ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද? – අජිත් පැරකුම් ජයසිංහ 

ණය ප්‍රතිව්‍යූහගතකරණය කියන්නෙ ආර්ථික විද්‍යාත්මක කාරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මිල සූත්‍ර, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම ආදිය එම ක්‍රියාවලියේ ප්‍රධාන අංග.

එය රාජ්‍ය මට්ටමේ වැඩක්. දේශපාලන නායකත්වය කුමක් වුණත්, සිදුවන්නෙ එකම ක්‍රියාවලියක්. එතනදි වත්මන් ආණ්ඩුවට අත්දැකීම් හා විශ්වාසය තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැන කෙළින් කතා නොකරන සජිත්, අනුර වැනි අයට එය නැවත ගොඩනගාගන්නට වෙනවා.

පැරිස් සමාජය, චීනය, ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් යන සියලු දෙනා එක ස්ථාවරයකට ගෙන එන සාකච්ඡා ලේසි නැහැ. දැනට පැරිස් සමාජය හා චීනය සමග එකඟතාවලට ඇවිත් තියෙනවා.

ජාත්‍යන්තර බැඳුම්කර ණය හිමියන් කියන්නෙ විශාල පිරිසක්. ඔවුන් සමග සාකච්ඡා තමයි දුෂ්කරම. ඔවුන්ව මෙල්ල කරන්නට තියෙන එකම කෙවිට ණය ප්‍රතිව්‍යූහගත නොකළොත් පාඩුව වැඩියි කියන එකයි. ණය අය කරගන්නට ඔවුන්ටත් නඩු යන්නට එහෙම සිදුවෙනවා.

එහෙම වුණොත්, ඔවුන්ට විතරක් නෙමෙයි පාඩු වෙන්නෙ. අපටත් ගැටලු ගොඩකට මුහුණ දෙන්නට වෙනවා.

ඒ නිසා සාකච්ඡා තමයි එකම මාර්ගය.

මේ සාකච්ඡා දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ආර්ථික ප්‍රශ්නයක්. ඒවා අසාර්ථක වුණොත්, අනාගතේ බලයට එන්නට බලාපොරොත්තු වෙන නායකයන්ට මුල ඉඳන් පටන් ගන්න එක ලේසි නැහැ.

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *