ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගිය 24 වෙනිදා උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය විවෘත කළා.ඊට අමතරව තවත් ද්වීපාර්ශ්වික ගිවිසුම් කීපයක් අත්සන් කරලා ගියා.ඉරාන ජනාධිපතිරයාගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි ජාත්‍යන්තර අවධානයකට ලක් උන සංචාරයක්. ඇමරිකානු තානාපති අංශ වගේම ඊශ්‍රායල තානාපති අංශත් ඒ සංචාරය ගැන දැඩි විරෝධයත් පළ කරලා තිබුණා.
සමහර දේශපාලන විචාරකයෝ කිව්වේ ඉරාන ජනාධිපතිවරයා මේ වෙලාවේ ලංකාවේ සංචාරය කිරීම සුදුසු නෑ කියලා.බටහිර කදවුර අපිත් එක්ක අමනාපවෙයි කියලා එයාලා කිව්වා.ඒ ප්රශ්නය ජනාධිපති රනිල් ගාවටත් විවිධ හැඩයෙන් එන්න ඇති.කැබිනට් එකේදී සහ රනිල් සහභාගී වෙන ඉහල පෝරම්වලදී මේ සාකච්ඡාව ඇවිත් තිබුණා.ඒ හැම තැනකදීම රනිල් කියලා තිබුණේ අපි සිරිමාවෝ සහ ජේආර් අනුගමනය කරපු නොබැදි ප්‍රතිපත්තියේ ඉන්න රටක් හින්දා ලෝකේ ඕනිම රටක් එක්ක ගනුදෙනු කරන්න අපට පුළුවන් කියලයි.
ජේආර් නොබැඳි පිලිවෙතක් අනුගමනය කළාද කියන එක වෙනම ප්‍රශ්නයක්.කොහොම හරි රනිල්ගේ ඒ නොබැඳි කතාව සහ ඉරාන ජනාධිපතිගේ ලංකා ගමන ගැන ගත්ත තීරණය අගය කරන්න ඕනි එකක්.ස්වාධීන රාජ්‍යයක් හැටියට අපට ලෝකේ ඕනිම රටක් එක්ක ගනුදෙනු කරන්න අයිතියක් තියනවා.ඒක කවුරු හරි තමන්ගේ කියලා හිතාගෙන ඉන්න කලාපයක බල තුලයට ප්‍රශ්නයක්ද කියන එක අපට අදාල නෑ.
අපි ස්වාධීන රාජ්‍යයක් කියලා ලෝකය පිලිගන්නවා නම් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අපට පුටුවක් වෙන්කරලා තියනවා නම් අපි ස්වාධීන රාජ්‍යයක් විදිහට සංස්කෘතිකමය වශයෙන්,ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් මානව සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කරන කිසිම ගනුදෙනුවකට කාටවත් වාරණ දාන් බෑ.දානවා නං ඒ වාරණවලට යටත් වෙන්න ඕනිත් නෑ.මේ ලෝකයේ මානව සමාජයේ යහ පැවැත්ම කියන ක්‍රියාවලියෙන් එහාට ගිය තවත් ක්‍රියාවලියක් තියනවා.
ඒ තමයි බලවත් රටවල් දුර්වල රටවල් යට කරගැනීම සදහා කරන ක්‍රියාන්විත.ඒකේ උච්චතම අවස්ථාව තමයි යුධමය ක්‍රියාන්විත හරහා රටවල් යටත් කරගැනීම.ඊට මෙහා තවත් ක්‍රම ගොඩක් තියනවා.ආර්ථිකමය වශයෙන් කරන ආක්‍රමණ,සංස්කෘතිකමය වශයෙන් කරන ආක්‍රමණ,මානව හිමිකම් වගේ අවි යොදාගනිමින් කරන බලපෑම්…..වගේ ගොඩක් තියනවා.
රටක් හැටිය අපි හිතන්න ඕනි ලෝකයේ සියලුම මිනිස් ප්‍රජාවන් එක්ක මානව ධර්මතා ප්‍රවර්ධනය කරන්න.ඒකට සබැදියාවන් ලෝකයේ මානව ප්රජාවත් එක්ක හැදෙන්න ඕනි.ඒ ඇත්ත නොපිලිගන්න කාටවත් බෑ.ඒ අර්ථයෙන් ගත්තම අපි ඇමරිකාව එක්ක ගනුදෙනු කරනවා වගේම, ඊශ්‍රායලය එක්ක ගනුදෙනු කරනවා වගේම ඉරානය එක්කත් ගනුදෙනු කරන්න ඕනි.
ලෝකය දිහා නොබැඳි දෘෂ්ටි කෝණයකින් බලනකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.හැබැයි වෙන දේශපාලන කෝණවලින් ලෝකය දිහා බලන අයට ඒක වෙනස් විදිහට පේන්න පුළුවන්.ඒක අපි ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ.අපිට ඉරානයත් එක්ක දේශ සීමා ගැටුම් නෑ.මුහුදු සීමාවල ප්‍රශ්න නෑ.කලාපීය ගැටුම් නෑ,අහසෙ,මුහුදෙ,ගොඩබිම කොහේවත් ගැටුමක් නෑ.
මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් කරන කටයුත්තකදී ඉරානයත් එක්ක ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් බැදීම් හදාගන්න අපිට පුළුවන්. උදාහරණයක් ගත්තොත් ඉරානයේ චිත්‍රපට කර්මාන්තය කියන්නේ ලෝකයේ ගොඩක් ඉස්සරහින් තියන එකක්.ඉරාන ආධ්‍යාත්මය කියන්නේ ගොඩක් බලසම්පන්න එකක්. තාක්ෂණික වශයෙන් සහ නවීන විද්‍යාවත් එක්ක ඉරානය වේගයෙන් ඉස්සරහට යන රටක්.දේශීය වශයෙන් හැම දෙයක්ම අත්පත් කරගන්න ඉරාන උත්සහ කරනවා.
ඉස්ලාමීය ආධ්‍යාත්මයක් සහිත ඉරාන ජාතිකවාදය ඉතා ශක්තිමත් එකක්.ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ඉස්ලාමීය ආධ්‍යාත්මික ජාතිකවාදය අරාබියේ බොහෝ රටවලින් තුරන් කළා.හැබැයි ඉරානයේ ආධ්‍යාත්මයට ගහන්න එයාලට තවමත් බැරිවෙලා තියනවා.උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමයෙන් ඉරානය කියන්නේ කවුද කියලා අපට පෙන්නනවා.අපේ රටේ ඉන්න දේශපාලන තක්කඩි උමා ඔය යෝජනා ක්රමයේ නැති හිල් හදද්දී තාක්ෂණිකව ඒක සාර්ථක ව්‍යාපෘතියක් කියලා දැන් ඔප්පුවෙලා ඉවරයි.
විදුලිබලය,පානිය ජලය සහ කෘෂිකාර්මාන්තය සඳහා ජලය කියන මේ මූලික අවශ්‍යතා තුන සාර්ථකව සම්පූර්ණ කරගත්ත ව්‍යාපෘතියක් තමයි උමා ඔය.ඒක කරන්න අවශ්‍ය කරන ශිල්පීය ඥාණය ඉරාන ඉන්ජිනේරුවන් අපට දීලා තියනවා.ඒකෙන් රටේ රාළ අපේ ඉන්ජිනේරුවන්ගේ හැකියාවන් හෑල්ලු කරන්නේ නෑ.අපේ ඉන්ජිනේරුවෝ ඊට නොදෙවෙනි වැඩ කොටසක් උමා ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් කරලා තියනවා. රටට ජයග්‍රහණ එද්දී ඒවාට වෛර කරන ජවිපෙ වගේ දේශපාලන මංකොල්ලකාරයන් අකුල් හෙලද්දී අවුරුදු නවයකට පස්සේ හරි මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වීම රටේ වාසනාවක්.උමා ඔය අපේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලි සැපයුමක් එකතු වෙලා තියනවා.
ඒ ප්‍රදේශවල පානීය ජල ප්‍රශ්නයට සහ කෘෂිකාර්මික ජල ප්‍රශ්නයට උත්තරයක් හදලා තියනවා.ඉතින් ඒ සහය දුන්න රටේ ජනාධිපතිට ඒ උත්සවයට ආරධනා කරන එකේ තියන වැරැද්ද මොකද්ද?රනිල් ඉරාන ජනාධිපතිට එන්න කිව්වේ ඇමරිකාවට ගහපං කියන්නවත්, ඊශ්‍රායලයට ගහපං කියන්නවත් නෙවෙයි.හරි නං ඒ උත්සවයට ජනාධිපති,අගමැති නෙවෙයි රටේ විපක්ෂ නායකයත් සහභාගී වෙන්න ඕනි.සජිත් රට ආපු සමහර නායකයෝ අනාරාධිතව ගිහින් හම්බ උන හැටි රටේ රාළ නං දන්නවා.
මේවා ඇතුලෙත් ඒක එක ප්‍රශ්න හදන්න හදන අය ඉන්නවා.රනිල් ඉරාන ජනාධිපතිට ආරාධනා කරපු නිසා සමහරු රනිල්ට ගහන්න මේකේ ඇදකුද හොයනවා.ඒ අතර රටට යහපතක් වෙනවට අකමැති ජෙප්පෝ වගේ සත්ව කොට්ඨාශත් ඇති. එයාලා තමයි කියන්නේ ඇමරිකාව තරහවෙයි, ඊශ්‍රායලය තරහවෙයි.ඊශ්‍රායලය ගුවන් ගමන් නවත්තයි.ඊශ්‍රායලය අපට දෙන රස්සා ටික නැතිවෙයි….වගේ සැක සංකා හදනවා.
උමා ඔය හරියට අධ්‍යනය කලොත් රට පැත්තේ සහ ජනතාවගේ පැත්තේ හිටගෙන වැඩ කරපු අය සහ රටට ජනතාව ද්‍රෝහී වෙච්චි අය කවුද කියලා අඳුරගන්නත් පුළුවන්.අපේ රටේ මාධ්‍ය කලාව ඇතුලේ ඉන්න කුඩුකේඩු චරිත ටිකත් අඳුරගන්න පුළුවන්.විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුලේ සුදු පිරුවට දාගෙන සාධාරණ ගැන කතා කරන බව පෙන්නමින් උමා ඔයට හතුරු වෙච්චි අනුර කුමාරලාගේ කිලිටි හෝදන යූ ටියුබ් චැනල්කාරයෝ ටික හරියටම අදුරගන්න පුළුවන්.
ඇත්තටම රටේ පැත්ත අරගෙන කතා කරන්න යු ටියුබ් චැනල් එකක් නෑ.ඒක හදන්න හැකියාව රටේ රාළ බළකායට තිබුණත් ඒක අවශ්‍ය කරන ආර්ථික හැකියාව අපට නෑ.
ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන ඇතුලේ ඉතාමත් සංකීර්ණ වෙලාවක් මේක.ඒ වගේ අවස්ථාවක තමයි ඉරාන ජනාධිපතිව ගෙන්නන්න රනිල් තීරණය කරන්නේ.රනිල් රටේ ආර්ථිකය ගොඩගන්න මැදිහත් වෙන ගමන් භූ දේශපාලන ඇතුල තියන සංකීර්ණ කමත් තේරුම් ගනිමින් අපි තවදුරටත් කඳවුරු ගත නොවුන නොබැඳී ජාතියක් කියලා ලෝකයට පෙන්නන්න උමා ඔය පාවිච්චි කරලා තියනවා.ඒක රනිල් සතුව තියන අති විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික ලක්ෂණයක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.