මෛත්‍රී – විජේදාස අතරින් දුටු කපටි නරියා – රටේ රාළ

ඊයේ (21) ” මෛත්රී ශ්රිලනිපය උකස් කළාද ” ලිපියෙන් රටේ රාළ කියපුදේ ඒ විදිහටම සිද්ධවුනා. රටේ රාළ කිව්ව විදිහටම විජේදාස රාජපක්ෂ වැඩබලන සභාපති බවට පත්වුනා. දැන් ශ්රිලනිපයට වැඩබලන සභාපතිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිමල් සිරිපාල.එයා චන්ද්රිකා පාර්ශවයේ.
අනිත් එක්කෙනා විජේදාස.එයා මෛත්රී පාර්ශවයේ. නිමල් සිරිපාල පත්වෙන්නේ දේශපාලන මණ්ඩලයෙන්.විජේදාස පත්වෙන්නේ විධායක සභාවෙන්. ඊයේ දේශපාලන මණ්ඩලයට විජේදාස ගැන යෝජනාවක් ආවේ නෑ.එතනදී කිව්වේ රෝහණ ලක්ෂ්මන් ගැන.දැන් වැඩේ පැහැදිලියි,මෙයාලා අද කළේ මැතිවරණ කොමිසමට පිලිගන්න පුළුවන් විදිහට ගේමක් ගහන එකයි.වැඩබලන සභාපති විදිහට විජේදාස පත් කිරීම විධායක සභාවේ ඒකමතිකව සිද්ධ උන බවට දැන් අත්සන් ලේඛන සකස් කරලා ඇති.
විජේදාසගේ පත්කිරීමට විරුද්ධ වෙන්න ගිය තිලංග අම්මා මුත්තා මතක් කරගෙන ඉඳගත්තා. මෙතනදී මෛත්රී කළේ අවධානමට ලක්වෙලා තියන තමන්ගේ සභාපති ධූරයට නිමල් සිරිපාල වෙනුවට විජේදාස ආදේශ කරන එකයි.ඒක නිසා අද වැඩේ ගැන මෛත්රී අනිවාර්යයෙන්ම සැටිස් ඇති. අධිකරණයෙන් අවාසිදායක තීරණයක් ආවත් තමන්ගේ පාර්ශවය අතේ බලය තියාගන්න පුළුවන් උත්තරයක් මෛත්රී පාර්ශවයෙන් තෝරලා තියනවා.
මැතිවරණ කොමිසම උනත් වැඩිපුර පිලිගන්න ඉඩක් තියෙන්නේ විධායක සභාව අනුමත කළා කියන තීරණය.කොහොම උනත් මෛත්රී පාර්ශවය කැදවපු දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව නීත්යානුකූල නෑ කියලා චන්ද්රිකා පාර්ශවය දැනටමත් කියලා තියනවා.රටේ රාළ මේ ප්රශ්නය දිහා ගෝඩක් දුරට බලන්නේ දේශපාලනය පැත්තෙන්.රටේ රාළ දිඟටම කිව්වේ මේ දිගහැරෙමින් තියෙන්නේ විජේදාස ශ්රිලනිප ජනාධිපති අපේක්ෂකයා කරන මෙහෙයුමේ කොටසක් කියලයි. කොහොම උනත් ශ්රිලනිප දේශපාලන අර්බුදය විසදීම දැන් අධිකරණමය ක්රියාවලියක් බවට පත්වෙලා ඉවරයි.
එහෙම තියෙද්දී තමන්ට ශ්රිලනිප ජනාධිපති අපේක්ෂකයාවීමේ උවමනාව වෙනුවෙන් අධිකරණ ඇමති විදිහට විජේදාස කරන මේ මැදිහත්වීම කොයිතරම් දුරට සදාචාරාත්මකද කියන ප්රත්නයත් මෙතන තියනවා.මෙතනදී දේශපාලන වශයෙන් ලොකුම හානිය සිද්ධ උනේ මෛත්රීට.මෛත්රී දේශපාලන වශයෙන් තමන් කවුද කියලා පෙන්නලා දීලා තියනවා. තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ශ්රිලනිපය නැමති මහා දැවැන්ත පක්ෂය විනාශ කළ නායකයන් දෙදෙනා බවට මෛත්රී සහ මහින්ද ඉතිහාසයට එක්වීම දැන් නතර කරන්න බෑ.
මෛත්රීට කිසිම දේශපාලන ප්රතිපත්තියක් නැති බව මෛත්රී ඔප්පු කරලා තියනවා.මෛත්රී දිගටම කිව්වේ මේක ආණ්ඩුව සහ විපක්ෂය අතර ගැටුමක් කියලයි. මෛත්රීලා කරන්නේ ආණ්ඩු විරෝධී සටනක් බවයි මෛත්රී රටට පෙන්නන්න හැදුවේ.මෛත්රී පාර්ශවය දිගටම ශ්රිලනිපයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයට චෝදනා කළේ ශ්රිලනිපය ඇඳගෙන ගිහින් ආණ්ඩුවට හේත්තු කරන්න හදනවා කියලයි.
හැබැයි අද මෛත්රීත් ඉන්න විධායක සභාවේදී ශ්රිලනිප නොවන කෙනෙක් සහ වර්තමාන රජයේ අධිකරණ ඇමති ශ්රිලනිපයේ වැඩබලන සභාපතී බවට පත් කලා.එතකොට මෙච්චර කල් මෛත්රී කිව්ව විපක්ෂ භූමිකාවට මොකද වෙන්නේ.එහෙනම් දැන් විජේදාස තමන්ගේ කැබිනට් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනි.යම් විදිහකින් විජේදාස ඇමතිකමෙන් අස්වුනොත් මේක ඉතාමත් සංකීර්ණ ප්රශ්නයක් වෙනවා.
ඒ වගේ තත්වයක් යටතේ මේ ප්රශ්නය විග්රහ කරන්න උනොත්?මෛත්රීලා ගහන මේ ගේම් එකේ මහ මොළකරුවා විජේදාස කියලා හිතන්නත් පුළුවන්.මෛත්රී අධිකරණ තීන්දුවෙන් තිරය පිටුපසට දාලා තියනවා.එළියේ බැට් කරන්නේ දුෂ්මන්ත.හැබැයි මේක ගැඹුරේ තවත් චරිතයක් ඉන්න පුළුවන්.මෛත්රී ගේම් එක එළියට දාන්නේ විශේෂ තීරණ කීපයක් ගැනීම වෙනුවෙන් මාර්තු 30 වෙනිදා විධායක සභාව සහ සමස්ථ ලංකා කාරකය සභාව කැදවනවා කියලයි.
තිස්වෙනිදා තිබුණ රැස්වීමට විජේදාස රාජපක්ෂට මෛත්රී ආරාධනා කරනවා.ඊට ඉස්සෙල්ලා තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා මහා සංඝරත්නයෙන් සහ විවිධ දේශපාලන පක්ෂවලින් ආරාධනා කරනවා කියලා විජේදාසත් මුට්ටිය දාලා තියනවා.ඒ වගේ තත්වයක් යටතේ විජේදාස ශ්රිලනිප ජාතික විධායක සහාවට එන එක ප්රශ්නයක්.විජේදාසගේ පැමිණීම ගැන එතනදී බොහෝ දෙනෙක් මෛත්රීගෙන් ප්රශ්න කරනවා.
එතකොට මෛත්රී කියන්නේ Online පනත ගැන පැහැදිලි කරන්න එන්න කිව්වා කියලයි.මෛත්රී කියන්නේ Online පනතට විරුද්ධ ඡන්දය දුන්න කෙනෙක්.Online පනත ගැන එහෙම පැහැදිලි කරගැනීමක් කරගන්න ඕනි නං ඒක කරන්න තිබුණේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ඉස්සෙල්ලා.මෛත්රී එහෙම කියන්න ඇත්තේ එවලෙට වැඩේ ශේප් කරගන්න.හැබැයි විජේදාස එතනදී ඔන්ලයින් පනත ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ.
විජේදාස කියන්නේ එයාට ශ්රිලනිපය එක්ක තිබුණ සම්බන්ධය ගැන. ඒකට සිරිමාවෝ බණ්ඩාරනායක ගැන මතකයත් විජේදාස එකතු කරගන්නවා.විජේදාසගේ කතාව අහපු ඕනි කෙනෙකුට තේරෙනවා සතා හැරෙන්නේ පැලේට වැඩේ දෙන්න කියලා.මෛත්රී විජේදාස ඉස්සරහා තියාගෙනම පක්ෂයේ නිළධාරී මණ්ඩලයේ තුන් දෙනෙක් කනෙන් ඇදලා එලියට දෙනවා.ඒක සාමාන්යයෙන් ඒ වගේ තැනක නොකළ යුතු දෙයක්.
සාමාන්යයෙන් හතුරාගේ උනත් දේශපාලන ගෞරවය ආරක්ෂා කරන එක පරිනත දේශපාලනඥයෙක්ගේ වගකීමක්. ඒත් මෛත්රී කරන්නේ ඒ වෙනකොට ශ්රිලනිප පිටස්තරයෙක් විදිහට හිටපු විජේදාස ඉස්සරහා තමන්ගේ පක්ෂය බින්දුවට හෑල්ලු කිරීමයි.මේ ගෝරනාඩුව ඇතුලේ විජේදාසගෙන් ශ්රිලනිප ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියන ඉඟිබිඟිත් දාන්න මෛත්රීලා කලින් සැලසුම් කරගත්ත පිරිසක් හිටිය බව තේරුණා.
මෛත්රී ගින්න පත්තු කරලා මාරු වෙද්දී විජේදාස එතනට අවශ්ය ප්රමාණයට තෙල බෙදලා මාරුවුනා. ඊට පස්සේ දුමින්ද ඇතුළු කණ්ඩායමේ අය තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහි වාරණයක් සහ මෛත්රී තවදුරටත් ශ්රිලනිප සභාපතිධූරයේ කටයුතු කිරීම වාරණය කරමින් අධිකරණ තීන්දු දෙකක් දෙනවා.තවමත් ඒවා වලංගුයි.ඒ එක්ක මෛත්රී සහ විජේදාස තිරය පිටිපස්සෙ භූමිකාවකට අවතීර්ණ වෙනවා.
ඒ භූමිකාවේ ඉස්සරහා ඉන්නේ සාරතී දුෂ්මන්ත. එතනදී දයාසිරිවත් මේ ගේමට පාවිච්චි කරගන්න මෛත්රීලා දක්ෂ වෙනවා.ඊයේ වෙනකම්ම මේ සියල්ල සිද්ධ උනේ තිරය පිටිපස්සෙ.වැඩබලන සභාපති ධූරය හම්බ වෙනවත් එක්ක විජේදාස දැන් එලියට එයි. දැන් විජේදාසගේ ඊළඟ ට්රයි එක පක්ෂ සභාපති වෙන්න.සමහරවිට මොන්ටිගේ නඩුවේ තීන්දුවෙන් පස්සේ ඒකත් වෙන්න බැරි නෑ.
ඒ පාත් එක හදාගන්න විඡේදාස දන්නවා.ඒත් මේවා නීත්යානුකූලද කියන ප්රශ්නය විසදගන්න අනිවාර්යයෙන්ම අධිකරණයේ පිහිට පත්න වෙනවා.විජේදාසගෙන් පස්සේ මේ ගැටුම ගැන වැඩිපුරම සතුටු වෙනවා ඇත්තේ රනිල්.ඇයි දැන් විජේදාසත් රනිල්ගේ,නිමල් සිරිපාලත් රනිල්ගේ.දෙපාර්ශවයේම ජේෂ්ඨ උප සභාපතිවරු දෙන්නම ඉන්නේ රනිල්ගේ කැබිනට් එකේ.ඒ පලුවත් රනිල්ගේ,මේ පලුවත් රනිල්ගේ.රටේ රාළ කියන්නේ යම් විදිහකින් විජේදාස ඇමතිකමෙන් අස්වුනේ නැත්නම් මේක පිටිපස්සේ කපටි නරියා අනිවාර්යයෙන්ම ඉන්නවා කියලයි.
විජේදාස ඉල්ල අස්වුනොත් එතන කපටි නරියා නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ.එහෙම උනොත් ඒ තත්වය වෙනම විග්රහ කරගමු.මේ මෙහෙයුමෙන් දයාසිරිලා,තිලංගලා තවත් ඈතට විසිවුනා.ඔය මොන සෙල්ලම දැම්මත් අවසාන විග්රහයේදී දේශපාලන වශයෙන් මෛත්රී අවලංගු කාසියක් බවට පත්වෙන එක නවත්තන්න කාටවත් බෑ.රටේ රාළ විශ්වාස කරන්නේ මෛත්රී මේ ප්රශ්නය දිහා බැලුවේ දේශපාලනිකව නෙවෙයි.මෛත්රී ප්රශ්නය දිහා බැලුවේ අතිශයින්ම පෞද්ගලිකව.මෛත්රී වටේට ඉන්න ළමා සොල්දාදුවෝ ටිකත් එහෙමයි.
දේශපාලන වශයෙන් ඒක ශ්රිලනිපය පාවාදීමක්.ශ්රිලනිප කියන්නේ අවශ්යතාව වෙනුවෙන් පාව්ච්චි කරලා විසිකරන කොන්ඩම් එකක් ගානට මෛත්රී පක්ෂය ඇදලා දැම්මා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 5 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *