මාලිමාවට පෙම් බඳින ඩලස් – රටේ රාළ

” මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි ” ලිපියෙන් රටේ රාළ මාලිමාවේ අභයන්තර අර්බුදය ගැන කතා කළා.දැන් මාලිමාව මුහුණ දීලා තියෙන ලොකුම ප්රශ්නය තමයි සංවිධායකයින්ගේ හිඟය. ආසන මට්මටමින් බලද්දී මාලිමාවට දක්ෂ සංවිධායකයින් අඩුයි.බහුජන සහ පක්ෂ සංවිධායකයෝ දෙගොල්ලොම නෑ.ඇත්තටම චරිත නෑ.
මාතරට හදුනෙත්ති විතරයි, කළුතරට නලින්ද ඉන්නවා.ඊට අමතරව කොට්ටහච්චියි ඉන්නවා, නලින්දයි,කොට්ටහච්චි අතර තියෙන්නේ නයි මුකට් සටනක්.නලින්ද යන ස්ටේජ්වලට කොට්ටහච්චි ගන්නේ නෑ.ඒකට හරියන්න කොට්ටහච්චි නලින්දට ගහගහ යනවා,ගම්පහට විජිත හැරුණම,බදුල්ලට සමන්ත හැරුණාම රට දන්න චරිත නෑ.ගොඩක් දිස්ත්රික්කවලට එහෙම කෙනෙක්වත් නෑ.ජවිපෙ මහ මැතිවරණයකට අකමැති ඔය චරිත හිඟය හින්දයි.ජවිපෙට කෝකටත් තෛලය විදිහට ඉන්නේ අනුර විතරයි.බැරි වෙලාවත් අනුරගේ කේෂ් එකක් පත්තු උනොත් මාලිමාව කඳ හරහා වැටෙනවා. එහෙම පත්තු වෙන්න කේෂ් අනුරට නැත්තෙත් නෑ.
හැබැයි මේ වෙලාවේදී කවුරුත් අනුරට බර අවිවලින් ගහන්නේ නෑ.රනිල් අනුරව පාවිච්චි කරන්නේ සජිත්ව දුර්වල කරන්න.අනුර දැන හෝ නොදැන කරන්නේ ඒ කොන්ත්රාතුව.රනිල් අනුරව ඉලක්ක කරන්නේ ජූලි/අගෝස්තු මාසවල. එතකන් අනුර මේ දුවන්නේ සජිත් විනාශ කරන project එකක.අනුර ඕනි නං සජිත් විනාශ කරන කොන්ත්රාත්තුව කරලා නතර වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ජනාධිපතිවරණ සටනට රනිල් එක්ක එන්නත් පුළුවන්.
අනුරලා සහ මාලිමාව මුහුණ දීලා තියන මේ සංවිධායක අර්බුදය බේරගන්න එයාලා උපරිම උත්සාහයක යෙදෙනවා.ජනාධිපතිවරණයක් වගේ කැම්පේන් එකක් මෙහෙයවන්න ඉන්න අභයන්තර සහ බහුජන සංවිධායකයෝ ගාන කොහොමවත්ම ප්රමාණවත් නෑ. ජනාධිපතිවරණයකදී රට පුරාම එක සැරේ කැමිපේන් එකක් කරන්න වෙනවා.දැනට මාලිමාව වටේ එකතු වෙලා ඉන්න අයගෙන් එහෙම වැඩක් ගන්න පුළුවන් අය ඉන්නේ බොහෝම පොඩි ප්රමාණයක්.
මලිමාවට ඇවිත් ඉන්න ගොඩ දෙනෙක් මයික් ටයිසන්ලා සහ කුණුහරප කමෙන්ටේටර්ස්ලා. ජනාධිපතිවරණය කිට්ටුවෙන හින්දා ඔය ප්රශ්නයට ඉක්මන් උත්තරයක් හදන්න ජවිපෙ උත්සහ කරනවා.මෙතනදී ජවිපෙ හදන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙක තුනක් වට්ට ගන්න.මීට කලින් ජවිපෙ දේශපාලන මණ්‌ඩල තීරණයක හිටියේ ජවිපෙ හැරගිය අය පක්ෂයට නොගෙන ඉන්න.මිට කලින් එයාලා සැලසුම් කළේ ජවිපෙ හැර ගිහින් ජවිපෙට ගහන අයත් එක්ක ගනුදෙනුව බලය ගත්ත දවසේ රෑම විසඳගන්න.
ඒකයි ලාල් කිව්වේ අපට රාජ්ය බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා.අවශ්ය කට්ටිය දැනටමත් මාක් කරගෙන ඉන්නේ කියලත් ලාල් කිව්වා.ජවිපෙ දැන් ඒ තීරණය පොඩ්ඩක් එහාට මෙහාට කරගෙන. ලොකුවටම ජවිපෙ එක්ක හැපෙන්නේ නැති අය වෙනම වැඩකට පාවිච්චි කරගන්න ජවිපෙ දැන් ලෑස්තියි.ඒ මෙහෙයුම කරන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය හරහාමයි.දැන් ජවිපෙ එයාලට options දෙකක් දීලා තියනවා.
එයාලා කෙලින්ම ජවිපෙට සම්බන්ධ කරගන්න ජවිපෙ බයයි වගේම එහෙම සම්බන්ධ වෙන්න එයාලත් කැමති නෑ.හැබැයි මාලිමාව දිනයි කියලා හදලා තියන බොරු හුඹස් බිය හින්දා සමහරු අතරමැද තැනකට එන්න කැමතියි.දැන් ජවිපෙ එයාලට කියන්නේ මාලිමාවට සම්බන්ධ වෙන්න කියලා.ජවිපෙ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පරණ සෙට් එක අරගෙන ආයෙත් අනුරට කඩේ යවන්න.එයාලා මුහුණ දීලා තියන සංවිධාන අර්බුදය යම් පමණකට හරි විසදගන්න.ඊළඟට මේ කණ්ඩායම මාලිමාවට යැවීම හරහා මාලිමාව ජවිපෙ අභිබවා යෑමට දරන උත්සාහය පාලනය කරන්න.
ඒ කියන්නේ මතවාදීමය වශයෙන් මාලිමාව පාලනයට කරන්න නෙවෙයි.මාලිමාවේ පුද්ගල චරිත පාලනය කරන්න.මොකද ඒ කතා කරපු ගොඩක් අයට මාලිමාවේ අයට වඩා ජවිපෙ එක්ක ගැටගැහුණු ඉතිහාසයක් තියනවා.ජවිපෙ බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙ ටීම් එකක් පාර්ලිමේන්තුවට යවා ගන්න.මාලිමාවේ ගොඩ දෙනෙක් ජවිපෙට දැනටමත් ඇලජීක්වෙලා.කොට්ටහච්චි ඒකට හොඳ උදාහරණයක්.
ඊළඟ උත්තර විදිහට ජවිපෙ පාව්චිචි කරගන්න හදන්නේ ඩලස්ව.මාලිමාවටත් සම්බන්ධ වෙන්න අකමැති අයට එයාලා යෝජනා කරන්නේ ඩලස් හදන පෙරමුණට යන්න කියලා.ඒ කියන්නෙ ඩලස් නුදුරේදීම මාලිමාවට සහය දෙන්න පෙරමුණක් හදනවා.එතෙන්ට එකතු කරන්න ඩලස් සහ ජවිපෙ බලාපොරොත්තු වෙන්නේ මාලිමාවට පිටින් ඉන්න තව ස්ථරයක්.ඩලස් හිතනවා ඇත්තේ ජනාධිපතිවරණයේදී අනුරට උදව් කරලා මාලිමාව යටතේ මාතරට තරඟ කරලා පාර්ලිමේන්තු එන්න.
ජවිපෙ හැරගිය අයට අමතරව ඩලස්ට තව පිරිසක් එතනට ගන්න පුළුවන්.යම් තරමකට දුෂණ චෝදනා තියන කෙනෙකුට උනත් එතන ඉන්න පුළුවන්.ඩලස්ලා වගේ රාජපක්ෂලාගේ කිලිටි හෝදපු අයටත් මාලිමාව එක්ක මේ ක්රමයට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඉතින් ඒ මට්ටමේ ඕනි කෙනෙකුට එතන ඉන්න පුළුවන්.ඒ කියන්නේ අනුරට සපෝට් කරන්න ඩලස්ලා වෙනම arm එකක් හදන්න හදනවා කියන එකයි.
ඇත්තටම ඒක ජවිපෙ සහ ඩලස්ගේ පැත්තෙන් හිතුවොත් හොඳ උපක්රමයක්.ඒ සෙට් එක යොදාගෙනත් මාලිමාව කොන්ට්රෝල් කිරීමේ අදහසත් ජවිපෙට ඇති.ඩලස් මීට ඉස්ස්සෙල්ලා සජිත් එක්ක සන්ධානගත වෙන්න හදද්දී ඩලස් සජබෙ නියෝජ්ය නායකකම ඉල්ලලා තිබුණා.
ඊළඟට සජිත් ජනපති – ඩලස් අගමැති කියලා හදපු සටන් පාඨයකුත් ඒ දවස්වල plant කරලා තිබුණා.ඩලස් දිගටම සජබෙ එක්ක කේවල් කළේ තනතුරු වෙනුවෙන් කියලයි නිදහස ජනතා සභාවේ ඩලස් විරෝධීන් කියන්නේ.මෙතනදී ඩලස් සහ ජවිපෙ අතර ඇතිවෙලා තියන හරි,ඇති වෙන්න නියමිත හරි එකඟතාවය තවමත් පැහැදිලි නෑ.ජවිපෙටවත්,මාලිමාවටවත් රට ගොඩනැඟීමේ වැඩපිලිවෙලක් නැති බව දැන් රහසක් නෙවෙයි.ලාල් දැන් කියන්නේ ඊළඟට එන මැතිවරණය මොකද්ද කිව්වොත් වැඩපිලිවෙල මොකද්ද කියලා කියනවා කියලයි.
මැතිවරණයක් නැත්තං එයාලට වැඩපිලිවෙලක් නෑ.
ඩලස්ටත් යෝජනා කරන්න කියලා විශේෂ දෙයක් නෑ.ඩලස්ට තියෙන්නේ තමන්ගේ පංගුව මොකක්ද කියලා බේරගන්න විතරයි.ඉස්සර විමල් ජානීපෙ දේශපාලන මණ්ඩලයට දිගටම කිව්වේ ඩලස් කියන්නේ ජාත්යන්තර ඔත්තුකාරයෙක් කියලයි. විමල් කියන ඒවා එච්චර ගණන් ගන්න බෑ.කවුරු හරි විමල් දිහා දෙපාරක් බැලුවොත් විමල්ට අනුව මිනිහා CID කාරයෙක්.
හැබැයි විමල් කියන විදිහට ඩලස් ජාත්යන්තර ඔත්තුකාරයෙක් නම් එයාල මේ පාර ඩලස්ව පාවිච්චි කරගන්න හදන්නේ මාලිමාව වට්ටන්නද කියන සැකයත් එනවා. ඊළඟ ජනාධිපතිවරණයේ අනුර ජනපති – ඩලස් අගමැති කියලා සටන් පාඨය ජූලි අගෝස්තු වෙනකොට plant වෙන්න බැරිත් නෑ. බලමු හැංගි හැංගි වෙස් මුහුණ බැන්දත් නටන්න වෙන්නේ එලියේ. දැනට ඩලස් විමල්ලාගේ උත්තර ලංකා එක මඟාරිමින් ඉන්නේ මේ මාලිමා ප්රේමය නිසා වෙන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *