|

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

මහ බැංකුව  පවත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  සියලු කාණ්ඩවල පොලී අනුපාත තව දුරටත්  පහත වැටුණු අතර, මාස 3ක බිල්පත් සඳහා පොලිය පදනම් ලකුණු 29 කින් පහළ ගොස් සියයට 9.61  ක් ලෙස සටහන් වූ  බව රාජ්‍ය ණය කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි.

වෙන්දේසියට  ඉදිරිපත් කරන ලද මාස තුනේ බිල්පත් රුපියල් බිලියන 25 ක් වූ සියල්ල විකුණා ඇත.

මාස 6ක බිල්පත් පොලිය පදනම් අංක 19කින් පහත වැටී සියයට 9.89ක් ලෙස සටහන් වූ අතර රුපියල් බිලියන 65ක් ඉදිරිපත් කර රුපියල් බිලියන 57.08ක් විකුණා ඇත.

මාස 12ක බිල්පත් පොලිය පදනම් අංක 22කින් සියයට 9.99 දක්වා පහත වැටී ඇති අතර ඉන් රුපියල් බිලියන 40ක් ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් බිලියන 47.91ක බිල්පත් අලෙවි කරනු ලැබී ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *