මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

තමන් සජිත් ප්‍රේමදාස සමග එක්ව කටයුතු කළද තමන්ට මෙතෙක් නිසි වගකීමක් ලබා දී මුලදී තමන්ව නැතැයිද සමගි ජන බලවේගයේ රැස්වීම්වලට පවා රැගෙන ගියද මේ වනවිට තමන්ව අමතක කර දමා කටයුතු කරමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කරයි.

අද වනවිට තමන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බවත් එනිසා තමන් ස්වාධීනව කටයුතු කර ගෙන යන බවත් අද වන තෙක් තමන්ට කිසිදු වගකීමක් ලබාදී නැති බවත් ඔහු අවධාරණය කරයි. තමන්ට ආසන සංවිධායක ධුරයක් හෝ මේ වන තෙක් ලබා දී නැතැයිද ඔහු පවසයි.

විජිත් විජේමුනි සොයිසා රාජපක්ෂ පාලන සමයේත් යහපාලන ආණ්ඩුවේත් ඇමති ධුර දැරූවෙකු වන අතර පසුගිය කාලයේ සමගි ජන බලවේගයේ රැස්වීම්වල ප්‍රධාන කථිකයෙකුව සිටියේය.

Lanka Truth 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *