|

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්

අපනයන සංවර්ධනය ඉලක්ක කරගත් නව බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළු බදු වර්ග රාශියක් ඉවත් කොට සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට එමගින් අපේක්ෂා කෙරෙයි.

පැරා ටැරිෆ් ලෙස හඳුන්වනු ලබන මෙම බදු මගින් බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වියදම ඉහළ යෑම නිසා ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී නොවන තත්ත්වයක් පවතින බැවින් අපනයන සංවර්ධනය සඳහා මෙම බදු ඉවත් කළ යුතු බව හඳුනාගෙන ඇත.

මුදල් අමාත්‍යංශයේ පසුගිය දා පැවති සාකච්ඡාවක දී අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම තොරතුරු හෙළි කොට තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *