කාලෝට මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිටයි – සමන් රත්නප්‍රිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලෝ ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිට යැයි ද ඊට අදාළ තොරතුරු සියල්ල තම සංවිධානය සතු යැයි ද එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කොළඹ දී අද  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 

සයිටම් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් කාලෝ ෆොන්සේකා මහතා වහාම වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් විය යුතු යැයි ද එසේ නොවන්නේ නම් සෞඛ්‍ය ඇමැති ධූරයේ බලතල පාවිච්චි කරන්නට රාජිත සේනාරත්න මහතා කටයුතු කළ යුතු යැයි ද අධ්‍යාපනයේ නිදහස උදෙසා වූ ජාතික ව්‍යාපාරය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *