වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
MBBS වෛද්‍ය උපාධිය (දන්ත වෛද්‍ය විද්‍යා උපාධියෙන් පසු) වෙයි. වෛද්‍යවරුන් විය යුත්තේ කවුද? කුමන කොන්දේසි යටතේ ද? යන විවාදය 1980 ගණන්වල සිට අවසාන නිගමනයකින් තොරව ඇදෙන්නකි. විවිධ කාලවලදී ක්‍රියාත්මක කරන ලද පැච් විසඳුම් ක්‍රියාමාර්ග මගින් තවත් ප්‍රශ්න මතු කරන ලද අතර, ඒවාට පැච් යෙදීමේ අලුත්ම උදාහරණය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදහ කොමිසම නියම කරන අවශ්‍යතා සපුරාලන දේශීය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට ගාස්තු ගෙවන පදනමින් ඇතුළත් කර ගැනීමට අවසර දීමේ කැබිනට් තීරණය යි.
මතුපිටින් පෙනෙන්නේ මෙය වෛද්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය මදක් ලිහිල් කිරීමක් ලෙස ය. නමුත් එය ඊට වඩා දෙයකි. එය, ණය ආපසු ගෙවීමට නොහැකි වී ඇති, රජයට අයත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙනුවෙන් බැංකු වෙත ලබා දී ඇති දැවැන්ත ණය ඇපකරවල සම්පූර්ණ පිරිවැය මහා භාණ්ඩාගාරයේ කරට පාත්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා ගන්නා ලද පියවරකි. ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) තවත් වෛද්‍ය පීඨයක් පිහිටුවීමට පොළඹවාලීමට ගත් තීරණය ඉදිරි වසර කිහිපය තුළ ද එවැනිම තවත් ගැටලුවකට හේතු විය හැකි ය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) ගැටලුව අවබෝධ කර ගැනීමෙන් එවැන්නක් නැවත සිදුවීම වැළැක්විය හැකි යැයි බලාපොරොත්තු විය හැකි ය.
ක්ෂණික ගැටලුව
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නවතම වාර්ෂික වාර්තාවට අනුව ශික්ෂණ රෝහල ඉදිකිරීම සඳහා භාණ්ඩාගාර ඇපකර මත රජය සතු ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) ලබාගත් සම්පුර්ණ වටිනාකම රුපියල් බිලියන 35.5ක් වන ණය දෙකක් ලැයිස්තුගත කර ඇත. එහි ප්‍රාග්ධන ආපසු ගෙවීමේ කාලය 2023 සැප්තැම්බර් සිට 2031 සැප්තැම්බර් දක්වා (මාස 96 ක්) වෙයි. වසර ගණනාවකට පෙර භාණ්ඩාගාර ඇප මත ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 85ක සහ රුපියල් මිලියන 750ක ණය දෙකක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තවමත් ගෙවා අවසන් කර නැත. පොලී ගෙවීම් භාණ්ඩාගාරයෙන් දිගට ම ගෙවනු ඇතැයි උපකල්පනය කළහොත්, රෝහල් ණය ආපසු ගෙවීම ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මසකට රුපියල් මිලියන 369.4 ක් ගෙවිය යුතු ය. ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදනවලින්, විදේශීය සිසුන්ගේ ගාස්තුවලින් සහ රෝහල් ආදායමෙන් පමණක් එය කළ හැකි යැයි සිතිය නොහැකි ය.
එයින් අදහස් වන්නේ භාණ්ඩාගාරය 2020 ජූලි සිට 2033 සැප්තැම්බර් දක්වා බලපැවැත්වෙන ඔවුන්ගේ ඇපකරයට අනුව මුදල පියවිය යුතු බව හෝ එසේ නැතහොත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත්කරුවන්ට පාඩු විඳීමට සිදුවීම හෝ එසේත් නැතිනම් ඒ දෙක ම හෝ සිදුවනු ඇති බවයි. ගාස්තු ගෙවන දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට අවසර දීමට ගත් තීරණය භාණ්ඩාගාරයේ බර සහ ඉතිරිකිරීමේ බැංකුව කෙරෙහි ඇති අවදානම අඩු කිරීමේ උත්සාහයකි. මෙම ගාස්තු ආදායමද KDU ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වගකීම් සම්පූර්ණයෙන් ඉටු කිරීමට ප්‍රමාණවත් නැත.
දැනට ණය සඳහා පොලිය ගෙවමින් සිටින භාණ්ඩාගාරයට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතුකරුවන්ට ඇතිවන සෘණාත්මක බලපෑම් අඩු කර ගත හැකි නමුත් ඒවා වළක්වා ගත නොහැකි ය. කළ දේ සිදුකොට අවසන් ය. නැවැත්විය යුතුව ඇත්තේ, ණය ආපසු ගෙවීමේ යථාර්ථවාදී හැකියාවක් නොමැති අධ්‍යාපන ආයතනවලට භාණ්ඩාගාර ඇපකර මත ණය නිකුත් කිරීම ය.
එයින් අදහස් වන්නේ, NSBM වෙත (එය දැනට ලංකා බැංකුවෙන් භාණ්ඩාගාර ඇපකර මත ගත්, රුපියල් බිලියන 6.7 ක ණය මුදලක ශේෂය ගෙවමින් සිටින අතර එය 2028 අවසානය වන විට සම්පූර්ණයෙන් ම ගෙවිය යුතුව ඇත ) හෝ වෙනත් කිසිදු අධ්‍යාපනික ආයතනයකට තවදුරටත් භාණ්ඩාගාර ඇපකර මත ණය ලබා නොදිය යුතු බව යි. නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදුන් රුපියල් බිලියන 2.5ක සාපේක්ෂව කුඩා ණය මුදල මතකයට නගා ගන්න. දැන්, උගන්වන්න කිසිවෙක් නැති එම රෝහලේ අයිතිකාරයා ලෙස අසතුටින් සිටින්නේ ලංකා බැංකුව යි.
කෙටි කාලීන විසඳුම
දැරිය හැකි මිලකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා බලගතු මධ්‍යම පන්තියෙන් ඇති ඉල්ලුම අති ප්‍රබල ය. ඔවුන් වඩාත් කැමති රාජ්‍යය විසින් තම දුදරුවන්ගේ මුළු වියදමම දරනවාටය.
සන්නද්ධ හමුදාවන්ට බඳවා නොගත් දේශීය සිසුන් සඳහා මෙතෙක් විවෘතව නොතිබූ KDU ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඇතුළුව වෛද්‍ය/සෞඛ්‍ය විද්‍යා පීඨ 12ක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලැබ ඇත. ශික්ෂණ රෝහලක් නොමැති නිසා සයිටම් ආයතනයේ අයදුම්පත්‍රය අනුමත කිරීම එය ප්‍රතික්ෂේප කළේ ය. සමහර විට ඒ නිසාම, භාණ්ඩාගාරයෙන් එය ආපසු ගෙවනු ඇතැයි විශ්වාසයෙන් යුතුව, රුපියල් බිලියන 35 ක දැවැන්ත ණය මුදලක් යොදවා KDU විසින් රන් ආලේපිත ශික්ෂණ රෝහලක් ඉදිකර ඇති බව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව අනිවාර්ය වන මූල්‍ය විනය එම වියදම බදු ගෙවන්නන්ගේ කර පිට පැටවීමට බාධාවක් ඇතිවී තිබේ.
පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාවෙන් හෝ ඕනෑම රටකින් ගාස්තු ගෙවන සිසුන් KDU වෙත ඇතුළත් කර ගැනීමට විරුද්ධ වීම තර්කානුකූල නොවේ. අතීතයේ ගත් වැරදි තීරණ නිවැරදි කිරීම කළ නොහැකි ය. කළ හැක්කේ හානිය අවම කිරීම පමණකි. එම වැරදි තීරණ නිසා සිදුවන පාඩුවලින් බදු ගෙවන්නන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත්කරුවන් හැකිතාක් දුරට ආරක්ෂා කළ යුතු ය. KDU යම් ආකාරයක භාරකාරකත්වයකට බාර දීම මගින් බදු ගෙවන්නන් මත බර අඩු කරමින්, එහි වගකීම් ඉටු කිරීමට හැකි වන පරිදි ආදායම් වැඩි කිරීමට සහ වියදම් කපා හැරීමට වගකීම් පවරනු ලැබූ වෘත්තිකයන්ට එහි කළමනාකාරිත්වය පැවරීම නුවණට හුරු විය හැකි ය.
ශීඝ්‍රයෙන් වියපත් වන ශ්‍රී ලාංකීය ජනගහනය සඳහා වෛද්‍යවරුන් තිරසාර ලෙස පුහුණු කිරීමේ ගැටලුවට පුළුල් විසඳුමක් ක්‍රියාත්මක කරන තුරු මහජන මුදල් යොදවා නව වෛද්‍ය පීඨ ඇති කිරීම නතර කළ යුතු ය. මෙමගින්, විදේශීය ආයතනවල සහභාගීත්වයෙන් ඇතුළුව, රාජ්‍ය අරමුදල් ලබා නොගන්නා කිසිදු මුලපිරීමක් වැළක්වීම සිදු විය යුතු නැත.
තිරසාර විසඳුම
2023 වසරේ අධ්‍යාපනය සඳහා වූ සියලුම ප්‍රාග්ධන වියදම්වලින් සියයට 53ක් ගියේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ය. ඒ, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය සඳහා නවතම මණ්ඩපයක් ඉදිකිරීමට, NSBM සහ KDU ඉදිකිරීම් ආදිය සඳහා යොදාගත් භාණ්ඩාගාර ඇපකර මත වූ බැංකු ණය ගණන් නොගෙන ය. මේ සියලු මුදල් විශ්වවිද්‍යාල ගොඩනැගිලි සඳහා වැය කිරීම පාසල් අධ්‍යාපනයෙන් සහ අනෙකුත් සියල්ලෙන් සම්පත් උරා ගැනීමකි. තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු නමුත් එය කළ යුත්තේ මෙතරම් වියදමකින් නොවේ.
තෘතීයික අධ්‍යාපනයේ රාජ්‍ය ආයෝජන සහ අපේක්ෂිත සමාජ ප්‍රතිඵල පිළිබඳව දැඩි ලෙස නිරවුල් කර ගැනීම හැර විකල්ප නොමැත. රාජ්‍ය නොවන සම්පත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ දෙමාපිය දායකත්වය ලෙස බලමුලු ගැන්වීම, තවදුරටත් වැළැක්විය නොහැකි ය. රට අර්බුදයෙන් ගොඩ ගැනීමට අත්‍යවශ්‍ය මූල්‍ය විනය සඳහා මෙය අනිවාර්ය වෙයි.
වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන්නේ අධ්‍යාපන සේවා සපයන්නන්ගෙන් ස්වාධීනව ශක්තිමත් සහ සාධාරණ වෘත්තීය පිළිගැනීම ලබා දීමේ පද්ධතියක් සමග බදු ගෙවන්නන්ගේ අරමුදල් කාර්යක්ෂම ලෙස භාවිතා කරන විමධ්‍යගත සහ දිරිගැන්වීම් පදනම් කරගත් විසඳුමකි.
බොහෝ රටවල වෛද්‍යවරුන්ගේ වෘත්තීය පිළිගැනීම ලබා දීම සිදුකරනු ලබන්නේ වෛද්‍ය අධ්‍යාපනය සපයන්නන්ගෙන් ස්වාධීන ආයතනයක් විසින් ය. ශ්‍රී ලංකාව තුළ, මෙම කාර්යය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය පිළිගැනීම ලබා දීමේ ඒකකය (AU-SLMC) මඟින් සිදු කරනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට පිළිගැනීම ලබා දෙන මාර්ග දෙකක් නියාමනය කරයි.
පළමු මාර්ගය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය පිළිගැනීම ලබා දීමේ ඒකකය (AU-SLMC) විසින් පිළිගෙන ඇති වෛද්‍ය විද්‍යාලයකින් MBBS උපාධියක් ලබා ගැනීම යි. මධ්‍යගත z-ස්කෝර් ක්‍රමය පදනම් කරගත් ඇතුළත් වීමේ පද්ධතියේ කොටසක් නොවන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) මෙයට ඇතුළත් ය. බොහෝ රටවල සිදු වන පරිදි සියලු ම වෛද්‍ය පීඨවලට තම ඇතුළත් කිරීම් කළමනාකරණය කර ගැනීමට නිදහස ලබා දීමට බාධාවක් නැත. අනුමත පීඨ වලින් උපාධි ලබන සිසුන්ට තාවකාලික ලියාපදිංචියක් ලබාගෙන වසරක සීමාවාසික පුහුණුව ආරම්භ කළ හැකි ය.
දෙවන මාර්ගය වන්නේ, විදේශීය විශ්ව විද්‍යාල උපාධිධාරියෙකු සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය පිළිගැනීම ලබා දීමේ ඒකකය (AU-SLMC) විසින් පවත්වනු ලබන ERPM විභාගය සඳහා පෙනී සිටීම යි. එම විභාගය සමත් වූ පසු ශිෂ්‍යයාට තාවකාලික ලියාපදිංචියක් ලබා දී සීමාවාසික පුහුණුවකට ඇතුළත් කරනු ලැබේ. නිසැකව ම, පළමු මාර්ගය වඩාත් ආකර්ෂණීය වෙයි.
වෛද්‍ය සභාවේ වෘත්තීය පිළිගැනීම ලබා දීමේ ඒකකය (AU-SLMC) සඳහා වැදගත් වන්නේ සුදුසුකම් ලත් මහාචාර්යවරුන් විසින් පුහුණුව ලබා දෙන්නේද යන්න සහ ශික්ෂණ රෝහලේ ගුණාත්මකභාවය යි. KDU සහ SAITM විසින් ලබාගෙන ඇති දැවැන්ත ණය සහ වෛද්‍ය උපාධි රාජ්‍ය පද්ධතිය තුළ ලබා දෙන දෙවන මිල අධිකම උපාධි බව යන කරුණු මගින් පෙන්නුම් කරන පරිදි මෙම අවශ්‍යතා සපුරාලීමට අධික වියදමක් දැරිය යුතු වේ. ගාස්තු අය කරන රෝහල්වල රෝගීන් අතර රෝග පරාසය සීමා සහිත වන අතර, KDU සිසුන් සඳහා දැන් සිදු වන පරිදි ගාස්තු අය නොකරන රජයේ රෝහල්වලට ද ප්‍රවේශය ලබා ගැනීම අවශ්‍ය වෙයි.
පළමු හා වැදගත්ම ක්‍රියාව වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය පිළිගැනීම ලබා දීමේ ඒකක (AU-SLMC) යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ යථාර්ථවාදී කිරීම යි. එහි ප්‍රතිසංස්කරණයකින් තොරව වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා රාජ්‍ය නොවන සම්පත් යෙදවීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇති බව සයිටම් වින්නැහිය පෙන්නුම් කරයි.
රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මගින් හෝ KDU හෝ NSBM වැනි ආයතන මගින් හෝ වේවා, වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම අසාමාන්‍ය ලෙස වියදම් සහගත වෙයි. එය කෙතරම් වියදම් අධිකදයත්, වෛද්‍ය අධ්‍යාපනය ලබන්නන් රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ සේවය කිරීම මගින් ආපසු ගෙවන බවට සහතිකයක් නොමැතිව, බදුවලින් උපයාගත් මුදල්, සෘජුව හෝ පොලී ගෙවීමක් ලෙස හෝ ඇපකර පියවීමක් ලෙස හෝ වියදම් කිරීම අර්ථවත් නොවේ.
විසඳුම වන්නේ KDU (සහ භාණ්ඩාගාර ඇපකර ලෙස හෝ රාජ්‍ය අරමුදල් භාවිතා කරන්නේ නම් NSBM ද) ඇතුළුව, රජයේ අරමුදල් භාවතා කරන වෛද්‍ය පීඨවලට ඇතුළත් වන සියල්ලන්ට ම උසස් අධ්‍යාපන ගිණුම් පවත්වා ගැනීම යි. සමහරුන්ට, රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ සේවය කිරීමෙන් පියවා දැමිය හැකි බැඳීම් සහිත ශිෂ්‍යත්ව ලබාදිය හැකි ය. දුෂ්කර ප්‍රදේශවල රෝහල් වල සේවය කරන තරමට ආපසු ගෙවීම වේගවත් වනු ඇත. කිසියම් අවස්ථාවක පුහුණු වෛද්‍යවරයා රාජ්‍ය සේවයෙන් හෝ රටින් පිටවීමට කැමති නම්, ගිණුමේ ඉතිරි මුදල ආපසු ගෙවිය යුතු වෙයි. ඔවුන් වැඩි චැනලින් සේවා අවස්ථා ඇති ස්ථාන වෙත යාමට කැමති නම් ද එය ම අදාළ වෙයි. ශිෂ්‍යත්ව ලබා නොදෙන හෝ ඒවා ප්‍රතික්ෂේප කරන අයට ඔවුන් භාවිතා කරන රාජ්‍ය අරමුදල්වලට සමානුපාතිකව බැඳීම් තිබිය යුතු ය.
උසස් අධ්‍යාපන ගිණුම් සහ ශිෂ්‍යත්වවලට සම්බන්ධ බැඳීම් නොමැතිව වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම විදේශ රටවලට වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීමක් හා සමාන ය. ඒකාබද්ධ අරමුදලින් සෘජුව හෝ භාණ්ඩාගාර ඇපකර මගින් හෝ අරමුදල් සම්පාදනය කළත්, මතක තබා ගත යුතු දෙය නම්, මේ සියලු මුදල් වෛද්‍ය අධ්‍යාපනයට ගලා ගියහොත් අරමුදල් නොලැබෙන්නේ කුමක් සඳහා ද යන්න යි. භාණ්ඩාගාරය KDU ණය සඳහා ලබා දුන් ඇපකරය පියවන්නේ නම්, එම රුපියල් බිලියන 35 ක මුදල කපා හැරීමට සිදුවන්නේ ගාස්තු අය නොකරන රෝහල් නඩත්තු කිරීම සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදලින් හෝ මාර්ග නඩත්තුව සඳහා වෙන් කළ මුදලින් හෝ ය. මෙවැනි නාස්තිකාර ක්‍රියාවලින් රටට ලැබෙන වාසිය කුමක්ද?
(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
(මෙම ලිපිය ‘අනිද්දා’ ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් – සංස්කාරක )