|

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ

අද 2024/05/01 දා.ජාත්යන්තර කම්කරු දිනය අදයි.ලෝකය පුරා ශිෂඨ ජාතීන් බොහෝමයක් අද ජාත්යන්තර කම්කරු දිනය සමරනවා.1886 මැයි 01 දා ඇමරිකාවේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව කම්කරු අයිතින් වෙනුවෙන් කළ සටනකින් ජාත්යන්තර කම්කරු දිනය නිර්මාණය වීමට පදනම වැටුනා. 1886 මැයි ආරම්භ උන ඇමරිකාවේ කම්කරුවන්ගේ සටන් රැල්ල දැවැන්ත ඛේදවාචකයකින් කෙලවර උනත් එයාලා කරපු කැපකිරීම් ජාත්යන්තර කම්කරු ව්යාපාරයක ආරම්භය සනිටුහන් කළා.
1887 ෆොඩ්රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතු දෙවෙන සමාජවාදී ජාත්යන්තරය ලෝක වැඩකරන ජනතාවගේ දිනය විදිහට මැයි 01 දා ප්රකාශයට පත් කළා.1886 මැයි පළවෙනිදා ඉඳන් ගත්තොත් අද අපි සමරන්නේ 138 වෙනි ජාත්යන්තර කම්කරු දිනයයි.අද අපේ රටේ සියලුම දේශපාලන පක්ෂ මැයි දිනය සමරනවා.මොනයම් හෝ මැයි දිනය ක්රියාකාරීත්වයක එයාලා යෙදෙනවා.අද සමරන 138 වෙනි මැයි දිනය ලාංකීය සමාජයේ අපට විශේෂ මැයි දිනයක්.
අපි රටක් විදිහට,දේශපාලන පක්ෂ විදිහට ඕනි තරම් මැයි දිනය සමරු පවත්වලා තියනවා. හැබැයි අපි මේ පාර මැයි දිනය සමරන්නේ රට මෙතනින් එහාට ගමන් කරන්නේ කොහොම කියලා තීරණය කරන තීරණාත්මක ජනාධිපතිවරණයක් අත ළඟ තියාගෙන.ඒක නිසා මේ මැයි දිනය හැම දේශපාලන පක්ෂයකටම වැදගත්.හැමෝම තම තමන්ගේ බලය පෙන්නන්න මැයි පෙලපාලි සහ රැලි යොදා ගන්නවා.
ඇත්තටම ගත්තොත් අවුරුදු හතරකට පස්සේ තමයි අපේ රටේ දේශපාලන පක්ෂ හරියට මැයි දිනයක් සමරන්නේ.ජනතාව මේ පාර සිංහල,දෙමල අලුත් අවුරුද්ද සැමරුවා වගේ දේශපාලන පක්ෂත් මැයි දිනය සමරනවා.එජාපය, සජබය,ජාජබය,පොහොට්ටුව,මව්බිම ජනතා පක්ෂය,ශ්රිලනිප කණ්ඩායම්,ජනරජ පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මැයි පෙලපාලි සහ මැයි රැලි සංවිධානය කරලා තියනවා.
එජාපය,සජබ,පොහොට්ටුව,මාලිමාව කියන විදිහට එයාලා ඒ මැයි රැලියකට ලක්ෂය ඉක්මවපු සෙනගක් ගේනවලු.ඒ ගණන් ඉළක්කන් මොනවා උනත් ආපු ගණන් හරියටම මැයි දිනයෙන් පස්සේ රටේ රාළ කියන්නම්.ඇත්තටම මෙතනදී පිලිගන්න වෙන සත්ය නම් දැවැන්ත උද්යෝගයක් මැයි දිනය සම්බන්ධව හැදිලා තියනවා කියන එකයි.හැබැයි මෙතනදී අපි එක සත්යක් පිලිගන්න ඕනි.කොරෝනා වසංගතයෙන් පස්සේ 2022 වෙනකොට අපි බංකොලොත් රටක්.
මීට අවුරුදු දෙකකට උඩදී මේ රට වැටිලා තිබුණ තැන අපි කාටවත් අමතක නෑ.හැමදේටම පෝලිම්.තෙල් පෝලිම්,හාල් පෝලිම්,කිරිපිටි පෝලිම්,ගෑස් පෝලිම්,මෙකී නොකී පෝලිම් සියල්ල තිබුණා.ඒ හැම පෝලිමකම දවසක් එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා වැටුනා.අපි ලෝකයේ බංකොලොත් රටක් බවට ප්රකාශයට පත්කලා.අපේ විදෙස් සංචිතය ඩොලර් බින්දුව දක්වාම හිදුනා.එහෙම තියන රටක් අද අවුරුද්දයි මාස 09 කට පස්සේ නැගිට්ටවලා තියනවා.
අද මේක සංචාරක පුරවරයක්,විදේශ රැකියාවලට විශාල පිරිසක් යනවා.අපේ ඩොලර් සංචිත ශක්තිමත්,රුපියල ශක්තිමත්,උද්ධමනය අඩුම රටවල් අතර අපිත් ඉන්නවා.ආර්ථික සහන ජනතාවටද දෙන්න පටන් අරන්.බඩුමිල අඩු කරන්න මැදිහත්වෙලා තියනවා.අද අස්වැසුම රට පුරා ක්රියාත්මකයි.රජයේ සේවකයන්ට රුපියල් 10000 කින් පඩි වැඩි කරලා.සියලු දේ සම්පුර්ණ නැතිවුනත් මිනිස්සුන්ට සතුටක් ලබන්න පුළුවන්. දේශපාලන වශයෙන් තමන්ගේ අදහස් ප්රකාශ කරන්න පුළුවන් නිදහස් රටක් තියනවා.
එදා මේ රට වැටිලා තිබුණ තත්වය කොච්චරද කියනවා නං රට බාර ගන්න කිසිකෙනෙක් ඉදිරිපත් උනේ නෑ.ඇත්තටම ඒ වෙලාවේ පුද්ගලයෙක් විදිහට ඒ අභියෝග බාරගත්තේ රනිල්.රනිල් මේ රට සන්සුන් කලා.ආර්ථික වශයෙන් යම් දුරකට ස්ථාවර කලා.අද ඔය ඕනිම දේශපාලන පක්ෂයකටම මැයි දිනය මහත් අභිමානයෙන් සමරන්න අවස්ථාව හදලා දුන්නේ රනිල්.ඒක කියන්න ගොඩක් දේශපාලන පක්ෂ කුහක උනත් රටේ රාළ බළකාය ඒ තිත්ත ඇත්ත කියන්න කුහක වෙන්නේ නෑ.
සිංහල,දෙමල අලුත් අවුරුද්දෙන් පස්සේ රනිල් අලුත් turn එකක් අරන් දේශපාලන පිටියට කඩා පැනලා.රටේ සියලුම සමාජ ස්ථර එකතු කරන්න පුළුවන් නායකයා බවට රනිල් පත්වෙලා.උතුරේ, නැගෙනහිර,වතුකරයේ,කතොලික ප්රජාවේ,රටේ වැඩකරන ජනතාව අතර,ගොවියන්,ශිෂ්යයන්, කාන්තාවන්,ව්යාපාරිකයන් ඇතුළු සමාජ ස්ථර ගණනාවකගේ අවධානයට රනිල් ලක්වෙලා. රනිල්ට ඉඩ දෙන්න කියන සටන් පාඨය බලසම්පන්න විදිහට මතුවෙලා.
ඒ මේ රට මෙතනින් එහාට ගෙනියන ආර්ථික සහ දේශපාලන සැලැස්මක් රනිල් අතේ තියන හින්දයි.රනිල්ගේ ආර්ථික සැලැස්ම ඇර වෙන සැලැස්මක් සජබයට නෑ.රනිල්ගේ ආර්ථික සැලැස්ම හැර වෙන සැලැස්මක් ජාජබයටත් නෑ. ඒක ඉතා පැහැදිලිව නලින්ද ජයතිස්ස පිලිගත්තා.එයාලා රනිල් එක්ක තරඟ කරන්න ඇවිත් තියෙන්නේ රනිල්ගේ ප්රතිපත්තියම කරගහගෙන.කොටි ගණන් වියදම් කරලා රනිල්ගේ ප්රතිපත්තිය ගැන වේදිකා උඩ පම්පෝරි ගැසීම අපරාධයක්.
සජිත්ට සහ අනුර දෙන්නාටම දැන් නං සුදුසුම රනිල්ගේ වේදිකාවට නගින එක තමයි.මොකද දැන් මේ තුන්දෙනාම ඉන්නේ එකම ආර්ථික ප්රතිපත්තියක.රනිල්ගේ ප්රතිපත්තිය නං එයාලත් ක්රියාත්මක කරන්නේ අනුරට සහ සජිත්ට තියෙන්නේ රනිල්ට සහය දෙන්න.මොකද අනුරට සහ සජිත්ට වඩා හොඳට රනිල්ට ඒක කරන්න පුළුවන්.දැනට එයාලා මතු කරන්න තියන එකම තර්කය රනිල් හොරු අල්ලන්න නෑ කියන එකයි.
ඇත්තටම රනිල්ට හොරු අල්ලන්න ඕනි සහයෝගය එයාලා දුන්නේ නෑ. දුෂණ විරෝධී කමිටුවේ ඉන්න ගමන් අනුර මතු ප්රයෝජනයට ෆයිල් හැදුවා මිසක ඒවට අවශ්ය නීතිමය පියවර ගත්තේ නෑ.කොහොම උනත් මේ එන කඩයිමේදී හොර ලේබලය ඔය උපාසක මහත්තුරුන්ටත් වදින්න පුළුවන්.ව්යාපාරිකයින්ගෙන් රෑට රෑට තනියම ගිහින් සල්ලි ගත්ත මහත්තුරුගේ දර්ශන CCTV කැමරා කාචවල සටහන් වෙලා තියෙන්න පුළුවන්.
රනිල්ගේ ප්රතිපත්තියම ඉස්සරහට ගෙනියන අනුර,සජිත් රනිල්ගේ ගොඩට යනවා නම් ඊට වෙනස් විකල්පය තෝරගන්න මේ රටේ ජනතාවට පහසුවක් වේවි.එක දවසක් රනිල් මාලිමාවේ සුනිල් වටගලට කියලා තිබුණේ තව මාස හයකින් ඔයාලා ඔක්කොම මගේ පැත්ත කියලා.රනිල් එහෙම කියලා දැන් මාස දෙක තුනක් ඇති.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 3 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *