පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස සභාපති ලෙස පිළිගන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

පක්ෂයේ  සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.  ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *