|

ජනපති ඉන්දුනීසියාවේ නිල සංචාරයකට සහභාගී වෙයි.

ඉන්දියානු සාගරයේ නිම් වළල්ල සංගමය (IORA) රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා  (05) දිවයිනෙන් පිටත්ව ගියේය.

එරටේ අගනුවර වන ජකර්තා නුවරදී ‘ඉන්දුනීසියානු සාමය, ස්ථාවරත්වය හා සෞභාග්‍ය සඳහා සාගරික සහයෝගිතාවය ශක්තිමත් කිරීම” සඳහා පැවැත්වෙන සමුළුවට ජනාධිපතිවරයා  සහභාගි වුහ .

මෙම සංගමයට අයත් රාජ්‍යයන්හි නායකයන් 21 දෙනකු, සංවාද සහකරුවන් තිස්දෙනකු හා වෙනත් විශේෂ ආරාධිතයන් රැසක් මෙම සමුළුවට සහභාගි වී සිටියහ. රටවල්වල විදේශ ඇමැතිවරුන් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීම විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් ආරම්භ කරනු ලැබිණි.

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා බිහිකර ඇති මෙම සංගමයේ අමාත්‍ය මට්ටමේ 4 හා 5 වැනි සමුළු 2003 හා 2004 යන වසරවලදී කොළඹදී පවත්වනු ලැබිණි.

සාගර ආරක්ෂාව හා සුරක්ෂිතතාවය, වෙළෙඳ හා ආයෝජන පහසුකම්, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය, ශාස්ත්‍රීය, විද්‍යා හා තාක්ෂණික සහයෝගිතාවය, සංචාරක හා සංස්කෘතින් හුවමාරුවීයම් යන ප්‍රමුඛ අරමුණු ‍ක්ෂේත්‍ර කෙරෙහි මෙම සමුළුවේ අවධානය යොමුවනු ඇත.

සමුළුව අවසන්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති සිරිසේන මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක යෙදෙනු ඇත. මෙම සංචාරයේදී පුළුල් ‍ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ද්වීපාර්ශවික ගිවිසුම් රැසකට දෙරට අත්සන් තබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *