මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

පෞද්ගලික බස් සහ විශේෂ දුම්රියත් වෙන් කරගෙන :

මැයි රැලි සඳහා පැමිණෙන පිරිසගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථ 1500 ක් පමණ දේශපාලන පක්ෂ විසින් වෙන් කරගනු ලැබ ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය මෙලෙස බස් රථ වෙන් කරගෙන ඇත.

එමෙන් ම පෞද්ගලික බස් රථ විශාල ප්‍රමාණයක් මෙන් ම විශේෂ දුම්රිය ද වෙන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් වෙන් කරගත් විශේෂ දුම්රිය තුනක් අලුත්ගම සිට, ගාල්ල සිට සහ බෙලිඅත්ත සිට කොළඹට පැමිණෙන බව ද වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *