|

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.

ශ්‍රී ලංකාවට 2026 දී ළඟා කරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය දෙසැම්බරයේ පුරෝකථනය කළ සියයට 3 ක ආර්ථික වර්ධනය මේ වසරේ ළඟා කරගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් ම වාර්තාවේ සඳහන් වෙයි.

මේ වසරේ සියයට 1.8 ක 2025 දී 2.6 ක සහ 2026 දී සියයට 3 ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අත්කර ගනු ඇති බව මුල්‍ය අරමුදලේ පුරෝකථනය වී ය.

ඒ අනුව මේ වසරේ සියයට 3 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම යනු වසර දෙකක ඉදිරි පිම්මකි.

ලිහිල් කළ මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයේ සහ අඩු උද්ධමන පරිසරයේ ප්‍රතිලාභ ක්‍රමානුකූලව ආර්ථිකය වෙත ගලා ඒම නිසා මේ වසරේ ආර්ථිකය 3% කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව අලුත් ම වාර්තාවෙන්   අපේක්ෂා කරයි.

“ඉදිරි කාලපරිච්ඡේදය තුළ ආර්ථිකයේ  තිරසාර ප්‍රකෘතිමත වීමක් අපේක්ෂා කෙරේ,” CBSL පසුගිය සතියේ නිකුත් කරන ලද 2023 වාර්ෂික ආර්ථික සමාලෝචනයේ සඳහන් කොට ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ බලාපොරොත්තු වූවාට වඩා වේගවත් ප්‍රකෘතිමත් වීම ඉක්මනින් ම අනෙකුත්  ආශ්‍රිත අංශ කෙරෙහි ධනාත්මක ලෙස  බලපෑමත් සමඟ වර්ධන වේගය ඉහළ යාමට  සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බව එහි සඳහන් වේ. ආනයන සීමා ඉවත් කිරීම, ණය පිරිවැය අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල අඩු වීම වැනි මෑතකාලීන ධනාත්මක වර්ධනයන්ගෙන් කර්මාන්ත අංශයට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ද  අපේක්ෂා කෙරේ. රජයේ කලින් නවතා දැමූ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නැවත ආරම්භ කිරීමත් සමඟ ඉහත සඳහන් කළ වර්ධනයන් අනුව ඉදිකිරීම් අංශයේ ක්‍රියාකාරකම්වල ප්‍රබෝධයක් ද පෙන්නුම් කරයි.

 

.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *