ජනපති මැයි රැලි දෙකක

sharethis sharing button

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.

කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි.

වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව පවතී.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *