ශ්‍රීලනිප වැ. බ. සභාපතිධුරය අධිකරණ ඇමතිට

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද(21) පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ  හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි. මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

පක්ෂයේ සභාපතිධුරයේ වැඩ කිරීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තහනම් කරමින් අධිකරණ නියෝගයක් තිබිය දී ඒ මහතාගේ ද සහභාගීත්වයෙන් මෙම පත්කිරීම සිදුකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *