පක්ෂයේ ඇතැම් ජෙෂ්ටයන්ට කොදුඇට නැහැ – ප්‍රසන්න සොලන්ගආරච්චි

පසුගිය වකවානුවේදී බොහෝ දෙනෙක් ගේ අවධානය යෙමුවූ මැතිවරණ බලප‍්‍රදේශයකි කොලොන්නාව ආසනය. එයට හේතුව කොලොන්නාව විවිධ හැලහැප්පීම්වලට බඳුන්වූ ආසනයක් නිසාය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයෙකුවූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයවීම, ලංකාවටම කුඩු බෙදාහරින පාතාලයන්ගේ පාරාදීසයක් ලෙස කොලොන්නාව ආසනය හැඳින්වීම යන කරුණු එම ආසනය කෙරෙහි අවධානය යොමු වීමට හේතු විය. පසුගිය ජනාධිපතිවරණයේදී  කොලොන්නාව නිජබිම කරගත් පෙරළිකාර චරිත දෙකක්  පොදු අපේක්‍ෂක වේදිකාවට ගොඩවිණි. එක් අයෙක් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර වන අතර, අනෙක් තැනැත්තා කොලොන්නාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති, සමස්ත ලංකා ප‍්‍රාදේශීය සභාපතිවරුන්ගේ සංවිධානයේ සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චිය.
ජනාධිපතිවරණයේ දී එකට සටන් කළ මේ දෙදෙනා මහ මැතිවරණ වේදිකාවේ පිල් දෙකකය. ප‍්‍රසන්න සෝලංගආරච්චි නියෝජනය කරන්නේ ජනාධිපතිවරණයේ දී තමා විරුද්ධ ව කටයුතු කළ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පිලයි. පහත දැක්වෙන්නේ ඒ් පිළිබඳවත්, පැවැත්වෙන මහ මැතිවරණය පිළිබඳවත් ප‍්‍රසන්න සෝලංගආරච්චි සමඟ  කළ සාකච්චාවකි.
             
එළඹෙන මහ මැතිවරණයට තරඟ  කිරීමට අවස්ථාව ලබාගැනීමට බොහෝ දේශපාලඥයන් දැඩි උත්සාහයක් දැරුබව පැහැදිලියි. පළාත්සභාවල ඇමතිකම්, සභාපතිකම් දරණ ලද ඇතැම් දේශපාලඥයන්ටත් මෙවර මැතිවරණයට තර`ග කිරීමට නාමයෝජනා ලබාගැනීමට නොහැකි වුණා. ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරපු ඔබ මහ මැතිවරණයට තර`ග කරන්න අවස්ථාව ලබා ගන්නවා. මෙය ඔබේ දේශපාලන ගමන්මගේ බලාපොරොත්තු වූවාටත් කලින් ලැබුණු අවස්ථාවක් ද? ඔබේ දේශපාලන න්‍යායපත‍්‍රයේ ඉලක්කයක් සපුරාගැනීමක්ද?

මම දේශපාලන ගමන්මනේ කිසි කලබලයක් නැති මන්ස්සයෙක්. ලැබෙන දේ නිසි කලට, නිසි විලස ලැබෙන බව මම දන්නවා. මට ප‍්‍රාදේශීය දේශපාලනයේ මීට වඩා ඉදිරියට යන්න ගමනක් නැහැ. මම පළාත් සභා ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කරන කෙනෙක්. මම කවදාවත් පළාත් සභාවකට තර`ග කරන්නේ නැහැ. මගේ ඉලක්කය වී තිබුණේ මහ මැතිවරණයයි.

බෞද්ධයෙක් උනොත් බුද්ධගයාව වඳින්න  ඕනෑ. කතෝලිකයෙක් වුණොත් ජේරුසුලමේ යන්න  ඕන. මුස්ලිස් බැතිමතෙක් වුණොත් මක්කම යන්න  ඕනෑ. දේශපාලඥයෙක් නම් දියවන්නාව තරණය කර පාර්ලිමේන්තු යන්න  ඕනෑ. මට කිසිම තර`ගකාරීත්වයක් නැතිව එම අවස්ථාව ලැබුණා. මම පක්‍ෂයේ නායක ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙක්. එයත් එක හේතුවක් වෙන්න ඇති මට අපේක්‍ෂකත්වය ලැබෙන්න.

ඔබට අපේක්‍ෂකත්වය පමණක් නොවෙයි අවිසාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ සංවිධායක පදවිය ලැබෙනවා. ඔබ කොලොන්නාවේ. සංවිධායක තනතුර අවිසාවේල්ලේ. ඇයි ඔබට කොලොන්නාව ආසන සංවිධායක කම නොලැබුණේ?

මේ ආසන දෙකම තියෙන්නේ කැළණිමිටියාවතේ. කලකට ඉහත කොලොන්නාව, අවිසාවේල්ල එක ආසනයක්. පසුව දෙකට කැඩෙනවා. මට මගේ අල්ලපු ආසනය ලැබුණා කියලා ගැටළුවක් නෑ. මම ආසන දෙකටම සේවය කරනවා. ඒ විතරක් නෙමේ මෙවරත් ඡුන්දය දිස්ත‍්‍රික් මනාප පදනම මතයි සිදුවෙන්නේ. මම කොළඹ දිස්ත‍්‍රික්කයේ කාටත් එකහා සමානව සේවය කරනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ හිටියේ මහින්ද විරෝධි පිලේ, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ. ඔබලා මහින්ද රාජපක්‍ෂට විරුද්ධව දැඩි අරගලයක් ගෙනගියා. ඔහුට දූෂණ චෝදනා එල්ල කළා. දැන් ඔබ ඉන්නේ මහින්ද රාජපක්‍ෂ අගමැති කරවීමට උත්සාහ කරන කණ්ඩායමේ. මොකක්ද මේ හදිසි වෙනස?

චරිත එක්ක, නම් එක්ක මට ප‍්‍රශ්නයක් නැහැ. මම දේශපාලනය කරන්නේ ප‍්‍රතිපත්ති එක්ක. මම හිරිමල් වහසේදි 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගට වැඩ කළා. ඇය දෙවන වතාවේ තර`ග වදිනවිට මම වඩාත් කි‍්‍රයාකාරීව වැඩ කළා. එවර ඇය ජයග‍්‍රහණය කෙරුවේ තරමක් අපහසුවෙන්. පියාගේ හා මවගේ දේශපාලන පසුබිමත්,  සැමියා විජය කුමාරණතුංගගේ ජනප‍්‍රියත්වයත් බලපෑ නිසා පළමුවර පහසුවෙන් ජයග‍්‍රහණය කළා. දෙවනවතාවේ ජයග‍්‍රහණයට ටවුන් හෝල් බෝම්බයෙන් ඇසක් අහිමිවීම වැනි හේතු බලපෑවා. ඊළ`ගට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට වැඩකළා. එතුමා දිණුවා පළමුවෙනි වතාවේ ජයග‍්‍රහණය කරලා යුද්ධය නතර කළා. දෙවෙනි වතාවේ එතුමාට තිබුණේ යුද්ධයෙන් බැටකාපු ජනතාවට සහන සලසා දෙන්න. එහෙත් එහෙම සිද්ධ වුනේ නැහැ. පවුල් පාලනයකට රට ඇදිලා ගියා. සදාකාලිකව බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කර ගත්තා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරුවේ නෑ. මේ තත්ත්වය තිබියදී පොදු අපේක්‍ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වුණා. එතනදි මම තෝරගන්නේ මෛත‍්‍රී පිල. මම පිට කොන්ද කෙළින් තියාගෙන මෛත‍්‍රී පිලට සහයෝගය දුන්නා. අදත් මම ඉන්නේ පක්‍ෂයේ සභාපතිතුමා සම`ග.

දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගෙන් ඔබට කැපිලි කෙටිලි තියෙනවද? එය ඡුන්ද සටනෙදි බලපාන්නේ කොහොමද?

පැහැදිලිවම තියනවා. ප‍්‍රවීනයෝ බයයි අලූත් අය එනවට. මම නම් හිතන්නේ අපි හැමෝම එක්සත් ජාතික සංධානයේ කණ්ඩායමක් කියලා. ඒත් එයාලා එහෙම නෑ. එයාට මාර්කට් කරන්න දෙයක් නැහැ. එයාලා උත්සාහ කරන්නේ ඔය පිල් බෙදීම ඉස්සරහට දාලා මාර්කට් වෙන්න. එයාලා ප‍්‍රතිපත්ති ගැන කතා කරන්නේ නැහැ. එයාලා බලන්නේ අනුන්ගේ පානෙන් එළිය බලන්න.
ජේෂ්ඨයෝ මට වඩා උගත්, බුද්ධිමත් වෙන්න පුලූවන්. මම ඒකට ගරු කරනවා. ඒ අය පක්‍ෂය වෙනුවෙන් කළ දේවල්වලටත් ගරු කරනවා.  ඒත් මම කණගාටුවෙනවා එයාලා අද වැටිලා තියෙන තත්ත්වය ගැන. එයාලා වැඩ කරන්නේ කශේරුකාවක් නෑ වගේ. වෛදය   පරීක්‍ෂණයක් තියලා පරීක්‍ෂා කරන්න සිද්ධවෙනවා ඒ ගැන. එයාලා ප‍්‍රසිද්ධ වේදිකාවේ, මාධ්‍ය ඉස්සරහදි කියන්නේ එකක්. එහෙත් මැතිවරණ සටනෙදි කරන්නේ තවත් එකක්. එයාලා ඇක්ට් කරන්නේ දවල් මිගෙල් ? දනියෙල් බයිස්කෝප් එක.
ප‍්‍රවීනයෝ නීල් අම්ස්ටෝන්ලා, එඞ්වින්  ඕල්ඩි‍්‍රන්ලා, මයිකල් කොලින්ලා නම් මම ලයිකා බැල්ලි වගේ. හැබැයි මතක තියාගන්න  ඕනෑ ලයිකා බැල්ලී අභ්‍යවකාශගත කරලා සාර්ථක වුණ හින්දා තමයි අනිත් අයට හඳට යන්න අවස්ථාව ලැබුණේ කියලා.

ඔබත්, ඔබේ සටන් සහෝදරිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රත් ජනාධිපතිවරණ සටනෙදි හිටියේ එකම වේදිකාවක. දෙන්නටම තිබුණේ එකම සටන්පාඨ. බොහොම කෙටි කාලකදී දෙන්නා පිල් දෙකක. ඔය දෙන්නාගෙන් කවුරුහරි කෙනෙක් ප‍්‍රතිපත්ති වෙනස් කරලා තියෙන්න  ඕනෑ. සටන පාවාලා දෙන්න  ඕනෑ. කවුද එහෙම කළේ.

මම කාගැනවත් කියන්න යන්නෑ. හිරුණිකා ගැන අහන්න  ඕනෑ එයාගෙන්. මමට සහතිකයි මම සටන පාවා දුන්නේ නෑ. මම අදත් කියන්නේ එදා සටන් පාඨමයි. මම අදත් ඉන්නේ එදා හිටිය සටනෙමයි දූෂණය, භීෂණය නැති කළයුතුයි. පවුල්වාදය තුරන් කළ යුතුයි. වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි.

මම කෙළින්ම අහන්නම්, ඔබ ජයග‍්‍රහණය කරනවද?

ඔව්. අනිවාර්යෙන්ම මම දිනනවා.

හොඳයි, ඔබ ලබාගන්නා ස්ථානය ගැන ඔබට යම් අදහසක්, අරමුණක් තියනවද? ඔබ කොපමණ ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නවාද?

ඔව්. මම පළවෙනි පස්දෙනා අතරට එනවා. මම ඡුන්ද 82.000 ක් ඉක්මවා ලබා ගන්නවා.
60 පැන්න වයෝවෘද්ධ අයටත් ඉඩක් තියනවා වගේම, ඊට වැඩිය වැඩි ඉඩක් තරුණයන්ට තියනවා. මෙවර කොළඹින් තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඒ අය අතරින් මම ඉදිරියෙන් ඉන්නවා. පහුගිය මැතිවරණවල ඡුන්ද පොළ හැසිරීම බලපුවාම අලූත් මුහුණුවලට ජනතා ආකර්ෂණයක් තිබුණ බව පැහැදිලියි. ඒ අවස්ථාව මටත් ලැබෙනවා.

අපි හිතමු, එක්සත් ජාතික පෙරමුණ මෙම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනවා කියලා. ඔබත් පාර්ලිමේන්තුවට තේරීපත්වෙනවා. එා.ජා.පෙ. ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් කතා කරනවා. ඔබට ඇමතිකමක් දෙන්න කතා කෙරුවොත් ඔබ රජයට එකතු වෙනවද?

කොහෙත්ම නැහැ. මම සදාකාලිකව ඉන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. කිසිම හේතුවක් නිසා මම පක්‍ෂය දාලා යන්නේ නෑ. අනික වෙන පක්‍ෂයකට ගියොත් මම මුල ඉඳලා හැදෙන්න  ඕනෑ. මම මේ  පක්‍ෂයේ දැනට ලබාගෙන තියෙන ස්ථාවරය දාලා මම කොහොමවත් වෙන පක්‍ෂයකට යන්නේ නෑ.

මෙම මැතිවරණයේ, ඔබේ ප‍්‍රචාරක ව්‍යාපාරයෙදී ඔබ ඔබව හඳුන්වා ගන්නේ ‘කොළඹ හදයා’ කියලා. මොකක්ද එයින් අදහස් කරන්නේ?
එයින් මම අදහස් කෙරුවේ කොළඹ ජීවත් වෙන තරුණයාගේ සිට මහල්ලා දක්වා, කුලී කරුවාගේ සිට උසස්ම රැුකියාව කරන පුද්ගලයා දක්වා සෑම මනුස්සයෙකුගේම හද ගැස්ම හඳුනන, මුළු කොළඹ දන්න කියන කෙනෙක් නිසා. ‘කොළඹ හදයා’ කියලා හඳුන්වනවා. කොළඹට ගැලපෙන මනුස්සකම මා ළ`ග තියෙනවා.

මෙවර මැතිවරණ ව්‍යාපාරය ඉතාම සාමකාමියි කියලා බොහෝ දෙනෙක් කියනවා. සමහරු කියනවා එංගලන්තේ මැතිවරණයක් වගේ කියලා. මොකක්ද ඔබ මේ ගැන හිතන්නේ.

මෙම මැතිවරණයේ වෙනදා තරම් මැතිවරණ දූෂණ නැහැ. ප‍්‍රචණ්ඩත්වය නැහැ. ඒකත් අපි ගෙනාපු යහ පාලනයේ ප‍්‍රතිපලයක්. මැතිවරණ කොමසාරිස් වරයා ඍජු අවංක පුද්ගලයෙක්. ඔහු වැඩ කරන්නේ නීතියට. බලපෑම්වලට යටත් වෙන්නේ නැහැ. ඒ වගේම රජයත්, ගරු ජනාධිපති තුමාත් නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිදහස දීලා තියෙනවා. බලපෑම් කරන්නේ නැහැ.

ඔබේ ඉදිරි දැක්ම මොකක්ද? ඔබ ජයග‍්‍රණයෙන් පස්සේ අරමුණු කරන්නේ කුමක් කරන්නද?

මගේ දැක්මේ වෙනසක් නැහැ. ජනාධිපතිවරණය සඳහා කැපවෙලා එය ජයග‍්‍රහණය කෙරුවේ යහ පාලනයක් ගෙන යන්නයි. ඉදිරියටත් යහපාලනය අවශ්‍යයි. රටම තියෙන්නේ ප‍්‍රශ්න ගොඩක. ඒ ප‍්‍රශ්න වහාම විසඳිය යුතුයි. කොළඹ රැුකියා ප‍්‍රශ්න, නිවාස ප‍්‍රශ්න, පරිසර ප‍්‍රශ්න උග‍්‍රවෙලා මේවා වහාම විසඳිය යුතුයි. ඒවා විසඳීමට හැකි ප‍්‍රශ්න. සියලූ වාද විවාද, පක්‍ෂ පැත්තකින් තබා රට දියුණුව කළ යුතුයි. ඒ සඳහා අවංකව කැප වෙන, තරුණ ජවයකින් යුත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත යුතුයි.

සාකච්චා කළේ  මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *