සොරකම් කළ මුදල් ගෙනෙන පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කළ මුදල් ආපසු ලබා ගැනීම සඳහා සකස් කොට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කළ පනත විධිමත් නීති කෙටුම්පතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

මෙම පනත සහ එයට අදාළ වාර්තාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගිනි. එම කමිටුවේ වාර්තාව සහ යෝජිත පනත පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබිණි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *