විමල්ට ඇප නෑ..කිසිම නීතීඥයකු ඇවිත් නැහැ…..

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන්  රජයේ වාහන 40ක් අවභාවිත කළැයි කියන සිද්ධියේ රිමාන්ඩ් භාරයේ පසුවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා නිතිඥ සහායක් නොමැතිව අධිකරණයේ අවසරය මත පැයකුත් මිනිත්තු  10ක් සිදු කළ විශේෂ ප්‍රකාශයේ ඉදිරිපත් කළ සුවිශේෂි කරුණු සලකා බලා තමන්ට  ඇප ලබා දෙන ලෙස  සිදු කළ ඉල්ලීම ලබන 20 වනදා සලකා බලන බව කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය  ප්‍රකාශ කළ අතර සැකකරු ලබන 20 රක්ෂීතභාර ගත කරන ලෙසට නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනා සම්බන්ධ මුලික විමර්ශන අවසන් කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් බව වාර්තා කළ මහේස්ත්‍රාත්වරිය ඉදිරි සති දෙක තුළ උදෘත නිතිපතිවරයාට යොමු කිරිමට අවශ්‍ය පියවර කිඩිනමින් ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එමෙන්ම මෙම සිද්ධියේ ඇප මත සිටින දෙවන සැකකරු වන  රාජ්‍ය ඉංජිනේරු  සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදි මහතාගේ රෝගී දරුවාගේ අධිකරණයට භාර දී ඇති  වෛද්‍ය වාර්තාවල මුල පිටපත් ලබා දෙන ලෙසට නිතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ වමහේස්ත්‍රාත්වරිය එහි මුල් පිටපත් වල  ඡායා පිටපත් සහතික කොට මුල පිටපත් සැකකරුට මුදා හරින ලෙසටද නියෝග කළාය.
නිතිඥ සහායක් නොමැතිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව අධීකරනයට කරුණු දැක්වූ  වීරවංශ මහතා අධිකරණයෙන් ලබා දුන් අවසරය මත කියා සිටියේ තමන්ව පොදු දේපල පනතේ 8-1 වගන්තියේ කොන්දේසි සුපරන්නේ නැතිව මුල්‍ය අපරාද කොට්ඨාසය තමන්ව  නිතිවිරෝධීව රදවා ගෙන් ඇති බැවින් එම නිති විරෝධි රඳවා ගැනිම නතර කොට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරි පත් වූ තමන්ව නිදොස් කිරිමට පියවර ගන්නා මෙන් අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවය.
එසේ සිදු කළ නොහැකි නම් කොළඹ දිස්ත්‍රික් ජනතාව වැඩිම මනාප ලබා දෙමින් මහජන නියෝතියකු ලෙස පත් කළ මා එම ජනතාවගේ විශ්වාසය කඩ නොකළ බවත් ව්‍යවස්ථාදායකයේ නියෝජතියකු ලෙස තමන්ට ඉටු කළ යුතු කාර්යන් සලකා බලා සුවිශේෂි කාරණයක් සේ එම කරුණ සලකා  බලා ඇප මත මුදා හැරිමට පියවර ගන්නා මෙන්ද වීරවංශ මහතා ඉල්ලා සිටියේය.
මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ ක්‍රයි පිටිපාටිය සකස් වන බැවින් ඒ සම්බන්ධව මට අවැසි භුමිකාව සිදු කරලීමටමේ වැදගත්කම තෙරුම් ගන්නා ලෙසත් තමන්ට වැඩිම මනාප ලබා දුන් කොළඹ දිස්ත්‍රික් ජනතාවට වෙනුවෙන් තමන් එම යුතුකම් ඉටු කළ යුතු බවද අධිකරණයට වීරවංශ මහතා දන්වා සිටියේය.
එහිදී කරුණු දැක්වූ වීරවංශ මහතා කියා සිටියේ තමන්ව දින 54ක් තිස්සේ රිමාන්ඩ්භාරයේ රඳවා තබා ඇත්තේ 2016-09-13 වැනි දින සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ පළමු බී වාර්තාව දෝෂ සහගත බව වන අතර එහිදී පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි ගණනවක් සම්බන්ධ විමර්ශන සිදු කරන අවස්ථාවේදී එම වාර්තාව අධීකරණයට ඉදිරිපත් කරන විට තමන් අත්අඩංගුවට ගෙන නැති බවත් එම වාර්තාව සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ යුත්තේ සැකකරුවකු අධීකරණයට ඉදිරිපත් කරන විටදී බවද කියා සිටියේය.
මෙම කාරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභා පනතට අනුව මෙවැනි කාරණා සම්බන්ධයෙන් නියෝග ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලතල නොමැති බව පුකාශ කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් ලිඛාතව හෝ වාචිකව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට පැමිණිලි කරන ලෙසට සැකකරුට දන්වා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *