බණ්ඩාරනායක හිටියා නම් ඇත්තටම පව් – රටේ රාළ

සිංහල,දෙමල අලුත් අවුරුද්ද ගෙවිලා ගියත් තවමත් රට පුරා ගොඩක් තැන්වල අවුරුදු උත්සව සංවිධානය වෙනවා.ඇත්තටම ඒවාට සහභාගී වෙන අය වගේම අන්තර් ජාලයට දාන සමහර තරඟ නරඹලා ඔයාලත් සතුටු වෙනවා ඇති.අවුරුදු උත්සවවලට අමතරව මේ දවස්වල අපට විනෝදය සපයන ප්රධානතම ආයතනය බවට පත්වෙලා තියෙන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය.
දේශපාලන වශයෙන් හිතුවොත් අවුරුදු ක්රීඩා ඔක්කොම ඩාලි පාරේ සහ ඒ අවට දැන් තියනවා. ගම හරහා දිවීම,කොට්ට පොර,අලියාට ඇස තැබීම,ග්රිස් ගහේ නැගීම, සැගවුන අමුත්තා සෙවීම,කඹ ආදීම,හොඳම හිනාව,හොඳම ඇඩීම ඔක්කොම තියනවා.ඇත්තටම අවුරුදු උත්සවයකදී මේවා ජනප්රිය සහ තරඟකාරී ඉසව් උනාට දේශපාලනයේදී නම් මේවා පට්ට විකාර.ශ්රිලනිපය කියන්නේ දැන් රටට විහිළු සපයන ආයතනයක්.
ශ්රිලනිප ඒ තත්වයට පත් කළේ මෛත්රී කියන එක ඕනි පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.දැන් බලනකොට මෛත්රීටත් වැඩිය පොඩි බබෙක් ශ්රිලනිපයට හම්බ වෙලා.ඒ තමයි විජේදාස බබා. විඡේදාස කියන්නේ ඇමතිවරයෙක් විදිහට යමක් කරපු කෙනෙක්. හැබැයි විජේදාසගේ වර්තමාන දේශපාලන හැසිරීම නං ඇත්තටම පිලිකුල් සහගතයි.මොකද විජේදාස මේ කරන්නේ ශ්රිලනිපය ඇතුලේ මෛත්රී ගෙනියන කැලෑ නීතියට අත්තටු සැපයීමක්.
මෛත්රී පාර්ශවය ඊයේ කිව්වේ එයාලා දේශපාලන මණ්ඩලය කැඳවලා විජේදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති කරන්න තීරණය කළා කියලයි. ඇත්තටම බැලූ බැල්මටම ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන්.ශ්රිලනිප ව්යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කියන්නේ පක්ෂයේ තියන ඉහළම ආයතනය. පක්ෂ විධායක සභාව පවා අභිබවා යන බලයක් දේශපාලන මණ්ඩලයට තියනවා.
එතකොට එහෙනම් දේශපාලන මණ්ඩලයට පත් වෙන්නේ පක්ෂයේ ඉහලම නායකයෝ ටික.ඒක ජවිපෙ බැලුවත්,එජාපය,සජබය,පොහොට්ටුව ඔය ඕනි පක්ෂයක එහෙමයි.අපි ඔයාලා එයාලට කැමතිද,අකමැතිද කියන එක වෙනම කතාවක්. හැබැයි එයාලා තමයි පක්ෂයේ ඉහලම නායකත්වය මණ්ඩලය.ඒ අර්ථයෙන් හිතුවොත් නිමල් සිරිපාල කැඳවපු දේශපාලන මණ්ඩලය තමයි ඇත්ත දේශපාලන මණ්ඩලය වෙන්න ඕනි.
එතන නිමල් සිරිපාල,අමරවීර, දුමින්ද,ලසන්ත,වීර කුමාර,ෆයිසර්, දුෂ්මන්ත……වගේ පිරිසක් හිටියා. ඇත්තටම එයාලා තමයි ශ්රිලනිප නායකයෝ.මෛත්රීට,දයාසිරිට එතෙන්ට එන්න බැරි වාරණය හින්දයි.හැබැයි දුෂ්මන්ත 20 වෙනිදා කැදවපු දේශපාලන මණ්ඩලයේ කවුද ඉන්නේ.එයාලගෙන් ඔයාලා දන්නේ කවුද?ඇත්තටම දන්න කෙනෙක් නෑ.සමහරවිට රෝහණ ලක්ෂ්මන් පියදාස,චමිල ලියනගේ, සචින් වාස් වගේ අය ඇති.එයාලා නං ඒ කියන දේශපාලන මණ්ඩලයේ ඉන්නේ ශ්රිලනිපයට අබ සරණම තමයි.
මොකද රටේ රාළ ළමා සොල්දාදුවෝ විදිහට හදුන්වන මෛත්රී වටේට ඉන්න සූකිරි බිටිල්ලෝ ටිකයි එයාලයි අතර දේශපාලන වශයෙන් නං ලොකු වෙනසක් නෑ.එක පාරක් මෛත්රී ජනාධිපති විදිහට ඉන්න කාලේ සජින් වාස් එනවා නං ඒ වේදිකාවටවත් නගින්නේ නෑ කියලයි කියලා තිබුණේ.දැන් බලනකොට සජින් වාස් මෛත්රීගේ උපදේශකයෙක්ලු.මෛත්රී පිරිහිලා තියන තරම ඒකෙන් හිතාගන්න පුලුවන්.
එහෙම නං ඔය දුෂ්මන්ත කැදෙව්වා කියන දේශපාලන මණ්ඩලය එයාලයි ළමා සොල්දාදුවෝ ටිකයි දාලා අටවපු එකක් වෙන්න ඇති. ඒක එහෙම නං අනිවාර්යයෙන්ම ඒක නීති විරෝධී වෙන්න ඕනි. ඒකෙන්නේ තීරණය කරලා තියෙන්නේ පක්ෂ සාමාජිකත්වයවත් නැති විජේදාසට වැඩබලන සභාපතිකම දෙන්න සහ විධායක සභාව රැස් කරලා ඒකට අනුමැතිය ගන්න.ඒකත් එහෙනම් අනිවාර්යයෙන්ම අනීතිකයි.
මොකද කවදාවත් පක්ෂේ විධායක සභාවට සහභාගී නොවුන.පක්ෂේ දේශපාලන මණ්ඩලයේ හිටිය නැති. අඩුම ගානේ පක්ෂයේ කිසිම වැඩකට සහභාගී නොවුන විජේදාස එකපාරට ගෙනත් ශ්රිලනිප වැඩබලන සභාපති කළා කියන්නේ ඇත්තටම ශ්රී ලංකාකාරයින්ට රෙදි ඇදගෙන ඉන්න පුළුවන්ද කියලා ප්රශ්නයක් තියනවා.ඊයේ රැස්කරපු විධායක සභාව අනීතිකයි කියලා හොඳම සාක්ෂිය සපයන්නේ තිලංග.
තිලංග ඔය කියන සභාවට සහභාගී වෙච්චි කෙනෙක්.තිලංග සහ දයාසිරී කියන්නේ මෛත්රී පාර්ශවයට අයිති නැති දෙන්නෙක් උනත් එයාලා දුමින්දලාට එරෙහිව මේ ගැටුමේදී මෛත්රී පිලට සහය දුන්නා.මතකනේ දයාසිරි කිව්වා තාත්තා වගේ මෛත්රී බලා ගන්නවා කියලා.එතකොට ඊයේ විධායක සභාවට ගිය තිලංග කියන කතාව ඇහුවම මෛත්රීත් දැන් වීරප්පන් වගේ වෙලාද කියලා හිතෙනවා.
තිලංගට එතන කතා කරන්න ඉඩ දුන්නේ නැති බවට ඇසින් දුටු සාක්ෂි රටේ රාළට තියනවා. තිලංගට ඉඳගන්න කියලා තඟ දාන්නේ දෙමව්පියොත් මතක් කරලා.තිලංග කියන්නේ එතන හිටපු අය කොහෙන් ගෙනාවද කියලා දන්නේ නෑ කියලයි.සාමාන්යයෙන් විධායක සභාවේ ඉන්න අය තිලංග අදුරන්නේ නැති වෙන්න බෑ.ඒ කියන්නේ ඔතන ඉන්න ඇත්තේ ලමා සොල්දාදුවෝ වගේම එයාලා අඩගහගත්ත සෙට් එකක්.සමහර සංවිධායකයන්ට එන්න බෑ කිව්වම ඒ වෙනුවට එන්න වෙනින් අයට කතා කරලා.
ඇත්තටම තිලංග කියන විදිහට විධායක සභාව කියලා කැඳවලා තියෙන්නේ දේශපාලන වශයෙන් වනචාරී සෙට් එකක් බව නං එයාලගේ හැසිරීමෙන් පේනවා.රටේ රාළ කියන්නේ අපේ රටේ අධිකරණ ඇමතිත් එතනට වැටුනා කියලයි. ඒක නිසා මේකේ තියන අනීතික බව අධිකරණයට කියන එක හැර වෙන උත්තරයක් අනිත් පාර්ශවයට නෑ. ඒකට තියන හොඳම අවස්ථාව තමයි අද (22) කැඳවන මෛත්රීගේ සභාපතිකම තමන් දාලා තියන නඩුව අවසන් වෙනකං වාරණය කරන්න කියලා ඉල්ලන මොන්ටිගේ නඩුවට මෝසමක් මගින් ඉදිරිපත් වෙලා අධිකරණයට කරුණු දක්වන එක.
එහෙමත් නැත්තං 24 වෙනිදා නැවත කැදවන අමරවීර,දුමින්ද, ලසන්තගේ තනතුරු අහිමි කිරීමට එරෙහිව ගොනුකරලා තියන පෙත්සම මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීම.මොකද දැන් ශ්රිලනිපයට සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන් ගරු අධිකරණයට විතරයි.හැබැයි අධිකරණ ඇමැතිවරයා මේ අනීතික ක්රියාවලිය පස්සේ ඉන්න එකෙන් රටට, ලෝකෙට හැදෙන්නේ ඇත්තටම කළු චිත්රයක්.
ශ්රිලනිපයට දැන් තියෙන්නේ එකම එක උත්තරයයි.ඒ නීතිමය ක්රියාමාර්ග අවසන් උනාට පස්සේ මේ පාර්ශව අතර පොදු සම්මුතියක් ඇති කරගෙන පක්ෂ ව්යවස්ථාවට කටයුතු කිරීම විතරයි.එහෙම නැතිව මෛත්රී – විජේදාස පන්නයේ කැලෑ නීතිය පක්ෂය ඇතුලේ ක්රියාත්මක කිරීම නෙවෙයි. බණ්ඩාරනායක හිටියා නම්.ඇත්තටම පව්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 3 people, beard and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *