එජාප මැයි රැලියට වජිර විශේෂ දුම්රිය තුනක් වෙන්කර ගනියි

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට පැමිණෙන පාක්ෂිකයින්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යෙදවීමට අමතරව විශේෂ දුම්රිය තුනක් මුදල් ගෙවා ලබාගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කටයුතු කොට ඇත.

මෙම විශේෂ දුම්රිය තුන බෙලිඅත්ත සිට , ගාල්ල සිට සහ අලුත්ගම සිට කොළඹ දක්වා පැමිණීමට සහ ආපසු යාමට වෙන්කර ගෙන තිබේ.

එම දුම්රිය තුන සඳහා රුපියල් 5,537,055.28 ක මුදලක් එජාප සභාපතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවනු ලැබ ඇත.

මීට අමතරව රට අභ්‍යන්තර ප්‍රදේශවල සිට පැමිණීමට ලංගම බස් රථ ද මුදල් ගෙවා වෙන්කර ගැනීමට කටයුතු කොට තිබේ.

පැමිණෙන පිරිසට බෙදා දීම සඳහා “රනිල්” නම සහිත හිස්වැසුම් ලක්ෂයක් ද ඇනවුම් කොට ඇති බව දැනගන්නට තිබේ.

එජාප මැයි රැලිය මරදාන ප්‍රදේශයේ පැවැත්වීමට සුදානම් කොට තිබේ.

කෙසේ වෙතත්, නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැයි රැලියට සහභාගී නොවීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *