තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 368කි.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති අතර එහි මිල රුපියල් විස්සකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 420කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 363ක්ව පැවැති අතර එහි මිල රුපියල් තිහකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 333කි.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 386ක්ව පැවැති අතර එහි මිල රුපියල් නමයකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 245ක්ව පැවැති අතර එහි මිල රුපියල් තිහකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 215කි.

රක්ෂණ ශ්‍රියන්ත

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *