slpa
|

ශ්‍රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ

May be an image of text that says 'ශ්‍රී ලංකා නිදහස් පස්ෂය ஸரீ லங்கா சுதந்திரக் கட்சி Sri Lanka Freedom Party'
” ශ්රිලනිපය තුල අනීතික මෙහෙයුමක් ” ලිපියෙන් රටේ රාළ කිව්වා වගේම මේ වෙනකොටත් ඩාලි පාරේ ශ්රිලනිප පක්ෂ මූලස්ථානයට දැවැන්තම පොලිස් ආරක්ෂාවක් දීලා තියනවා.ඒ වගේම ශ්රිලනිප මූලස්ථානයට කිසිකෙනෙකුටවත් ඇතුළු වෙන්න එපා කියලා පොලිසියෙන් දැනුම් දීලා.
ඒකට හේතු වෙලා තියෙන්නේ ශ්රිලනිප මූලස්ථානයේ තිබුණ ලිපිගොනු ප්රමාණයක් අතුරුදහන් වෙලා කියලා ශ්රිලනිප වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත කරලා තියන පැමිණිල්ල සහ අද උදේ ශ්රිලනිප මූලස්ථානයට හේතු රහිතව ආසන සහ දිස්ත්රික් සංවිධායකයන් කැදවීම වෙන්න ඕනි.රටේ රාළ ඊයේ කිව්වේ අනීතික වැඩවලින් වෙන්නේ මෛත්රී තවත් හිරවෙන එක විතරයි කියලා.
තවමත් මෛත්රීට උපදෙස් දෙන කේවට්ටයෝ කරන්නේ මේ අර්බුදය විසදුමක් නොඑන තැනකට තල්ලු කරන එකයි.ඇත්තටම ඒ කේවට්ටයින්ගේ පැවැත්ම තියෙන්නේ මේ අර්බුදය ඇතුලේම තමයි.ජනාධිපතිවරණය කට උඩ තියාගෙන ගිය 30 වෙනිදා මෛත්රී ශ්රිලනිපය ඇතුලේ පත්තු කරපු බෝම්බයේ බරපතලකම මෛත්රීට තේරෙන්න නැතිව ඇති.
ඇත්තටම මෛත්රීපාල 22 පත්තු කරපු දේශපාලන බෝම්බයත් මීට දෙවෙනි නැති එකක්.රටේ රාළගේ උපකල්පනය අනුව මෛත්රී වගේම රාජපක්ෂලාත් බෝම්බයෙන් ලොකු අමාරුවක වැටෙනවා. සමහරවිට දෙපැත්තටම හරි නැත්තං දෙපැත්තෙන් එක පැත්තකට හැරි ආණ්ඩුවේ බෝඩිමක නතර වෙන්න වෙනවා.දැනට ශ්රිලනිපය ඇතුලේ උද්ගතවෙලා තියන තත්වය බැලුවහම ඔයාට පේනවා ඇත්තේ පාර්ශව දෙකක් අතර සටනක් විදිහට වෙන්න පුළුවන්.
රටේ රාළ කියන්නේ මෙතන පාර්ශව තුනක් ඉන්නවා.පාර්ශව දෙකක් ශ්රිලනිපය ඇතුලේ ඉන්නවා.තව පාර්ශවයක් එලියේ ඉන්නවා. පාර්ශව තුනක් ශ්රිලනිපයේ බලය අල්ලන්න කරන මෙහෙයුම් තුනක් තමයි මේ ක්රියාත්මක වෙන්නේ.ඒ පාර්ශව තුන සහ පාර්ශව තුනේ අරමුණු ඉතාම පැහැදිලියි.මෛත්රී ඇතුළු කණ්ඩායම එක පාර්ශවයක්. දුමින්ද,අමරවීර, ලසන්ත ඇතුළු කණ්ඩායම තව එකක්.
ඊළඟට එළියේ ඉන්න දයාසිරි සහ හෙලිකොප්ටර් කණ්ඩායම තව එකක්.මෙතනදී මෛත්රීගේ බලය රැකගන්න උත්සහ කරන කණ්ඩායමේ උත්සාහය විජේදාස රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කරන්න.කොහොම උනත් මෛත්රී විජේදාස ගෙනාපු විදිහේ ප්රශ්නයක් තියනවා. ඒකෙන් විජේදාසට අපේක්ෂකකම එපා උනාද දන්නෙත් නෑ.කොහොම උනත් විජේදාසගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්න නං ශ්රිලනිප බලය මෛත්රී අත තියෙන්න ඕනි.
ඊළඟට දුමින්දලාගේ කණ්ඩායම උත්සහ කරන්නේ චන්ද්රිකා මුල් කරගෙන ආයෙත් පොදුජන එක්සත් පෙරමුණු සන්ධානය හදන්න.ඒ උත්සාහය මෛත්රී තියාගෙනත් එයාලා දැරුවා. කොහොම උනත් එතන ප්රශ්නය උනේ ඒ සන්ධානයේ හැදෙන නායකත්ව මණ්ඩලයට මෛත්රීව ගන්න අනිත් පක්ෂවල අය කැමති නොවීමයි.ඒක නිසා ඒ සන්ධාන උත්සාහය වැඩිදුර ගියේ නෑ.
දුමින්දලා ශ්රිලනිප බලය ගත්තොත් ඒ සන්ධානය පිහිටවන්න තියන බාධාව විදිහට එයාලා සලකන මෛත්රී එතනින් අයින් වෙනවා.ඊට පස්සේ පොදුජන පෙරමුණේ මන්ත්රීලා පිරිසකුත් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයේදී රනිල් එක්ක සන්ධානගත වීම තමයි එයාලගේ උත්සාහය.මෙතනදී මෛත්රී පාර්ශවයෙන් මතු කරන්නේ ඒ විරෝධය.හැබැයි රනිල්ට විරුද්ධ වෙන මෛත්රී ජනාධිපති කරන්න හදන්නේ රනිල්ගේ කැබිනට් එකේ ඉන්න විජේදාස.
මෙතනදී දුමින්දලා චන්ද්රිකා මුල්කරගෙන හදන සන්ධානය රාජපක්ෂ විරෝධී එකක් වෙන එක නවත්තන්න බෑ.රාජපක්ෂලා ගැන ලන්සලා මතුකරන ප්රති විරෝධය තවත් ප්රභල වෙලා රනිල්ට ඉදිරිපත් වෙන එක නතර කරන්නත් බෑ. ඊළඟට දයාසිරි ශ්රිලනිපෙන් එලියේ හිටියත් දයාසිරි තවම ශ්රිලනිප සාමාජිකයෙක්.ඒ වගේම දයාසිරිට ශ්රිලනිප ඇතුලේ තවමත් ලොකු සම්බන්ධකම් තියනවා.
කවුද කියන එක කීම පවාදීමක් නිසා රටේ රාළ ඒක කියන්නේ නෑ.දයාසිරි හෞතිකව ශ්රිලනිපය ඇතුලේ නොහිටියට දයාසිරිත් ශ්රිලනිපය ඇතුලේ නෑ කියන්න බෑ.අදත් දයාසිරි ඩාලි පාරට ඇවිත් ගියා.පහුගිය දවසක මෛත්රී සහ දයාසිරි අතර සාකච්ඡාවක් තිබුණ බවත් රහසක් නෙවෙයි. මෛත්රී දයාසිරිට වෙන තනතුරක් දෙන්න කතා කරලා තිබ්බා.හැබැයි ඒ සාකච්ඡාව සිද්ධ වෙලා තියෙන්නේ 30 මෛත්රී ගහපු බෝම්බයට ඉස්සෙල්ලා.
ඒ කියන්නේ තිහ බෝම්බය මෛත්රී ගහන්නේ සැලැස්මකට අනුව.කොහොමත් දයාසිරි සන්ධානයක් හදාගෙන කල් යල් බලමින් ඉන්න බව ඕනි දේශපාලන බබෙකුට තේරෙනවා.පහුගිය දවසක ගම්මන්පිල දයාසිරිට කිව්වේ මෛත්රී හිරේ යනවා ඊට පස්සේ ඩාලි පාරට ගිහින් පක්ෂ නායකත්වය බාරගන්න ලෑස්තිවෙලා ඉන්න කියලයි.ගම්මන්පිලගේ ඒ කතාවේ ලොකු දේශපාලන ගැඹුරක් තියනවා.
ඒ කියන්නේ ගම්මන්පිලලා හිතාගෙන ඉන්නේ දයාසිරි ශ්රිලනිපයේ බලය ඇල්ලුවොත් එයාලට විකල්ප සන්ධානයයක් හදලා දැනට එයාලා පත්වෙලා තියන දේශපාලන අනාතභාවයෙන් මිදෙන්න.විමල් ඇතුළු සමස්ථ උත්තර ලංකා එකම හිතන්නේ එහෙම.දයාසිරිට මහ ලේකම් ධූරය ගන්න දොරක් මේකෙන් ඇරෙන්න පුළුවන් කියලා කාට හරි හිතන්න පුලුවන්.ඒත් රටේ රාළ එහෙම වෙයි කියලා හිතන්නේ නෑ.හැබැයි දැන් නිර්මාණය වෙලා තියන දේශපාලන ගැටුමට අනුව දුමින්දලාට ගහන්න මෛත්රී සහ දයාසිරි කඳවුර එකතු වෙන්න බැරි නෑ.
මොකද දැන් එයාලා අතර ප්රතිවිරෝධය මූලික එකක් නෙවෙයි.දැන් ඒ දෙගොල්ලන්ටම තියන මූලික ප්රතිවිරෝධය වෙන්නේ චන්ද්රිකාලා – දුමින්දලා බලය අල්ලන එකයි.ඉස්සෙල්ලා ඒක බේර ගන්න එයාලා ට්රයි කරයි.ඒ වගේම චන්ද්රිකාගේ නායකත්වය යටතට ශ්රිලනිපය යනවාට රාජපක්ෂලා කීයටවත් කැමති වෙන්නේ නෑ.
මොකද චන්ද්රිකා ආයෙත් රාජපක්ෂ විරෝධය උඩට ගන්නවා.මේ තත්වය යටතේ තමයි දැන් ශ්රිලනිපය තියෙන්නේ.ඒක නිසා දැන් ඇත්ත ශ්රිලනිප සාමාජිකයෝ බලන්න ඕනි මේ options තුනෙන් කොයි එකද තෝරන්නේ කියලා.කොයි එකද ශ්රිලනිප ගමනට වඩා වාසි සහගත කියලා.එහෙම නැතිව බොරුවට නම්වලට හදලා තියන විරෝධයන් උස්සගෙන කඩේ යන එක නෙවෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of text that says 'ශ්‍රී ලංකා නිදහස් පස්ෂය ஸரீ லங்கா சுதந்திரக் கட்சி Sri Lanka Freedom Party'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *