|

අනුර – සජිත් වැඩවසම් විවාදය – රටේ රාළ

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය ගැන සමාජය ඇතුලේ ලොකු විවාදයක් ඇතිවෙලා.සජබෙන් කියන්නේ ඉස්සෙල්ලා සජබ ආර්ථික කවුන්සිලයයි,මාලිමාවේ ආර්ථික කවුන්සිලයයි අතර විවාදය තියන්න ඕනි කියලයි.ඊට පස්සේ සජිත් – අනුර විවාදය තියමු කියලා. මාලිමාවෙන් කියන්නේ සජිත් සහ අනුර අතර විවාදය ඉස්සෙල්ලා තියන්න ඕනි කියලයි.ඊට පස්සේ ඕනි නං ආර්ථික කවුන්සිල් දෙක අතර විවාදයක් කරමු කියලයි.
දෙගොල්ලොම කියන්නේ අපි තමයි ඉස්සෙල්ලා අභියෝගය කළේ ඒක හින්දා අපි කියන විදිහට කරන්න ඕනි කියලා.නලින් බණ්ඩාර කියන විදිහට එයා හත් පාරක් අභියෝග කරලත් මාලිමාව බාරගෙන නෑ. නලින්ට අනුව එයා තමයි ඉස්සෙල්ලා අභියෝගය කරලා තියෙන්නේ.ඒක හින්දා ඉස්සෙල්ලා ආර්ථික කවුන්සිල දෙක අතර විවාදය තියෙන්න ඕනිලු.අනුරගේ පැත්තෙන් ඒකට උත්තර බදින්නේ නලින්ද ජයතිස්ස.
නලින්ද කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 09 වෙනිදා ප්රසිද්ධ රූපවාහිනි වැඩසටහනකදී අනුර සජිත්ට විවාදයකට අභියෝග කළාලු.අනුර තමයි ඉස්සෙල්ලා අභියෝගය කළේ ඒක හින්දා ඉස්සෙල්ලා අනුර සජිත් විවාදය තියන්න ඕනිලු.දැන් මෙතන විවාදය යන්නේ ඉස්සෙල්ලා අභියෝග කළේ අපි කියලා කියාගන්න.ඊළගට මාලිමාව පැත්තෙන් කියන්නේ හර්ෂලා හෙට රනිල් ගාව ඉන්නත් පුළුවන්,ඒක නිසා සජබ ප්රතිපත්ති ගැන හර්ෂලා එක්ක විවාද කරලා වැඩක් නෑ කියලා.
එහෙම බැලුවොත් නං හෙට සජිත් උනත් රනිල් ළඟ ඉන්න බැරි නෑ. ඇත්තම කිව්වොත් සජිත්,හර්ෂ විතරයක් නෙවෙයි අනුර හිටියෙත් රනිල් ළඟ තමයි.අනුර හැමදාම මනසින් රනිල් ළඟ හිටපු කෙනෙක්. physically අනුර රනිල්ගෙන් වෙන්වෙලත් තවම වැඩි කාලයක් නෑ.මලික්ගෙන් ඇහූවොත් අනුර රනිල් ප්රේම වෘතාන්තය ගැන A to Z දැන ගන්න පුළුවන්.ඇත්තටම මේවා දෙපැත්තෙන්ම දාන ගොන් පාට්.මේ දෙගොල්ලොම විවාදයකට බයයි.දැන් මේ කරන්නේ සජබේ ඉන්න වහල්ලු සෙට් එකයි,
මාලිමාවේ ඉන්න ගිරාපෝතක සෙට් එකයි ප්රසිද්ධයේ හප්පන එක. වහල්ලුන්ට,ගිරා පෝතකයන්ට වගේම එයාලගේ නායකයන්ටත් තේරෙන්නේ නැති එක දෙයක් මෙතන තියනවා.ඒ තමයි දේශපාලනය කියන්නේ මතවාදී සටනක් කියන එක.අනික මේ දෙන්නම හෙට දවසේ රට බාරගන්න ඉන්න නායකයෝ දෙන්නෙක් කියලනේ කියන්නේ.රට බාරගන්න ඉන්න නායකයන්ගේ මට්ටම කොච්චර පහත් තැනකට වැටිලද කියලා සජිත්ගේ සහ අනුරගේ හැසිරීමෙන් පේනවා?
දෙන්නම හැසිරෙන්නේ හවස බීලා හන්දියේ කෑගන චොප්පෙලා දෙන්නෙක් වගේ.ගොලයොත් එහෙමයි.දෙන්නාම දෙපාරකට හන්දි ඇවිල්ලා ” අඩෝ මම තමයි ඉස්සෙල්ලා අභියෝග කළේ ” මට ඕනි විදිහට විවාදයට වරෙන් කියලා කෑගහනවා.ඒකටම හරියන්න වහල්ලු ටිකයි,ගිරා පෝතකයෝ ටිකයි කුණු හරපෙන් බුකියේ ඇරගන්නලා.සවිඥානිකව දේශපාලනය දිහා බලන ඕනි කෙනෙකුට දැන් මේ විවාද කතාව පුදුම කන්දොස් කිරියාවක් වෙලා තියෙන්නේ.
නියම පක්ෂ නායකයෙක් නම් මේ වගේ අවස්ථාවක් පාවිච්චි කරගන්නේ අනිකා පරාද කරනවාට වඩා තමන්ගේ ප්රතිපත්තිය රටට කියන්න.කවුරුවත් ඔතෙන්දී සජිත්ගෙයි,අනුරගෙයි බලු පොරයක් බලුපොරොත්තු වෙන්නේ නෑ.ආර්ථික කවුන්සිල දෙකේ බලු පොරයක් බලාපොරොත්තුව වෙන්නෙත් නෑ.හැබැයි සජිත් සහ සජිත්ගේ දේශපාලන වහල්ලු හිතන්නේ බලු පොරයක් ගැන,අනුර සහ ගිරාපෝතකයෝ හිතන්නෙත් බලු පොරයක් ගැන.
ඒක නිසා දෙන්නටම ඕනි දිනන්න. දෙන්නම පරදින්න බයයි.මේ වගේ විවාදයකදී ජය පැරදුම තිරණය කරන්න බෑ.වෙන්න ඕනි තමන්ගේ ආර්ථික ප්රතිපත්තිය ගැන රටට පිලිගත හැකි විග්රහක් කරන එකයි. එහෙම නැතිව අනුරයි, සජිතුයි හරි ආර්ථික කවුන්සිල් දෙක හරි විවාදයට එන්නේ කුණුහරප කියාගන්නවත් මරාගෙන මැරෙන්නවත් නෙවෙයි,සජිත් සහ අනුරලාගේ මැතිවරණ ආකෘතිවල සංවාද හැඩයක් නෑ.
ඒවායේ තියෙන්නේ අනුරලා, සජිත්ලා ගහන පම්පෝරි අහ හිටලා ගෙදර යන ක්රමයක්.ඊළඟට මාලිමාව කියන විදිහට සජිත්ගේ ආර්ථික ප්රතිපත්තිය කියන්න සජිත්ම එන්න ඕනි කියලා එකක් නෑ.රටක ජනධිපති කෙනෙක් කියන්නේ සියල්ල දන්න කෙනෙක් නෙවෙයි.එහෙම අය ලෝකේ කොයි රටකවත් නෑ.රට පාලනය කරන ජනාධිපතිවරයෙක් ඒ ඒ විෂයන් සම්බන්ධව විෂය ප්රවීණයන්ගෙන් උපදෙස් ගන්නවා.
ඒක නිසා තමන් දරන ආර්ථික ප්රතිපත්තිය සම්බන්ධව පැහැදිලි කරන්න අනුරම හරි සජිත්ම හරි එන්න ඕනි නෑ.නිකං හිතන්නකෝ සජිත් සහ අනුර අතර විවාදය කරන්නේ ඉංග්රීසියෙන් කියලා. එහෙම උනොත් සජිත් ආවත් අනුර එන්නේ නෑ.අනුරට එක්කෝ හරිනි හරි නිහාල් අබේසිංහ හරි එවන්න වෙනවා.හඳුන්නෙත්ති එන්නෙත් නෑ. රටේ රාළ කියන්නේ එයාලා නේන එකේ වැරැද්දක් නෑ.
මේ රටේ ජනතාවට දැනගන්න ඕනි අනුරගේ කටේ හයියවත්,සජිත්ගේ කටේ හයියවත් ගැන නෙවෙයි. සජිත්ගේ ඉංග්රීසි දැනුමද වැඩි අනුරගේ ඉංග්රිසි දැනුම වැඩියි කියන එකත් නෙවෙයි.මේ රට ගොඩනගන වඩාත්ම හොඳ ආර්ථික ප්රතිපත්තිය තියෙන්නේ කා ළඟද කියන එකයි. අනික ඒක තීරණය කරන්නේ ඒක නරඹන ජනතාව.
මේ විවාදය සම්බන්ධව කෙරෙන විවාදයේදී අනුර සහ සජිතුත් දෙන්නාම පෙන්නලා තියෙන්නේ ඒ දෙන්න ළඟ තියන හීනමානය.ඒ කියන්නේ දෙන්නම් පට්ට වැඩවසම්.ඒක තේරෙන්නේ නැතිව මෙයාලා පස්සෙන් ගිහින් රට හදන්න පුළුවන් කියලා හිතන්නේ ඊටත් වැඩිය වැඩවසම් බයියෝම තමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people, dais and text that says 'L VS 4'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *