පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

print sharing button
facebook sharing button

තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ  කීය.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට අපි තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතයත්  පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා බලලා තමයි තීරණ ගන්නේ. අපේ පක්ෂය ගොඩ නැගුනේ යම් අරමුණක් ඇතිවයි.

කාලානුරූපීව මේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින්  ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *