ජන මතයට බය ඇත්තෝ – අනුර සූරියබණ්ඩාර

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් එ.ජා.ප.යත්, ශ‍්‍රී ල.නි.පයත් අතර මත ගැටුමක් ඇතැයි ද, එකී මතගැටුම හේතුවෙන් ව්‍යවස්තා සම්පාදන කටයුතු ඇනහිට ඇතැයි ද 2017 පෙබරවාරි මස 19 දිවයින ඉරිදා පුවත්පත සිය ප‍්‍රධාන පුවතින් වාර්තා කළේය. ඒ අතරම එදිනම ඉරිදා ලංකාදීප පුවත්පත සිය ප‍්‍රධාන පුවතින් ශ‍්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න උපටා දක්වමින් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට ශ‍්‍රී.ල.නි.ප. සහය නොලැබෙන බවයි.

ශ‍්‍රී.ල.නි.ප මාධ්‍ය ප‍්‍රකාශක මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා 2017 පෙරවාරි 24 දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් පවසා තිබුණේ මෙවැන්නකි. ‘‘අපි ගෙනෙන්නෙ අලූත් ව්‍යවස්ථාවක් ද නැතිනම් තියෙන ව්‍යවස්ථාවට සංසෝධනයක් ද කියන කාරණය තීරණය කළ යුත්තේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කියලයි අපි කිව්වෙ. අපි තාම ඉන්නේ ඒ සාථාවරයෙ. එ.ජා.ප.ය ඉන්නේ ඒ අය පාරිලිමේන්තු මැතිවරණයේ දී ජනතාවට කීව ස්ථාවරයේ. ජනාධිපතිවරණයේ දී අපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග හිටියෙ නැහැ. හැබැයි හිටපු අය කියනව එදා කිව්වෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සම්පාදනයකට යායුතු යි කියලා’’

2017 පෙරවාරි 23 දිනමිණ පුවත්පතට අදහස් දක්වමින් ශ‍්‍රී ලං.නි.ප. මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මෙසේ පවසයි.

‘‘මේ කාරණාව අපි හරියට තේරුම් ගත යුතුයි. ජනාධිපතිතුමා තමන්ගෙ මැතිවරණ ප‍්‍රකාශනයෙ දි කියන්නෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථාමය සංශෝධනයක් පිලිබඳයි.

ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රී සමග නොසිටි බව තමා ම කියන ඩිලාන් පෙරේරා මෙන්ම ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රී සමග සිටි දුමින්ද දිසානායක ද එකසේ කියන්නේ, මෛත‍්‍රී සිය මැතිවරණ ප‍්‍රකාශයේ පැවසුවේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ බවයි. ඔවුන්ගේ ප‍්‍රකාශ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකකි. එනම් ඔවුන් දෙදෙනාම ‘හොර බොරු නැති රටක්, බියසැක නැති හෙටක්, මෛත‍්‍රී පාලනයක්’යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශනය පිළිබඳ වැටහීමක් නැති බවය. නැතහොත් එම මැතිවරණ ප‍්‍රකාශනයේ ඔවුන් හිතාමතාම (වාසියට?) අමතක කරන බවය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙහි (අප දන්නා මැතිවරණ ප‍්‍රකාශනව එයයි. (අප නොදන්නා මැතිවරණ ප‍්‍රකාශන තිබිය නොහැකිය) දෙවැනි පිටුවෙහි 09 වන ෙඡ්දය මෙසේය:-

‘‘දෙවනුව, මගේ පාලනයේ පළමු දින සියය අන්තර් කාලයක් ලෙස සලකා සිදු කළ යුතු හදිසි දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් ලෙස දැනට පවතින ඒකාධපතිත්වයට මග පාදන විධායක ජනාධිපතිධුරය වෙනුවට අමාත්‍ය මණ්ඩලය මගින් පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ අධිකරණයට යටත්වන රාජ්‍ය නායකත්වයක් බවට ජනාධිපතිධුරය පරිවර්තනය කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමි.

ඩිලාන් පෙරේරා සහ දුමින්ද දිසානායක පවසන අකාරයේ ජනමත ‘‘විචාරණයකට තුඩු නොදෙන’’ වැනි යෙදුමක් එහි ඇත්තේ නැත. එසේ නම් ඔවුන්ගේ අලූත් ‘ටියුන් එක’ කුමක්දැයි කල්පනා කරන්නට ජනතාවට සිදුවේ. ජනවාරි 08 වෙනසට මෙරට ජනතාවත්, සිවිල් සංවිධානත් සහයෝගය දැක්වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවාය යන පදනම මතය. මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය ආණ්ඩුවෙන් ඉවත් වී නව නගර ශාලාවේ පැවැත් වූ පළමුවන පුවත්පත් සාදච්ඡුාවේදී ම ඔහුගේ ස්ථාවරය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම බව පැහැදිලිව ප‍්‍රකාශ කළේය.

විහාරමහාදේවි උද්‍යානයේ සංවිධාන 49ක් සම`ග එක`ගතා ගිවිසුමක් අත්සන් කළ මොහොතේ ද විධායක ක‍්‍රමය අහෝසි කරන බවට ප‍්‍රතිඥා දුන්නේය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවම`ගුල් උත්සවයේදීත් මෛත‍්‍රී තමන්ගේ ස්ථාවරය එය බව පැහැදිලිව ප‍්‍රකාශ කළේය.

විධායකය අහෝසිකිරීම ඇතුළත්ව තිබුණේ දින 100 වැඩසටහනට ය. ජනමත විචාරණයකින් කළයුතු සංශෝධනවලට නොයා කළ හැකි උපරිම සංශෝධනවලට යාමට තීරණය වූයේ ජනාධිපති මැතිරණය පවත්වා, පාර්ලිමේන්තුව විසුරුවා හැර, ජනමත විචාරණයකට යාමට කාලයක් නැතැයි යන තර්කය මතය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රීපාල සිරිසේන යන තිදෙනාම ජනාධිපතිධුරයට පත්වන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීත්‍ම් පොරොන්දුව මතය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ සඳහා යම් උත්සාහයක් ගත් නමුත් එකල එ.ජා.ප.යේ හැසිරීම හේතුවෙන් ඊට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණ 18 වන සංශෝධනය ඔස්සේ විධායක ජනාධිපතිධුරය යාවජීවකරණය කර ගත්තේය. පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා නොදුන්නේ නම් ඔහුගේ උත්සාහය පරජය කරන්නට හැකියාව තිබුණ ද එකල ශ‍්‍රී.ල.නි.පයේ මන්ත‍්‍රීවරු ඒ ඓතිහාසික යුතුකම ඉටුකළේ නැත.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ප‍්‍රයෝගික පියවර ගත් එකම විධායක ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව ඔහුට ගෞරව පිණිස සඳහන් කළ යුතුය. දින සිය වැඩසටහන යටතේ විධායක බලතල මුළුමනින්ම අත්හැරීමට අවශ්ථාව නොලැබුණේ ජනමත විචරණයකින් තොරව එය මුළුමනින්ම ඉටුකර ගැනීමට නොහැකි නෛතික වටපිටාවක් පැවතීම හේතුවෙනි. නමුත් දැන් ඇතැම් ශ‍්‍රී.ලං.නි.ප.කාරයන් අලූත් තනුවක් වයමින් සිටිති. ජනමත විචාරණයකට නොයායුතුය. යන ශ‍්‍රී ලං.නි.ප. මතයට හේතුව ඩිලාන් පෙරේරා 2017 පෙරවාරි 24 දිනමිණට පැහැදිලි කර ඇත්තේ මෙසේය.

‘‘මේ රටේ දැන් තියෙන ප‍්‍රශ්නය තමයි සයිටම් විරෝධය, බඩුමිල ඉහළ යාම, දූෂණ අක‍්‍රමිකතා මේවාට ජනතා විරෝධයක් තියෙනව. අපි ව්‍යවස්ථා ජනමත විචාරණයකට ගියාම වෙන්නෙ ආණ්ඩු විරෝධී ජන්දයක් භාවිත වීමයි.’’

‘ජනවාරි 08 ජනාධිපති මැතිවරණය පැවැත් වූයේ දැඩි රාජ්‍ය මර්ධනයක් සහ සිල්රෙදි බෙදන, උදලූ තල බෙදන තත්ත්වයක් යටතේ බව අප අපමතක කළ යුතු නැත. නමුත් ජනතාව මෛත‍්‍රී පාලනයක් සඳහා සිය ඡුන්දය ප‍්‍රකාශ කළේ පැවති ක‍්‍රමයේ පූර්ණ වෙනසක් අපේක්‍ෂාවෙනි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිවනු දැකීම, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය වීම, ජනවාර්ගික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා ගැනීමට මිස තෙල් මිල, සහල් මිල, වැඩි වැටුප් ආදිය ජනවාරි 08 වෙනසට ප‍්‍රධාන සාධක වශයෙන් බලපෑවේ නැත. ජීවන වියදම් ප‍්‍රශ්නය සැලකිය හැක්කේ එම මැතිවරණයේ දී ප‍්‍රතිවාදියා වූ මහින්ද රාජපක්‍ෂගේ සුබසාධන හා සහනාධාරවාදී ඡුන්ද ව්‍යාපාරයට අභියෝගයක් ලෙස මෛත‍්‍රී පිල පටලවා ගත් අමතර බරක් වශයෙනි.

ජීවන වියදම, සයිටම් ආදි ප‍්‍රශ්න වත්මන් ආණ්ඩුවට යම් අභියෝගයක් වශයෙන් පවතින බව සැබෑය. එහෙත් තවමත් ආණ්ඩුවට මුහුණදීමට ඇති ප‍්‍රධාන ගැටලූ ඒවා නොවේ. ජනවාරි 08 වෙනස වෙනුවෙන් පෙනීසිටි බලවේග අදටත් තර්ක කරනනේ පොරොන්දු වූ පරිදි ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් ලබා නොදීම පිළිබඳවය. අපරාධකාරයන්ට, ¥ෂිතයන්ට දඬුවම් පැමිණවීමට පමා වීම පිළිබඳවය. සහල් මිල ඉහළයාම ජනතාවට වඩා ගැටළුවක් වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයටය. බුද්ධිමත් ජනතාවට ප‍්‍රශ්නයක් වී ඇත්නම් ඒ විගණන පනත පමාවීම, සීමානීර්ණය පිළිබඳ ගැටලූ, පළාත් පාලන මැතිවරණය කල්යාම ආදියයි.

¥ෂිතයනට නාම යෝජනා නොදෙන්නේ නම් යහපාලනයක් පිළිබඳ ජනතා විශ්වාසය හා බලාපොරොත්තු ඉහළින් කුළුගන්වන්නට එ.ජා.ප.ය හා ශ‍්‍රී.ලං.නි.ප.යට ඉදිරි මැතිවරණයේ දී හැකි වනනේ නම් 2020 මැතිවරණය කෙළවර වන්නේ මහින්ද පිලට තවත් පරාජයක් අත්කර දෙමිනි.

විධායක ජනාධිපති ධුරය, බලය බෙදීම ජනමතය සඳහා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව බිය නොවිය යුතුවන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ ජනතා අපේක්‍ෂා තවමත් නිවී ගොස් නොමැති බැවිනි. ආණ්ඩුව පරාජයට පත්වනනේ නම් පරාජයට පත්වනු ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයක් ජනතාව හමුවේ තබන්නට යාමෙන් නොව ව්‍යවස්ථා සංශෝධනය පමා කිරීම හේතුවෙනි.

තවත් අතෙකින් ගත් කල පරාජය වේය යන බියෙන් ජනමත විචාරණයකට යායුතු ව්‍යවස්ථාවේ කොටස් සංශෝධනය නොකර නිටීම කොරහේ කිඹුලන් දැකීමට සමාන දෙයකි. ව්‍යවස්ථාව සැකසෙනු ඇත්තේ ජනතා අදහස් මත නම්, පාර්ලිමේන්තුවේ සියලූ කණ්ඩායම්වල දායකත්වය ඊට ලැබී ඇත්නම්, සැබෑ ජනතා අවශ්‍යතා පරිපූර්ණ කරන්නට ඒ ව්‍යවස්ථාවට හැකි වන්නේ නම් එවැනි ව්‍යවස්්ථාවක ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටීමට ජනතා බලවේග කොතෙකුත් නැ`ගිට එනවාට සැක නැත. හාල්. පොල්, පරිප්පු දේශපාලනය ඊට අදාල වේ යැයි සිතිය නොහැකිය.

බලය බෙදීම වැනි ගැටලූ සම්බන්ධයෙන් වුව රාජපක්‍ෂවාදින්, බොදුබලසේනා වැනි කණ්ඩායම් කිහිපයක් හැරුණුකොට පොදු ජනතාව යහපත් ස්ථාවරයක පසුවන බව ජනවාරි 08 වෙනසින්ම අවබෝධ කර ගත හැකිය. රාජපක්‍ෂවාදීන් එම මැතිවරණ ව්‍යපාරය මෙහෙය වූයේ රට කැඞීම, එල්.ටී.ටී.ඊ.ය නැවත නැ`ගිටීම, විදෙස් කුමන්ත‍්‍රණ ආදී සටන් පාඨ පෙරදැරි කරගෙන වුවත් ජනතාව ඒ සියල්ල පරාජය කළ බැවිනි.

ගටලූව වන්නේ වත්මන් ආණ්ඩුවට ප‍්‍රතිවාදීන්ගේ මතවලට පිළිතුරුදීමට ශක්තිමත් ප‍්‍රචාරණ වැඩපිළිවෙලක් නොමැති වීමයි. කප්පරක් වැරදි කර කුජීතව පරාජය වූ ඒකාබද්ධය ඇතුළු ප‍්‍රතිවාදින් ගේ බොරු මත ශක්තිමත් වීමට හේතුව එයයි.

දෙවනුව ආණ්ඩුවට ජනතා ශක්තිය පිළිබඳ විශ්වායක් නොමැති බව පෙනේ. ආණ්ඩුවේම ඇතැම් වැරදි හේතුවෙන් ජනවාරි 08 ඔවුන් සම`ග සිටි සමහර කණ්ඩායම් සිත් බිඳීමකින් පසුවන බව සැබෑය. එහෙත් ව්‍යවස්ථා සංශෝධනය වැනි මූලික ප‍්‍රජාතන්ත‍්‍රික වෙනස්කම් සම්බන්ධයෙන් පෙරකී සංවිධානවල සහ ප‍්‍රගතිශීලි ජනතාවගේ සහයෝගය ලබා ගැනීමේ නොහැකියාවක් ආණ්ඩුවට නැත.

අවසන් මෙහොත දක්වා මහින්ද සම`ග නැ`ගිටින්න උත්සාහ කොට හොට බිම ඇනගත් පසුව ආණ්ඩුවට එක් වූ අවස්ථාවාදී ශ‍්‍රී.ලං.නි.ප.කාරයන් ගේ ලණුවලින් මිදී මෛති ඍජු තීරණයක් ගත යුතුව ඇත්තේ එහෙයිනි. එය එසේ වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක්කේ ඩිලාන්ලා, සේනලා, දුමින්දලා ගේ නන් දෙඩවීම් වලට මෙතෙක් මෛත‍්‍රීගෙන් කොළ එළියක් දැල් වී නැති බැවිනි.

කළයුතු යුතුකම ඉටු කරන්නට උත්සාහ කර පරාජයට පත්වීම වුව සැලකිය යුත්තේ නම්බුපිටින් ගෙදරයාමක් වශයෙනි. යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැතිද යන්න තීරණය කිරීමට පැවැත් වූ ජනමත විචාරණයෙන් පරාජය වී බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ධුරයෙන් ඉවත්විය. එය මහත්මා ගුණයකි. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන ජනමත විචාරණයකින් ආණ්ඩු පරාජය කළ නොහැකි බවත් එය කළ හැක්කේ මහ මැතිවරණයකින් බවත් ඩිලාන්ලාට මතක්කර දිය යුතුව ඇත.

 අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *