පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මියයයි

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.

මතුගම ප්‍රදේශයේ සිය ඉඩමක දී  විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි රාජ්‍ය අමාත්‍යවරයෙකි.

ඒ මහතා විවෘතව අදහස් ප්‍රකාශ කරන මිත්‍රශීලී දේශපාලඥයකු ලෙස පිළිගැනීමට ලක්ව සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *