|

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක මුදල් ඇමති වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බව එම පක්ෂය මෙතෙක් ප්‍රකාශ කරමින් සිටිය ද ඒ මහතා කපා හැර අනාගත මුදල් ඇමති ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉදිරියට ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙන් ම කබීර් හෂීම්, සහ ඉරාන් වික්‍රමරත්න මහත්වරුන් ද කොන් කිරීමට පක්ෂයේ නායකයට සම්බන්ධ පිරිස් ක්‍රියා කරමින් සිටින බව ද කියති.

පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමට කියා පසුගිය දා කොළඹ  ශන්ග්රිලා හෝටලයේ පැවැත් වූ සමගි බුද්ධි මණ්ඩපයේ හඳුන්වාදීමේ දේශනය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට පැවරීමට කටයුතු කළේ ද එම සැලැස්මේ කොටසක් ලෙස බව කියති.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *