|

විවාදයට මාතෘකාවක් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..
මචං විවාදය ගැන හොයලා බැලුවද?ඉස්සෙල්ලා විවාද කණ්ඩායම් දෙක සුදානම්ද කියලා බලපං.දුරකතන ටීම් එකේ නායක සජී සූදානම් කියනවා නේද?මාලිමා ටීම් එකේ නායක ලප කුමාරත් ලැස්තියි කියලයි කියනේ.
දුරකතනේ හර්ෂ,එරා සහ කබී ඕකේ.මාලිමාවේ සුදුහඳුනුයි,සීතයි, අනිත් හාදයයි ටිකක් පස්ස ගහනවා.අවුලක් නෑ ඒක කියලා හදාගන්න පුළුවන්.මචං ඔය විවාද දෙකම එක දවසේ තියයන්න බැරිද?
ඇයි බං presidential එකයි General එකයි එක දවසේ තියන්න පුළුවන් නං මේ දෙක එකට තියන්න බැරිද?
එතකොට මචං මීඩියා කවරේජ් එක ලෑස්තිද කියලා බැලුවද?මීඩියා නං වැහි වැහැලා හිටී.මාතෘකාව ඕකේද කියලා බැලුවද?
මචං ප්රශ්නයක් ආවොත් එන්නේ ඔතන.දැනට දාලා තියන මාතෘකාව රටේ ආර්ථිකය ගොඩනැගීමනේ.
මචං ඔය මාතෘකාවක් දාලා වැඩක් වෙයිද?ඒ වගේ වාදයක් කරන්න නං දෙගොල්ලන්ටම ආර්ථිකය ගොඩනගන වැඩපිලිවෙලක් තියෙන්න එපායෑ.
ලපයලට එහෙම එකක් නෑ. ඔක්කොම තියෙන්නේ ඇහින්දාස් තර්ක.එදා වේල ටුවර් එකක් තමයි ඔතන දුවන්න වෙන්නේ.එහෙම මොකටද මචං විවාද කරලා.සජීගේ ටීම් එකට තියෙන්නේ හාමුගේ ආර්ථිකය වැඩපිලිවෙල.
අනුන්ගේ වැඩපිලිවෙලක් ගැන විවාද කරන්න මේ හාදයෝ එන්නේ මොකටද?ඒකට හාමුගේ මුලිකත්වයෙන් ටීම් එකක් එවන්න කියලා කියපං.
මචං එයාලා කැමති වෙන මාතෘකා නැද්ද?
ලපයලා කැමතියි හොරු ඇල්ලීම වගේ මාතෘකාවකට.සජීයා කැමති සක්වල ගැන කතා කරන්න.
මචං සමාජවාදය වගේ මාතෘකාවක් ගන්න සජියා කැමති වෙයිද?
සමාජවාදය ගැන කතා කරන්න සජි එක පයින් කැමතියි.එත් සමාජවාදය ගැන කතා කරන්න ලපයලා කැමති නෑ.ඇයි බං සමාජවාදය ගැන කතා කරන්න දෙයක් ලපයලා ඉතුරු කරලා නෑනේ.
රටේ ජනතාව නං බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය ප්රශ්නය ගැන කතා කරන මාතෘකාවක්. හරි මචං අස්පට් ෂූටිං නියම මාතෘකාවක් දෙන්නම්.දෙපැත්තටම සාධාරණ මාතෘකාවක්.ආර්ථිකේ ගැන.
” රට බංකොලොත් උන වෙලාවේ රට බාරගන්නේ නැතිව පැනලා ගියේ ඇයි”
ඒ මාතෘකාව දෙපැත්තටම අදාලයි. ඒක මරු නේද?
අස්පට් ෂූටිං
May be an illustration

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *