රමය සඳහා ලැබෙන පංගුව අඩු වී ප්රාග්ධනය සඳහා ලැබෙන පංගුව ඉහළ යන්න මේ විකෘතිය දායක වී තිබෙනවා.
විකෘතියට හේතුව කුමක්ද? විකෘතිය නැති කළ හැක්කේ කොහොමද?
ඉතා කෙටි පිළිතුරක් විදිහට හේතුව ජනසම්මතය හා දේශපාලනය. විස්තර කරන එක සහ දෙවන ප්රශ්නයට පිළිතුරු දෙන එක කෙටියෙන් කරන්න අමාරුයි.
වාමාංශික අදහස් දරන ගොඩක් අය වගේම දක්ෂිණාංශික අදහස් දරන ගොඩක් අයත් අහන්න කැමති නොවන, එකඟ වෙන්න ඉඩ නැති, කෙටිකාලීන විසඳුම පුළුවන් තරම් පිරිසක් රට පටවන එකයි. මේ විසඳුම ගැන වැඩිපුර ප්රසිද්ධියේ කතා නොකළත්, වත්මන් ආණ්ඩුව වගේම, මාලිමාව වගේ පක්ෂ වල ප්රතිපත්ති තුළත් බරක් තබා තිබීම නිවැරදි පියවරක්.
අධ්‍යාපනය හා රැකියා අවස්ථා
ECONOMATTA.BLOGSPOT.COM
අධ්යාපනය හා රැකියා අවස්ථා
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *