|

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට 2028 වසර දක්වා සහන කාලයක් ලබාදිය හැකි බවත්, එසේ කරන්නේ නම් එම කාලය තුළ වෙනත් පාර්ශවයන්ට ණය ගෙවීම ද නොකළ යුතු බවත්, පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

පැරිස් සමාජයේ රටවල් සමග ජපානය සහ ඉන්දියාව ද මෙම කොන්දේසිය තරයේ අවධාරණය කොට ඇති බව කියති.

චීනය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී මෙම කොන්දේසිය සැලකිල්ලට ගැනීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබේ.

නිල ණය හිමියන්ගේ මතය වී ඇත්තේ චීනය සමග ඇතිකර ගන්නා එකඟතාවය කුමක් වුවත්, එය අනෙක් ණය හිමියන් භාරගන්නා වගකීම ට සමාන තත්ත්වයක් පිළිබිඹු කළ යුතු බව යි.

ණය ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා විය යුතු බවත්, පොලිය සියයට 2 ක් විය යුතු බවත්, නිල ණය හිමියන්ගේ එකඟතාවය බව ද වෙනත් වාර්තා මගින් හෙළි කොට තිබිණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *