රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

” ආක්රමණිකයා රනිල් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ දෙසැම්බර්/ජනවාරි මාසවලට සාපේක්ෂව රනිල්ගේ ජනප්රියත්වය යම් පමණකට ඉහළ ගිහින් කියලයි. රනිල්ටත් ඒක නොදැනී තියෙන්න බෑ. මොකද රනිල්ට දිනපතා එන බුද්ධි තොරතුරුවලන් ඒක පේන්න ඕනි.ඒවා සියට සීයක්ම ටක්කෙටම නිවැරදියි කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි අර සුදා කරන ප්රමිතියක් නැති සමීක්ෂණවලට වඩා බුද්ධි අංශ වාර්තා ප්රශස්ථ මට්ටමක තියනවා.
පහුගිය කාලේ අනුර විතරක් field එකේ ඉන්නකොට තිබුණ තත්වයට වඩා දැන් තත්වය හාත්පසින්ම වෙනස්.තත්වය වෙනස් වෙන බව රටේ රාළ එදා ඉඳන්ම කිව්වා.පලාත් පාලන ඡන්දය නොපැවැත්වීමත් එක්ක සජිත් ටික කාලයක් මැතිවරණ කැම්පේන් එකෙන් ඈත්වෙලා හිටියා.දැන් ආයෙත් සජිත් ground බැහැලා.සජිත් දෙවෙනි පාර සටනට එන්න ඉස්සෙල්ලා භූමියේදී මාලිමාවට අභියෝග කළේ අනුර යාපා – ලන්සා කණ්ඩායම සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර. අනුරට මේ වටයේදී ඉස්සෙල්ලාම විවාදයකට අභියෝග කළේ දිලිත්. අනුර ඒ අභියෝගය බාර ගත්තෙත් නෑ.
සජිත් ආයෙත් සක්රීය වෙනවත් එක්ක අනුරගේ තිබුණ තනි ඒකාධිකාරය බිඳවැටුනා.සැපයුම අඩු කාලෙට කොහොමත් බඩුමිල වැඩියි තමයි.හැබැයි දිගටම සැපයුම එන්න පටන් ගන්නකොට බඩුමිල අඩුවෙනවා.ජවිපෙට දැන් වෙලා තියෙන්නේ ඒක.දැන් ජනතාවට තෝරගන්න කැමති වර්ගයේ චොයිෂ් ඕනි තරම් දේශපාලන පිටියේ තියනවා.එදා තිබුණේ ජවිපෙ හදපු මාලිමා චොයිෂ් එක විතරයි.සජිත් නැවත පැමිණීමත් එක්ක සජබ සාමාජිකයන්ගේ උද්යෝගයත් එකපාරට වැඩිවුන නිසා සජිත්ට පොඩ් ගැම්මකුත් ඇවිත්.
හැබැයි ගැම්ම ආපුගමන් ආපිට ගියා.තලතා සජිත්ව උස්සලා පොලොවේ ගැහුවා.ඇත්තටම අනුරට සහ සජිත්ට දෙන්නට දැන් වෙලා තියෙන්නේ එකමදේ. දෙන්නටම දැන් ඉන්නේ තියනදේ රැකගන්න බැරිව.ඔය මොන සමීක්ෂණ කරලා වාර්තා ඉදිරිපත් කළත් අනුර සහ සජිත් 25% සීමාව පැනලා නෑ.අනුර සහ සජිත් 30% ට කිට්ටු කරපු අවස්ථා තිබුණත් මොනම අවස්ථාවකවත් 30% ඉක්මවා ගියේ නෑ.
රනිල් ජනාධිපතිවරණ සටනට බහිනවත් එක්ක ආයෙත් ඡන්ද පදනම්වල වෙනසක් සිද්ධ වෙලා තියනවා.රනිලුත් දැන් 12% ක විතර සීමාවකට ඇවිත් ඇති.රටේ රාළ ” ආක්රමණිකයා රනිල් ” ලිපියෙන් කිව්වේ දැන් ලාංකීය දේශපාලන පිටිය ආක්රමණය කරන්නේ රනිල් කියලයි.දැන් අනුරගේ තියෙන්නේ බහින කලාව.රනිල්ගේ මේ ආක්රමණය හින්දා සජිත්ගෙත් බහින කලාව උදාවෙලා.රටේ රාළට රනිල්ගේ ඔළුවේ තියන ජනාධිපතිවරණ සැලැස්ම කියවාගන්න පුළුවන්.
රනිල් ජනාධිපතිවරණය ජයග්රහණය කරන්න එයාගේ ජාත්යන්තර වැඩපිලිවෙල සහ ආර්ථික වැඩපිලිවෙලත් සම්බන්ධ කරගන්නවා.කවුරු මොනවා කිව්වත් අවසන් මොහොතේ ජාත්යන්තර සහයෝගය හම්බ වෙන්නේ රනිල්ට.රටේ ආර්ථිකය සම්බන්ධව ගොඩක් අය කරපු පුරෝකථන දැන් වැරදී.ඇත්තටම හරි ගිහින් තියෙන්නේ රටේ රාළ කරපු පුරෝකථනය විතරයි.
ගොඩක් අය කිව්වේ සිංහල අවුරුදු එනකොට ඩොලර් එක ඉහල ගිහින් රුපියල් මස්ත බාල්දු වෙයි කියලයි, ඒත් දැන් රුපියල ලෝකයේ ශක්තිමත්ම මුදල් ඒකකයක් වෙලා, තෙල් මිල ඉහල ගිහින්,අඩුම ගානේ එළවළුවක්වත් කන්න බැරි වෙයි කියලයි කිව්වේ.ඒත් එහෙම උනේ නෑ.රනිල් අවුරුද්දට සහන පැකේජයක් දීලා තියනවා.ඒකෙන් සියල්ල සම්පුර්ණ වෙලා නෑ.හැබැයි ඒකත් අරන් මිනිස්සු මේ පාර අවුරුද්ද සමරනවා.රනිල් දැනටමත් උතුරේ සහ වතුකරයේ දේශපාලන පක්ෂ එයාගේ සන්ධානයට නොනිල වශයෙන් අරන්.වතුකරයත් බොහෝදුරට එහෙමයි.
රාජපක්ෂලා සම්බන්ධව රනිල් ගන්න තීරණය එක්ක මුස්ලිම් ඡන්ද පදනමේ චලනය බොහෝ දුරට තීරණය වෙයි.කතෝලික බෙල්ට් එකේ දැනට වැඩි වාසිය තියෙන්නේ සජිත්ට.සජිත් ලඟ ඒක තියන එක රනිල් ලොකු ප්රශ්නයක් නෙවෙයි. රනිල් මැයි දිනයෙන් පස්සේ කම්පේන් එකට බහී.මෙතනදී රනිල්ට ඉස්සෙල්ලාම හිතෙන්න ඕනි දේ තමයි රනිල් සහ සජිත් දෙන්නම තරඟ කලොත් දෙන්නම පරදින බව.
එහෙම කියලා මේක සජිත්ට බාරදීලා යන්නත් බෑ.එහෙම උනොත් ආයෙත් සාගතයක් තමයි.
එහෙනම් රනිල්ට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ සජිත් තරඟයෙන් අයින් කරන එක.ඒකට රනිල්ට සැලැස්මක් ඇති.ඒක ක්රම දෙකකට කරන්න පුළුවන්.එකක් කෙලින්ම සජිත් තරඟයෙන් අයින් කිරීම.අනික සජිත් වටේට ඉන්න බලවේගය සජිත්ගෙන් අයින් කිරීම. රටේ රාළ හිතන්නේ රනිල්ට යන්න වෙන්නේ දෙවෙනි පියවරට.ඒ කියන්නේ සජිත් වටේට ඉන්න බලවේගය අයින් කලාට පස්සේ සජිත්ට දිනන්න බෑ කියන මානසිකත්වය හදන්න.
එතකොට සජිත් තරඟ කලත් තරඟයට ඉදිරිපත් වෙන්නේ පරාජිතයෙක් විදිහට.ඒකේ පළවෙනි පියවර විදිහට සජබෙ ටීම් එකක් කෙටි කාලයක් ඇතුලේ එජාපයට ගනි.සජිත් වට්ට ගත්තට පස්සේ රනිල්ට තමන්ගේ නියම ප්රතිවාදියා හම්බ වෙනවා.අනුරටත් මේ ආපු දුරේ හැටියට ආපහු හැරෙන්න බෑ. අනුර සහ රනිල් අතර මුහුණට මුහුණ සටනක් එනවාම තමයි. අනුර සහ රනිල් කියන්නේ හොඳ යාලුවෝ.අනුරගේ සියලු උපක්රම රනිල් දන්නවා.
අනුර කරපු ගොඩක් දේවල් රනිල් ළඟ තියනවා.අනුරගේ සමහර කෙරුවාවල් ගැන CCTV දර්ශන කීපදෙනෙක් ළඟ තියන බවට තොරතුරු රටේ රාළට තියනවා.ඒවා රනිල් අතට නොයයි කියලා හිතන්න බෑ.ගොඩක් වෙලාවට අනුර හොරු අල්ලනවා කියලා කියන නිසා ඒ දර්ශනය ආශ්රිතවත් තවත් හොර නඩයක් අල්ලගන්න පුළුවන්.අනුර යටත් උනේ නැත්තං ඒවත් එලියට එන්න බැරිකමක් නෑ.අනුර අතේ ෆයිල් තියනවා වගේම තව අය අතෙත් බොහෝ දේවල් ඇති.
හැබැයි මෙතන රනිල්ට ටච් වෙන්නේ නැති පැත්තක් තියනවා. රනිල් හිතනවා ඇත්තේ සජබය බ්ලාස්ට් කරලා ඒ එන අය පාවිචිචි කරලා රනිල්ගේ කැම්පේන් එකේ සංවිධාන වැඩේ බේරගන්න.
ඒක නිසා වෙන්න ඇති එජාපය ආසන සංවිධායකයෝ පත්කරන්නේ නැත්තේ.එන අයටත් එන්න විවෘතව තියලා ඇති.එන අය ඔක්කොම කැම්පේන් එකේ දුවවන්න එහෙම කරනවා වෙන්න පුළුවන්.දැනට එජාපයේ පත් කරන්නේ කලාප සංවිධායකයෝ විතරයි.සජබ කණ්ඩායම දාලා සංවිධානය ව්යුහය ශක්තිමත් කරගන්න රනිල් හිතනවා වෙන්න පුළුවන්.රනිල්ගේ මූලිකත්වයෙන් හැදෙන සංධානයේ සංවිධාන යාන්ත්රණයකුත් හැදෙනවා.
හැබැයි මෙතනදී රනිල් මතක තියාගන්න ඕනි හතුරා මතවාදීව දුර්වල උනාට හතුරා සංවිධානමය වශයෙන් ශක්තිමත්.රනිල්ට මතයක් තිබුණට ඒ මතය සමාජගත වෙලා නෑ.හතුරාගේ බොරුව සමාජගත වෙන වේගය වැඩියි.මේ තියන network එකට අමතරව තවත් arm කීපයක් යොදා ගෙන ඒ වෙනුවෙන් මෙහෙයුමක් හදන්න වෙනවා.ආගමික සංස්ථාව අතරට,මධ්යස්ථ සමාජ ස්ථරයන් අතරට තවමත් රනිල්ගේ මතය ගිහින් නෑ.
ගමේ රනිල් ගැන සාකච්ඡාවක් තිබුණට ඒවා තවම ඡන්ද වෙලා නෑ. අවසන් මොහොතේ ඒවා ඡන්ද කරන එක ලේසිත් නෑ.සටන පෙරමුණු කීපයක කරන්න වෙනවා. අනුරලාත් මේ පාර තමන්ගේ ප්රතිවාදියාට පහර දෙන්න පෙරමුණු ගොඩක මෙහෙයුමක් හදනවා.ඒ මෙහෙමට කවුන්ට් කරන්න පුළුවන් මතවාදී සහ සංවිධාන මෙහෙයුමක් රනිල්ටත් තියෙන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *