|

ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ

May be an image of 4 people, people smiling and text that says 'Politics.lk'

මිට දවස් කීපයකට උඩදී ” ලන්සා නිහඩ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ලන්සාගේ නිහඩ බව රාජපක්ෂලාට වාසිදායකයි වගේම රනිල්ට අවාසිදායකයි කියලයි.ඒ ලිපිය ලියන අවස්ථාවේ ඇත්තටම ලන්සලාට තිබුණේ options දෙකයි.
ඒ වෙලාවේ ලන්සලාට තිබුණේ එක්කෝ තමන්ගේ අනන්යතාවයෙන් අලුත් ගමනක් පටන් ගන්න. නැත්තං රනිල් හදන සන්ධානයට සෙට් වෙන්න බලාගෙන රනිල් එක්ක සමාන්තර ගමනක් යන්න. හැබැයි දැන් නිර්මාණය වෙලා තියන අලුත් දේශපාලන තත්වය ඇතුලේ ලන්සලාට තව දොරවල් දෙකක් විවෘත වෙලා තියනවා. එකක් පොහොට්ටුව ඇතූලේ නිර්මාණය වෙමින් තියන රාජපක්ෂ – ප්රසන්න ගැටුමේ ප්රසන්න පාර්ශවයේ සහයක කණ්ඩායමක් වෙන්න.
ඊළඟට දැන් ශ්රිලනිපය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අර්බුදය හරියට කියවාගෙන කලින් ලන්සලා හදන්න හදපු සන්ධානය ආයෙත් හදන්න පුළුවන්ද කියලා ට්රයි එකක් දෙන්න. අලුත් උපක්රම දෙකෙන් ලන්සලා තෝරනවා ඇත්තේ මොන උපක්රමයද?රටේ රාළ මේ කියන උපක්රම දෙකෙන් ලන්සලාට කලින් තිබුණ options දෙක අහෝසි වෙන්නේ නෑ.ඒක නිසා ලන්සලාට දැන් options හතරක්ම තියනවා.
මේ options හතරෙන් ලන්සලා තෝරනවා ඇත්තේ මොකද්ද?සහ මේ options හතරෙන් ලන්සලාට වැඩිම වාසිදායක option එක මොකද්ද කියන ප්රශ්නයත් එනවා. රටේ නිර්මාණය වෙලා තියන දේශපාලන අර්බුදය හරියට කියවාගෙන ප්රතිචාර දක්වන කණ්ඩායම් සහ පුද්ගලයින් ගත්තතම ලන්සලා අනෙක් අයට සාපේක්ෂව යම් ඉදිරියකින් ඉන්නවා.මේ දේශපාලන අර්බුදය හරියටම කියවාගෙන ඉන්නේ රනිල්.රනිල්ගේ ප්රධාන ප්රතිවාදීන් දෙන්නා වන සජිත් සහ අනුර මේ අර්බුදය හරියට කියවගෙන නෑ.
අනුර සහ සජිත් හැම වෙලේම බලන්නේ ළඟ සහ කෙටි මාර්ග විතරයි.ඒක ඒ දෙන්නා සහ එයාලගේ ගෝලබාලයෝ මේ දවස්වල එයාලම යෝජනා කරගෙන අභියෝග කරගත්ත විවාදය මගාරින්න දෙන උත්සාහයෙන් පේනවා.ඇත්තටම ඒ දෙන්නා අතර විවාදයක් සිද්ධ උනත් ලකුණු වැටෙන්නේ අහක ඉන්න රනිල්ට. මොකද සජිත් නෙවෙයි සජිත්ගේ ආර්ථික කවුන්සිලය ආවත් එයාලා විවාද කරන්නේ රනිල්ගේ වැඩපිලිවෙල ගැන.අනුර ආවොත් අනුර හිර වෙනවා.අනුර සමාජවාදී ප්රතිපත්ති ගැන කතා කළොත් මාලිමා බලවේගය තරහා වෙනවා.
මාලිමාවේ ලිබරල් වැඩපිලිවෙල ගැන කතා කළොත් ජවිපෙ බලවේගය නැති වෙනවා.අනුර දැන් විවාදයට ආවොත් අනුරට වැඩි බරක් තියන්න වෙන්නේ හරිනි අමරසූරියගේ සහ නිහාල් අබේසිංහගේ ලිබරල් වැඩපිලිවෙලට.මොකද අනුර කියන්නේ දැන් සමාජවාදියෙක් නෙවෙයි.ඒ වගේම සමාජවාදී මූලධර්ම මත ඉදගෙන ප්රතිසංස්කරණ ඉල්ලන සමාජ ප්රජාතන්ත්රවාදියෙකුත් නෙවෙයි.
සමාජවාදී අර්ථයෙන් බැලුවොත් දැන් අනුර කියන්නේ දේශපාලන තක්කඩියෙක්.
අනුර කියන්නේ තනිකරම වැඩවසම් ලිබරල්වාදියෙක්.අනුරලා වගේම වමේ අනිත් බලවේගත් මේ අර්බුදය හරියට කියවාගෙන නෑ. එයාලා ලොකු මතවාදී දුප්පත්කමක ඉන්නවා.විමල්ලට,ගම්මන්පිලට මේ අර්බුදය කියවන්න තියා හිතාගන්නවත් බෑ,මෛත්රීට වෙලා තියෙන්නෙත් අර්බුදය කියවා ගැනීමේ නොහැකියාව.මේ අර්බුදය යම් තරමකට හලි හරියට කියවා ගන්න පුද්ගලයෝ කීපදෙනෙක් මේ දේශපාලන ධාරාවන් ඇතුලේ ඉන්න බව පේනවා.
රනිල් හැරුණාම ඒ හැකියාව තියන අය විදිහට රටේ රාළට දකින්නේ ලන්සාලා,පාඨළීලා,දුමින්දලා වගේ අය.දයාසිරිටත් ඒ හැකියාව නැත්තේම නෑ.හැබැයි ඒ අයගේ දේශපාලන උවමනාවන් එක්ක ගත්තම මේ කියවා ගැනීම් ට්රැක් පැන්න අවස්ථා ඕනි තරම් තියනවා. ලන්සලාට මේ වෙලාවේ මේ options හතරෙන් වඩාත් වාසිදායකම එක තෝරගන්න ඕනි.රටේ රාළ හිතන්නේ රාජපක්ෂලා සහ ප්රසන්නලා අතර යන ගැටුමේ කොටස්කාරයෙක් වෙනවට වඩා ලන්සලාට තියන හොඳම option එක වෙන්නේ ශ්රිලනිපය එක්ක හදන්න හදපු සන්ධානය ආයෙත් බලාත්මක කරන්න පුළුවන්ද කියලා උත්සහ කරන එකයි.
ඒ උත්සහය දරන්න ශ්රිලනිපය ඇතුලේ සිද්ධවෙමින් තියන අර්බුදය විසින් දොරක් ඇරලා දෙන්නත් පුළුවන්.ඒක නිසාම ලන්සලට මේ අප්රියෙල් මාසය ඉවසන්න වෙනවා. අප්රියෙල් 18 සහ අප්රියෙල් 24 කියන්නේ ශ්රිලනිපයට විතරක් නෙවෙයි ලන්සලාටත් ඉතා තීරණාත්මක දවස් දෙකක්.ඒ තීරණාත්මක බවට පදනම හැදෙන්නේ ඒ දවස් දෙකේ ලැබෙන අධිකරණ නියෝග අනුවයි.යම් විදිහකින් අධිකරණය මෛත්රීට සභාපති ධූරයේ කටයුතු කිරීමේ වාරණය තවදුරටත් දීර්ඝ කළොත් මෛත්රී පාර්ශවය බරපතල අර්බුදයකට යනවා.
ඒ වගේම චන්ද්රිකා අධිකරණය ඉදිරියේ ගොනු කරලා තියන තර්කය අධිකරණය පිලිගත්තොත් දුමින්දලාගේ පාර්ශවය ශ්රිලනිප ඇතුලේ බලය අල්ලන එක කාටවත් නවත්තන්න බෑ.ඒ කියන්නේ ශ්රිලනිප නායකයා ජනාධිපති විදිහට කටයුතු කරද්දී එයාට හිමිවෙන පක්ෂ සභාපතිත්වය ජනාධිපතිධූරය අහෝසිවීමත් එක්ක අනුශාසක ධූරයක් දක්වා මාරු වෙනවා කියන තර්කය අධිකරණය පිලිගත්තොත් මෛත්රීගේ chapter closes වෙන එක නතර කරන්න බෑ.
හැබැයි මෛත්රී පක්ෂ සභාපති විදිහට 2015 දී.2019 දී සහ 2021 දී ශ්රිලනිප විධායක සභාව විසින් පත්කරලා තියනවා.ඒවට දුමින්දලාත් අත උස්සලා තියනවා.ඒ තිරණය සම්බන්ධව වාර්තා මැතිවරණ කොමිසමටත් දීලා ඇති. එහෙම උනොත් මෙතන මෛත්රීටත් පොඩි චන්ස් එකක් තියනවා.ඒ වගේ වෙලාවක මැතිවරණ කොමිෂමේ තීරණයත් අධිකරණය විසින් සළකා බලයි.මේ මාසය ඇතුලත චන්ද්රිකාට වාසිදායක තීරණයක් හම්බ උනොත් ඒ කියන්නේ මෛත්රීගේ වාරණය දික් කළොත් හරි මෛත්රීට ශ්රිලනිප සභාපති ධූරය දරන්න බෑ කියන තිරණය ලැබුනොත් මේ දේශපාලන තත්වය ආයෙත් වෙනස් වෙනවා.
එහෙම උනොත් ලන්සලාට ශ්රිලනිපය එකතු කරගත්ත නව සන්ධානය හදන්න තිබුණ බාධාව ඉවත් වෙනවා.එතකොට පුටුව විදිහට හරි බුලත් කොළය විදිහට හරි අලුත් සන්ධානයක් හැදෙන්න පුළුවන්.ඒකට ශ්රිලනිපය,ලන්සලා විතරක් නෙවෙයි පාඨළීට, ෆොන්සේකාට උනත් එකතු වෙන්න පුළුවන්.
ලන්සලාට තියන options හතරෙන් හොඳම එක ඒක.ඒක වෙනුවෙන් ලන්සා අප්රියෙල් මාසය කැප කරලා බලානොරොත්තු සහගතව ඉන්න බව තමයි බැලු බැල්මට පේන්නේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *